Monday, 6 April 2026

Stop World War


 


Throughout history, wars have shaped the destiny of nations, but they have also brought unimaginable suffering to humanity. From the devastation of the World War I to the catastrophic destruction of the World War II, the world has repeatedly witnessed the tragic consequences of global conflict. Today, as tensions continue to arise in different parts of the world, the idea of another world war is not just a distant fear but a serious concern. Preventing such a catastrophe has become one of humanity’s most urgent responsibilities.

War destroys far more than cities and infrastructure. It shatters families, cultures, and generations. Millions of innocent civilians become victims of violence, displacement, and poverty. The world saw this clearly when the atomic bombs were dropped on Hiroshima and Nagasaki in 1945, events that remain painful reminders of the destructive power humans possess. In a modern world armed with even more advanced technology and nuclear weapons, another global war could lead to consequences far worse than anything experienced before.

One of the most important tools for preventing global conflict is diplomacy. International organizations such as the United Nations were created specifically to promote dialogue, cooperation, and peaceful conflict resolution between countries. Through negotiation, mediation, and international law, nations have the ability to resolve disputes without resorting to violence.

Education and communication also play a crucial role in maintaining peace. When people understand different cultures, beliefs, and perspectives, it becomes easier to replace hatred with empathy. Media, education systems, and social communication platforms have the power to promote peace narratives instead of conflict-driven messages. In a world connected by technology, spreading awareness about peace and cooperation is more possible than ever.

Another important step toward preventing world war is reducing the arms race. Countries spend enormous amounts of money on military expansion and weapons development. If even a fraction of these resources were invested in healthcare, education, environmental protection, and poverty reduction, the world could become far more stable and prosperous. Peace is not only the absence of war; it is the presence of justice, equality, and opportunity.

Young people in particular have a powerful role in shaping a peaceful future. Through activism, education, and global collaboration, the younger generation can challenge war narratives and promote understanding across borders. When youth demand peace from leaders and governments, they help create a global culture that values cooperation over conflict.

Stopping a world war is not solely the responsibility of governments or international organizations. It is a collective responsibility shared by individuals, communities, and nations. By choosing dialogue instead of violence, understanding instead of hatred, and cooperation instead of competition, humanity can prevent another devastating global conflict.

The world has already paid a heavy price for war. The lessons of history remind us that peace is not automatic; it must be protected and actively built every day. Only through unity, compassion, and responsible leadership can humanity ensure that future generations inherit a world defined not by war, but by peace.


Navoda Handaragama


Thursday, 26 February 2026

 



Education is one of the most powerful tools a person can have. It shapes the way we think, helps us understand the world, and gives us the skills needed to build a better future. The value of education goes far beyond textbooks and classrooms—it influences personal growth, career opportunities, and the progress of society as a whole.

First, education develops knowledge and critical thinking. When people learn subjects such as mathematics, science, literature, and history, they also learn how to analyze information, solve problems, and make informed decisions. Education teaches individuals not just what to think, but how to think. This ability is essential in everyday life, from managing finances to understanding social issues.

Second, education opens doors to better career opportunities. In today’s competitive world, many jobs require specialized skills and qualifications. A good education increases the chances of finding stable employment and earning a higher income. It also builds confidence, communication skills, and adaptability—qualities that employers value highly.

Moreover, education plays a key role in building strong communities and nations. Educated citizens are more likely to participate in civic activities, respect diversity, and contribute positively to society. Education promotes equality by giving people from different backgrounds the chance to improve their lives.

Education is not just about earning a degree; it is about gaining the knowledge, skills, and values needed to lead a meaningful life. By investing in education, individuals and societies invest in a brighter, more prosperous future.


H.K.S.N.Handaragama

Saturday, 3 January 2026

ජාත්‍යන්තර බ්‍රේල් දිනය- International braille day




සෑම වසරකම ජනවාරි මස හතරවන දින ජාත්‍යන්තර බ්‍රේල් දිනය සමරනු ලැබේ.2018 වර්ෂයේ නොවැම්බර් මාසයේදී මුල් මුල්වරට බ්‍රේල් දිනය ප්‍රකාශයට පත්කොට ඇත. බ්‍රේල් ක්‍රමය සොයාගත් ලුවි බ්‍රේල් ගේ උපන්දිනේ යෙදී තිබෙන හෙයින් ජනවාරි හතර බ්‍රේල් දිනය නමින් නම් කරන ලදී. වර්ෂ 1809 දී උපත ලද ලුවි බ්‍රේල් උපතින්ම දෘශ්‍යාබාධිත පුද්ගලයෙකු නොවේ.නමුත් ඔහුට වයස අවුරුදු තුනේදී පමණ සිදුවූ අනතුරකින් එක් ඇසක් අන්ධභාවයට පත්විය.පසුකාලීනව සිම්පතටික් ඔප්තැල්මියා නම් රෝගී තත්ත්වය හේතුවෙන් ඔහුගේ අනිත් ඇසද අන්ධභාවයට පත්විය. හෙතෙම වයසින් වැඩෙත්ම අන්ධ දරුවන් උදෙසා අධ්‍යාපනය ලබා දෙන පාසලකට ඇතුළත් කරන ලදී.එම පාසලේදී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට පුංචි ලූවී බ්‍රේල් සමත් විය.පසුකාලීනව ඔහු සිදුකළ සොයා ගැනීමක ප්‍රතිඵලයක් වශයෙන් බ්‍රේල් ක්‍රමය නමින් දෘශ්‍යාබාධිතයන්ට ලිවීමට සහ කියවීමට හැකි සංඥා පද්ධතියක් ලෝකයට දායාද විය.



බ්‍රේල් ක්‍රමය යනු
දෘශ්‍යාබාධිත පුද්ගලයින් හට පහසුවෙන් ස්පර්ශ කොට හඳුනාගත හැකි ලෙස කඩදාසියකින් ඉහළට සහ පහළට එබී ගිය තිත් පද්ධතියක් ආශ්‍රයෙන් නිර්මාණය වී ඇති අතින් ස්පර්ශ කරමින් ලිවීම සහ කියවීම සිදුකළ හැකි කේත පද්ධතියකි. මෙම ක්‍රමයේදී  තම දබර ඇඟිල්ල වමේ සිට දකුණට යවමින් ලිවීම සහ කියවීම සිදුකරනු ලැබේ.බ්‍රේල් ක්‍රමය යනු කේත පද්ධතියකි. ලොව පවත්නා එක් එක් භාෂාවන්හී අකුරු සහ ඉලක්කම් නියෝජනය වන පරිදි බ්‍රේල් ක්‍රමය නිර්මාණය කොට ඇත.මෙම වැදගත් සොයා ගැනීම කළ පුද්ගලයා සිහිපත් කිරීම සඳහා ජාත්‍යන්තර බ්‍රේල් දිනය නමින් දිනයක් හඳුන්වා දී ඇත.


බ්‍රේල් ක්‍රමයෙහි ප්‍රභවය

අතීතයේ සිටම බ්‍රේල් ක්‍රමය ආශ්‍රිත විවිධ අත්හදා බැලීම් සිදුකර ඇත.19 වන සියවසේ මුල් භාගයේදී බ්‍රේල් ක්‍රමයට සමාන කියවීමේ සහ ලිවීමේ ක්‍රමයක් සාර්ථක විය.එම ක්‍රමය ප්‍රයෝජනයට ගනු ලැබූයේ හමුදා සෙබළුන් විසිනි.ප්‍රංශයේ නැපෝලියන් අධිරාජයාට සේවය කරමින් සිටි චාල්ස් බාබියර් නමැත්තා විසින් එම ක්‍රමය සොයා ගන්නා ලදී.එය රාත්‍රී ලිවීමේ ක්‍රමය ලෙස හඳුන්වනු ලැබේ. එම ක්‍රමයේ උපයෝගී කර ගනිමින් රාත්‍රියේදී සෙබළුන්ට සතුරාට නොපෙනෙන ආකාරයට සන්නිවේදනය කිරීමට හැකියාව ලැබිණි.එය තිත් දොළහකින් සමන්විත ක්‍රමයකි.දිනක් පුංචි ලුවි බ්‍රේල් ඉගෙනුම ලබන පාසලට චාල්ස් බාබියර් නම් හමුදාප්‍රධානියා සංචාරයක නිරත වීම උදෙසාා පැමිණියේය.එහිදී හමුදා සෙබළුන් භාවිත කළ තිත් දොළහෙහි ක්‍රමය මෙම පාසලේ දරු දැරියන්ටද හඳුන්වා දීමට හෙතෙම කටයුතු කළේය.එතැන් පටන් දෘශ්‍යාබාධිත ප්‍රජාව ප්‍රජාවගේ ලිවීම සහ කියවීම සඳහා මෙම ක්‍රමය භාවිතයට ගැනිණි.නමුත් පුංචි ලුවි බ්‍රේල් තම දක්ෂතාවයන් උපයෝගී කර ගනිමින් තිත් දොළහ වෙනුවට තිත් හයක ලිවීමේ සහ කියවීමේ ක්‍රමයක් සොයා ගන්නා ලදී.මෙම සොයා ගැනීම සිදුකරන විට පුංචි ලුවි බ්‍රේල්ගේ වයස අවුරුදු පහළොවක් පමණ විය. සංකීර්ණ තිත් දොළහේ ක්‍රමය වෙනුවට වඩාත් සරල සහ පහසු තිත් හයේ ක්‍රමයක් තම ප්‍රජාව වෙත හඳුන්වාදීමට පුංචි ලුවි බ්‍රේල් කටයුතු කරන ලදී.එතැන් පටන් මේ දක්වා විවිධ වූ පරිවර්තනයන්ට ලක් වෙමින්, විවිධ වූ භාෂාවන්ට පරිවර්තනය වෙමින් බ්‍රේල් ක්‍රමය කෘෂ්‍යාබාධිත ප්‍රජාවන්ට සවියක් වෙමින් පවතී.


ජාත්‍යන්තර බ්‍රේල් දිනයෙහි වැදගත්කම.

බ්‍රේල් ක්‍රමයෙහි නිර්මාතෘවරයා වන ලුවි බ්‍රේල්ට ගෞරව කිරීම.

දෘශ්‍යාබාධිත ප්‍රජාවගේ අයිතිවාසිකම් පිළිබඳ කතිකාවතක් සමාජයෙහි ඇති කිරීම.

දෘශ්‍යාබාධිත ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්‍ෂාකිරීම.

දෘශ්‍යාබාධිත ප්‍රජාව මුහුණ දී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සහ ඒවාට පිළිතුරු ලබාදීම.

දෘශ්‍යාබාධිත ප්‍රජාව කෙරෙහි රජයෙහි අවධානය යොමු කිරීමට වඩාත් දිරිමත් කිරීම.

දෘශ්‍යාබාධිත පුද්ගලයින් සඳහා සමාජය තුළින් උසස් තත්ත්වයක් සහ ගෞරවාන්විත භාවයක් නිර්මාණය කිරීම.


එච්.කේ.එස්.නවෝදා.හඳරාගම.


Thursday, 1 January 2026

ෆෝබියා/ භීතිකාවක් යනු

 



ෆෝබියා/ භීතිකාවක් යනු 

යම් අවස්ථාවක් වස්තුවක් සිද්ධියක් හෝ පුද්ගලයෙක් කෙරෙහි ඇතිවන්නා වූ අහේතුක අසාමාන්‍ය අතාර්කික අධික බිය වේ. ෆෝබියා යන වචනය මේක භාෂාවේ Phobic-Phobe යන වචනයන්ගෙන් බිඳී පැමිණෙන්නකි.මෙම රෝගී තත්ත්වය කාංසාව ආශ්‍රිත අක්‍රමිකතා ගණයට අයත් වේ.  බාහිරින් බලන පුද්ගලයකුට භීතිකාවන් යනු විකාරරූපී දෙයක් වුවද එමගින් ඉන් පෙලෙන්නන් හට මහත් පීඩාවන් ගෙනදෙයි. කූඹින්ට ඇති බිය නිසාවෙන් පසුගිය දිනෙක ඉන්දියානු කාන්තාවක් සියදිවි නසා ගැනීමේ සිදුවීම එයට හොඳම නිදසුනකි. රැකියාව, පවුල් ජීවිතය, අධ්‍යාපන කටයුතු ඇතුළු සමස්ත සමාජයීය ජීවිතයටම බලපෑම් එල්ල කිරීමට හීතිකා තත්ත්වයන් සමත් වේ.

භීතිකා ඇතිවීමට බලපාන සාධක
 ප්‍රධාන වශයෙන් භීතිකා ඇතිවීමට ජානමය  සාධක සහ ජීවිත අත්දැකීම්,  මොළයේ ක්‍රියාකාරීත්වය, තොරතුරු වල බලපෑම ආදිය හේතු වේ.

රෝග ලක්ෂණ
මෙම රෝගී තත්ත්වයෙහි රෝග ලක්ෂණ වශයෙන්  ඔක්කාරය, උමතු හැඟීම, අධික ලෙස දහඩිය දැමීම, උදරයේ වේදනාව, ශරීරය සහ කටහඬ වෙව්ලීම, ස්වසන අපහසුතා,වේගවත් හෘද ස්පන්දනය, මගහැර යාම ආදිය දැක්විය හැකිය. මීට අමතරව බිය උපදවන දේ පිළිබඳව නිතර නිතර මෙනෙහි කිරීම, අදාළ වස්තුව,සිදුවීම හෝ පුද්ගලයා හේතුවෙන් තමා මිය යනු ඇතැයි බියෙන් පසුවීම, තම පාලනය තමාගෙන් ගිලිහී යාම, අදාළ  භීතිකාවට හේතුවන වස්තුව හෝ ස්ථානය මගහැරීමට උත්සාහ දැරීම ආදිය ද භීතිකාවන්හි රෝග ලක්ෂණ ලෙස දැක්විය හැකිය.

 ප්‍රධාන ෆෝබීයා/භීතිකා වර්ග.
ෆෝබියා වර්ගීකරණය යටතට ගැනෙන විවිධ වර්ගීකරණයන් ලෝකයෙහිවතී පවතියි. ඒ අතුරින් එක් වර්ගීකරණයක් පහත දැක්වේ.

1. Agraphobia සෙනඟ පිරුණු ස්ථානයන්හී ගැවසීමට ඇති බිය. මෙහිදී තමන් පෙළෙන ෆෝබියා තත්ත්වයන්ට උදව් ලබා ගැනීමට අපහසු ස්ථානයන්හි ගැවසීමට රෝගියා බියෙන් පසුවේ.

2.Social phobia  සමාජමය හෝ පොදු තත්ත්වයන්ට ඇති බිය.මෙවැනි ෆෝබියාවන්හිදී සමාජයෙහි ගැරහීමට අවමානයට ප්‍රතික්ෂේප වීමට ලක්වෙතැයි රෝගියා බියෙන් පසුවේ. නිදසුනක් වශයෙන් විශාල පිරිසක් ගැවසෙන ස්ථානවලට යාමට ඇති භීතිකාව දැක්විය හැකිය.

3. Specific phobia විශේෂිත වූ තත්ත්වයකට හෝ සිදුවීමකට දක්වන බිය.සතුන්,ස්වභාවික පරිසරය, රුධිරය, තුවාල, ගුවන් යානාවන්හි ගමන් කිරීම වැනි විශේෂිත තත්ත්වයන් කෙරෙහි ඇතිවන භීතිකාවන් මේ යටතට ගැනෙයි.

ඉහත භීතිකාවන් වර්ග යටතට ගැනෙන භීතිකාවන් රාශියකි.

1. Trypanophobia ඉඳිකටු වැනි වූ උපකරණයන්ට ඇති බිය මේ නමින් හැඳින්වේ.තියුණු උලක් සහිත උපකරණයන්ගෙන් තමන්ට හානි වේ යැයි මෙම භීතිකාව සහිත පුද්ගලයින් නිරන්තර බියෙන් පසුවෙති. වේදනාවට අධික සංවේදී වීම, කුඩා කාලයෙහි අමිහිරි අත්දැකීම් වලට මුහුණ දීම ආදිය Trypanophobia තත්වයට හේතු විය හැකිය. ඉදිකටු,සිරින්ජර වැනි ඇනෙන සුළු උපකරණ සහිත පරිසරයන්හි රැකියාවෙහි යෙදීම ජීවත්වීම මෙවැනි පුද්ගලයින්ට දැඩි පීඩාවක් ගෙන දෙන්නකි.


2.Philophobia
ආදරය කිරීමට ඇති භීතිකාව මේ නමින් හැඳින්වේ. සමීප සබඳතා ආරම්භ කිරීමට සහ පවත්වාගෙන යාමට බිය වීම,අහේතුකව වත්මන් සහකරු අහිමිවෙතැයි බිය වීම, සබඳතාවයෙහි අනාරක්ෂිත භාවය පිළිබඳව ඇති වන බිය ආදිය Philophobia තත්ත්වයට අදාල වේ. ළමා කාලයෙහි ආදරය සහ පිළිගැනීම අහිමිවීම, කම්පන සහගත අත්දැකීම්, දික්කසාද වීම, අපයෝජනයන්ට ලක්වීම ආදිය මෙම භීතිකා තත්ත්වයට හේතුවිය හැකිය. 

3.Plutophobia
විශාල මුදල් ප්‍රමාණයකට දක්වන භීතිකාව මේ නමින් හැඳින්වේ. විශාල මුදල් ප්‍රමාණයක් එකවර උපයා ගැනීම,ලොතරැයි දිනුමක් ලැබීම,මහා පරිමාණ මුදල් ගනුදෙනු සිදුකිරීම,තමා ධනවත්භාවයට පත්වීම ආදිය විෂයෙහි මෙම රෝගී තත්වය සහිත පුද්ගලයින් අධික බියක් දක්වයි. ඇතැම් අවස්ථාවන්හිදී මුදල් නෝට්ටු කිහිපයක් ළඟ තබා ගැනීමට හෝ කුඩා මුදලක් ඉතිරි කිරීමට හෝ මෙවැනි පුද්ගලයින් බියක් දක්වයි.මොවුහු මුදල් පිළිබඳව සෘණාත්මක හැඟීමකින් පෙලෙති. 

4.Eisoptrophobia
කැඩපත් වලට ඇති භීතිකාව මේ නමින් හැඳින්වේ. කැඩපතකින් තම ප්‍රතිබිම්බය මෙන්ම අන්‍යයන්ගේ ප්‍රතිබිම්බයන් දැකීමට එම භීතිකාවෙන් පෙළෙන්නන් බියක් දක්වති.කැඩපතින් අද්භූත දෑ මතු වෙතැයි සිතීම, තමා පිළිබඳව පවත්නා හීනමානය,කැඩපත් පිළිබඳව තිබෙන්නා වූ මිත්‍යා මත පිලිගැනීම ආදිය Eisoptropobia තත්ත්වයට හේතු විය හැකිය.

5.Calisynephobia
ලස්සන, ආකර්ෂණීය කාන්තාවන්ට තිබෙන භීතිකාව මේ නමින් හැඳින්වේ. මෙම භීතිකාවෙන් පෙලෙන්නන් එවැනි කාන්තාවන් දෙස බැලීමට, ඇසුරු කිරීමට, සමීපයෙහි සිටීමටද බියක් දක්වති. මේ හේතුවෙන් ඇතැම් අවස්ථාවන්හිදී ඔවුන් සිහිමුර්ජා තත්ත්වයට ද පත්වේ. Calisynephobiaවෙන් පෙළෙන්නන් නිසි ප්‍රතිකාර නොගතහොත් විවාහ ජීවිතයට ප්‍රවේශ වීමට පවා බලපෑම් එල්ල විය හැකිය.

 මීට අමතරව

Arachnophobia මකුළුවන්ට ඇති බිය.
Pogonophobia රැවුලට ඇති බිය.
Hetrophobia විරුද්ධ ලිංගිකයන්ට ඇති බිය.
Ablutophobia සේදීමට හෝ ස්නානයට ඇති බිය.
Agrithmophobia ඉලක්කම් වලට ඇති බිය.
Plutophia විශාල මුදල්  ප්‍රමාණයන්ට දක්වන බිය.
Apiphobia මී වැස්සන්ට ඇති බිය.
Xanthophobia කහ වර්ණයට දක්වන බිය.
Gamophibia විවාහයට ඇති බිය.
Acarophibia කැසීමට ඇතිබිය.
Optophobia ඇස් විවර කර සිටීමට දක්වන බිය.
Calisynephobia ආකර්ෂණීය කාන්තාවන්ට දක්වන බිය.
Hathisophobia වාඩිවී සිටීමට දක්වන බිය.
Acerophobia පැඟිරි රසයට ඇති බිය.
Monophobia ස්වයං බිය.
Acousticophobia ශබ්දයට ඇති බිය.
Nomophobia ජංගම දුරකථනය අහිමි වීමේ බිය.
Coimetrophobia සුසාන භූමිවලට ඇතිි බිය.
Hemophobia රුධිරයට ඇති බිය.
Geliphobia සිනාසීමට ඇති බිය.
Aurophobia රන් වලට ඇති බිය.
Heliphobia හිරු එළියට ඇති බිය.
Decidophobia තීරණ ගැනීමට ඇති බිය.
Electrophobia විදුලියට ඇති බිය.
Achluophobia අඳුරට ඇති බිය.
Eisoptrophibia කැඩපතට ඇති බිය.
Zeusophobia දෙවිවරුන්ට ඇති බිය.
Sociophobia සෙවනැලි වලට ඇති බිය.
Pysophobia ගින්දරට ඇති බිය.
Automatonophobia ඉටි රූප, පිළිම වලට ඇති බිය.
Hydrophobia ජලයට ඇති බිය. ආදියද භීතිකාවන් වශයෙන් දැක්විය හැකිය.


භීතිකා තත්ත්වයන් මඟහරවා ගන්නා ආකාර.

මෙහිදී වශයෙන් ප්‍රතිකාර සඳහා යොමු වීම ඉතාමත් වැදගත් වේ.

 නිරාවරණ චිකිත්සාව (Exposure therapy)

 මෙම ප්‍රතිකාර ක්‍රමයේදී ක්‍රමානුකූලව අදාළ වස්තුව, පුද්ගලයා හෝ සිදුවීමට රෝගියා නිරාවරණය කරනු ලබයි. මුල් අදියරයන්හිදී අදාල භීතිකාවට සම්බන්ධ ව්‍යාජ රූපයන් ආදියට රෝගියා නිරාවණය කරයි.පසුව එම  භීතිකාවට සම්බන්ධ සැබෑ තත්ත්වයන්ට රෝගියා නිරාවරණය කරනු ලබයි.

සංජානන චිකිත්සාව (Cognitive behavioral therapy)
මෙහිදී ඇතිවී තිබෙන භීතිකා තත්වයන් සමනය කිරීමට රෝගීන්ගේ සිතුවිලි,හැගීම් සහ ප්‍රතිචාර නැවත සැකසීමක් සිදුකරයි.මෙම ප්‍රතිකාර ක්‍රමයේදී සෘණාත්මක සහ නොවැදගත් සිතුවිලි හඳුනා ගැනීමක් සිදුවේ. 

මීට අමතරව එක් එක් භීතිකා තත්ත්වයන් සහ මට්ටම් අනුව ඖෂධ නියම කිරීමද සිදුවේ.

භීතිකාවන් යනු සරලව තැකිය හැකි රෝගී තත්ත්වයක් නොවන බව සහ සැගවීමට හෝ ලැජ්ජාවීමට හේතුවක් නොවන බව සමාජය මෙන්ම රෝගියා ද තරයෙහි සිත්හි තබාගත යුතුය. තම ආදරණීයයන් කිසියම් භීතිකාවකින් පෙලෙන්නේ නම් වහාම ප්‍රතිකාර සඳහා යොමු කරවීමෙන් ඔහුගේ හෝ ඇයගේ ජීවිතය සුරක්ෂිත කර ගැනීමට හැකියාව ලැබේ.

එච්.කේ.එස් නවෝදා හඳරාගම

Saturday, 6 December 2025

PEN 3 ආකෘතිය

සෞඛ්‍ය සන්නිවේදනයේදී භාවිතයට ගැනෙන පෙන් ත්‍රී ආකෘතිය





සංස්කෘතිය විසින් සෞඛ්‍යට සිදුකරන බලපෑම හඳුනා ගැනීම සඳහා මෙම ආකෘතිය යොදාගත හැකිය.වර්ෂ 1989 දී වෛද්‍ය කොලින්ස් අයිරිහෙන්බුවා  (Dr.Collins.O.Airhihenbuwa) විසින් මෙම ආකෘතිය හඳුන්වා දෙන ලදී. මෙය ෞඛ්‍ය සේවකයින් විසින් බහුලව භාවිත කරන ආකෘතියකි. කිසියම් පුද්ගලයෙකුට  නීරෝගී සෞඛ්‍ය සම්පන්න අයෙකුට  කිරීමට නම් හුදෙක් එම පුද්ගලයා දෙස පමණක්ම බලා එය සිදුකළ නොහැකි බව මෙම ආකෘතිය මගින් පැහැදිලි වේ. පෙන් ත්‍රී ආකෘතියෙහි ප්‍රධාන කොටස් ත්‍රිත්වයකි. එනම්, සංස්කෘතික අනන්‍යතාවය, සබඳතා සහ අපේක්ෂාවන්, සංස්කෘතික සවිබල ගැන්වීම වේ. මෙම අංශ ත්‍රිත්වය යටතෙහි තවත් අංශ කිහිපයක් මෙම ආකෘතියෙහි විස්තර කෙරෙයි.


Read more.

https://www.researchgate.net/publication/398314530_Explaition_of_PEN_3_model


Tuesday, 2 December 2025

ධම්මපදයෙන් බිඳක්

 


මෙසිරිලක නිතිපතා ධර්මය ශ්‍රවණය කරන්නා වූ උපාසක උපාසිකාවන් වාසය කරති.කෙතරම් දහම් කරුණු ශ්‍රවණය කළද තම ජීවිතයේ අකුසලයෙන් මුදවා කුසලයෙහි යෙදවීමට එම දහම් අකුසලයෙන් මුදවා කුසලයෙහි යෙදවීමට එම දහම් කරුණු ප්‍රයෝජනයට නොගන්නේනම් ඉන් පලක් නොමැත. එබැවින් ජීවිතයේ මුහුණ දීමට සිදුවන ඕනෑම අවස්ථාවකට මුහුණ දීම සඳහා අප බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්ම කරුණු උපයෝගී කර ගැනීම ඉතාමත් වැදගත් වේ. එබඳු ධර්ම කරුණු ඇතුළත් ග්‍රන්ථයක් වශයෙන් ධම්මපදය හැඳින්විය හැකිය. ධම්මපදය සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායට අයත් වේ. එය බෞද්ධයාගේ අත්පොත වශයෙන් හැඳින්වීම නිවැරදිය.බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අතැඹුලක් සේ එහි දක්වා ඇත.ධම්මපදයෙහි ගාථා 423 ක් ඇති අතර ඒවා තේමා විසි හයක් යටතේ වර්ග වශයෙන් දක්වා ඇත. මෙම ධර්ම කරුණු තුන්කල්හිම ප්‍රයෝජනයට ගත හැකි ඉතාමත් වටිනා අදහස් වලින් අනූන වේ. එබඳු වටිනා අදහස් ඇතුළත් ගාථාවක් වශයෙන් යමක වග්ගයෙහි තුන්වෙනි ගාථාව හැඳින්විය හැකිය.

අක්කොච්ජි මං අවධි මං
අජිනි මං අහාසි මේ
යෙ තං උපනය්හන්ති
වෙරං තෙසූපසම්මති.

"එනම් අසවලා මට බැන්නේය. අසවලා මට පහර දුන්නේය. අසවලා මා පරාජයේ කොට යග්‍රහණය කළේය. අසවලා මා සතු දේ පැහැරගත්තේ යැයි තමන්ට හිරිහැර කළ කිසියම් අයෙකු පිළිබඳව නැවත නැවත සිතේ වෛරය නොබදිත්ද එම පුද්ගලයාගේ වෛරය සංසිදෙයි."
අපට ජීවිතයෙහි විවිධාකාර පුද්ගලයින් මුණගැසෙයි. එම පුද්ගලයින්ගේ ක්‍රියා කලාපයන් හේතුවෙන් අප හට නින්දා, ප්‍රශංසා,  ලාබ, අලාභ, හොඳ, නරක ආදිය සිදුවෙයි. මෙවැනි තත්ත්වයන් හමුවේ ඇතැම් අවස්ථාවන්හිදී  අප ඔවුන් සමඟ ගැටීමට යයි. එවැනි අවස්ථාවන්හිදී ජීවිත දේපල හානි පවා සිදුවේ.එවිට ඇතිවන වෛරී සහගත සිතුවිලි සංසාරය පුරාවටම අප සමග සෙවනැල්ලක් මෙන් ගමන් කරයි. මේ හේතුවෙන් අප මෙන්ම අපගේ ප්‍රියයන්ද දුකට පත්වේ.එයට හොඳම උදාහරණය කාලි යකින්නගේ කතා වස්තුවයි.එබැවින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි තමාට හිංසා පීඩා කළ අය කෙරෙහි පවා වෛරසිත් ඇති කර නොගනිමින් මෛත්‍රී සිත් වඩා වර්ධනය කර ගැනීම නියම බෞද්ධයකුගේ ගුණාංගයක් වේ.

මීළඟට යමක වගෙහි දොළොස් වැනි ගාථාව දෙස අවධානය යොමු කරමු.

සාරංච සාරතෝ කත්වා අසාරංච අසාරතෝ
තේසාරං අධිගච්ඡන්ති 
සම්මා සංකප්ප ගෝචරා

"එනම් සරුදය සරු වශයෙන්ද නිසරු දෙය නිසරු වශයෙන්ද වටහාගන්නා තැනැත්තා ධර්මයක් ලබති." මෙම ගාථාවට අනුව අපට එදිනෙදා ජීවිතයේදී හොඳ නරක යන දෙඅංශයටම මුහුණ දීමට සිදුවේ. එහිදී හංසයා දියෙන් කිරි වෙන් කර ගන්නා මෙන් හොඳ දෑ පමණක් අප ජීවිතයට ඒකරාශී කර ගැනීමට කටයුතු කළ යුතුය.කොතෙක් ලාභ ප්‍රයෝජන ලැබුණද නිසරු දෙය නිසරු ලෙස වටහාගත යුතුය.නිදසුනක් වශයෙන් ඔබේ සමීප මිත්‍රයෙකු කූට ක්‍රමයකින් විශාල මුදල් සම්භාරයක් උපයනවා යැයි සිතන්න. එලෙස මුදල් ඉපයීමට ඔබටද ඔහු බලපෑම් කරනවා යැයි සිතන්න.නමුත් කෙතරම් මුදල් අපහසුතාවයකින් සිටියද ඔබ එම වංචනික ක්‍රමයෙන් මුදල් ඉපයීම ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔබ බුදු මග ගමන් ගමන් ගන්නා බෞද්ධයෙක් වශයෙන් හැඳින්වීය හැකිය.

මීළඟට අප්පමාද වග්ගයෙහි හතරවෙනි ගාථාව දෙසට යොමුවෙමු.

උට්ඨානවතෝ සති මතෝ
සුචි කම්මස්ස නිස්සම්මකාරිනො
සඤ්ඤතස්ස ච ධම්මජීවිනෝ අප්පමත්තස්ස යසෝභි වඩ්ඩති

මෙම ගාථාවට අනුව "නැගී සිටීමේ වීර්යයෙන් යුක්ත වූ මනා සිහියෙන් යුක්ත වූ පිරිසිදු ක්‍රියා සහිත විමසා බලා කටයුතු කරන මනා හික්මීමක් සහිත දැහැමින් ජීවත්වන ජීවත්වන අප්‍රමාද වූවන්ගේ යසස වර්ධනය වෙයි" මෙම ගාථාවෙහි අපගේ කීර්තිය වඩා වර්ධනය වන කරුණු හතක් ඇතුළත් වේ.එනම්,
උත්සාහවන්ත භාවය 
මනා සිහියෙන් යුක්ත වීම
 යුක්ත යුක්තවීම 
පිරිසිදු ක්‍රියා ඇති බව විමසිලිමත්ව කටයුතු කිරීම සංවර්ශීලී බව නිවැරදි ජීවිකා වෘත්තියක් ඇති බව
 පමා නොවී කටයුතු කරන බව ආදිය වේ. මෙම ගුණාංගයන්ගෙන් යුක්ත වූ කිසිවිටකත් අකුසල කර්මයන් සිදු කරන්නේේ නැත.හෙතෙම නිවැරදි ආකාරයට ජීවිකාව ගෙන යමින් කටයුතු කිරීමට උත්සාහවන්ත වෙයි. එවැනි පුද්ගලයින් මෙලොව පරලොව යන දෙලොවම සැනසීම ලබයි.


මීළඟට බාල වග්ගයෙහි දෙවැනි ගාථාව වෙත යොමුවෙමු.

චරංචේ  නාධි ගච්චෙයිය සෙයියං සදිස මත්තනො
ඒක චරියං දල්හං කයිරා
නත්ති බාලේ සහායතා


එනම් "ආශ්‍රය කිරීමට  තමන්ට වඩා ක්ෂේත්‍ර වූ හෝ තමාට සමාන වූ හෝ කෙනෙක් නොමැති නම් තනිව වාසය කිරීම සුදුසුයි යන්නයි"  උපතේ සිට මරණය දක්වා ජීවිත කාලය තුළ අපට විවිධ වූ අවධීන් පසු කිරීමට සිදුවේ.එම අවධීන්හිදී විවිධ පුද්ගලයින් අපහට මුණගැසේ.එම පුද්ගලයින් විවිධ වූ චරිත ලක්ෂණයන්ගෙන් ලෝක ස්වභාවයයි.එය වෙනස් කිරීමට අපට නොහැකිය.අපට හමුවන ඇතැම් පුද්ගලයින් අප කුසලයෙහි යෙදවීමට කටයුතු කරන අතර තැන් පුද්ගලයින් අප අකුසලයෙහි යෙදවීමට කටයුතුු කරයි.අප අකුසලයෙහි යෙදවීමට කටයුතු කරන පුද්ගලයින්ගෙන් ඈත්ව තනිව වාසය කිරීම සුදුසු බව මෙම ගාථාවෙන් ගම්‍යවන අර්ථය වේ.


සමස්තයක් වශයෙන් ගත් කල ඉහත ගාථාවන්ගෙන් කියැවෙනුයේ වෛර නොකිරීම,කුසලයෙහි යෙදීම, ධාර්මික පුද්ගලයින් ආශ්‍රය කිරීම,ධාර්මික දිවි පෙවෙතක් ගත කිරීම ආදිය වේ. බෞද්ධයන් වශයෙන් අප ඉහත සඳහා ගුණාංගයන්ගෙන් යුක්ත වීම යනු බුදුන් වහන්සේ දෙසූ මාර්ගයෙහි ගමන් කිරීම හා සමාන වේ.එබැවින් ශ්‍රවණය කොට ඉවත ලෑමට නොව ධම්මපදයෙන් බිඳක් ජීවිතයට ඒකරාශී කර ගැනීමට අප සිත්හි තබා ගතයුතුය.


එච්.කේ.එස්.නවෝදා හඳරාගම

Friday, 10 October 2025

අපේ දවස- ඔක්තෝම්බර් 11- ජාත්‍යන්තර ගැහැණු දරුවන්ගේ දිනය.2025

 


විවාහ නොවූ සියල්ලන්ම ගැහැණු දරුවන් වශයෙන් සැලකේ. ගැහැණු දරුවෙකු කියූ සැණින් අප සිතට නැගෙනුයේ විශාල වගකීමක් උරමත පැටවූවා වැනි හැඟීමකි. මන්දයත් ඇය සියුමැලි මලක් වැනියැයි ලියැවී තිබීමය. ඉතාමත් පහසුවෙන් තලා පෙළා විනාශ කර දැමීමට හැකිවීමය.එබැවින් ගැහැණු දරුවෙකු මෙලොව එළිය දුටු දා සිට දෙමාපියන් සිය දෑස මෙන් ඇයව ආරක්‍ෂා කරනුලබයි. මතු දිනෙක උතුම් වූ මව් පදවිය දරමින් මෙලොව ජීවය පවත්වාගෙන යාමේ මුල් පුරුක වන්නේද ඇයයි. එබැවින් ඇයට ගරු කරනුවස් සෑම වසරකම ඔක්තෝම්බර් මස 11 වන දින ජාත්‍යන්තර ගැහැණු දරුවන්ගේ දිනය සමරනු ලැබේ.මෙවර එහි තේමාව වනුයේ, "The girl I am, the change I lead: Girls on the frontlines of crisis" යන්න වේ.

එම දිනයේදී ලොව පුරා වෙසෙන ගැහැණු දරුවන්ගේ අයිතිවාසිකම්, ඔවුන්ට අත්විඳීමට සිදුවන පීඩාකාරී තත්ත්වයන්  පිළිබඳව සාකච්ඡා කිරීම, ගැහැණු දරුවන් සවි බලගැන්වීම,ඔවුනගේ ආරක්ෂාව වෙනුවෙන් හඬ නැගීම සිදුවේ. 2011 වසරෙහි නිව්යෝර්ක් නුවර පැවති කාන්තාවන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි පනස් පස් වැනි සභා වාරයේදී සම්මත වූ යෝජනාවකට අනුව සෑම වසරකම ඔක්තෝම්බර් 11 වන දින ජාත්‍යන්තර ගැහැණු ළමයින්ගේ දිනය සමරනු ලැබේ. 2012 වර්ෂයේදී ආරම්භ වූ මෙම සැමරීම අද දක්වාම අඛණ්ඩවම පවත්වාගෙන එනු ලැබේ.

මුල් කාලීනව සමාජයෙහි ගැහැණු දරුවෙකු ඉපදීම පවා සමාජයෙහි ගැහැණු දරුවෙකු ඉපදීම පවා ලෙස සැලකූ අතර උපතේදීම මරා දැමීමට කටයුතු කොට ඇත.ඇගේ නුවණ හැඳිමිටේ බවත් ඇයට උරුම මුළුතැන්ගේ බවත් ස්වාමියාගේ ලිංගික ආශාවන් තෘප්ත කිරීමට ලිංගික භාණ්ඩයක් වශයෙන් ඇය භාවිතා කළයුතු බවත් පැරැන්නන්ගේ මතය.

සමාජය ක්‍රම ක්‍රමයෙන් දියුණු වීමත් සමඟ ගැහැණු දරුවන් වෙනුවෙන් හඬ නැගීම උදෙසා කාන්තා පිරිමි දෙපාර්ශ්වයම විවිධ සංවිධාන පිහිටුවා ගන්නා ලදී.  ඒ කෙසේ වුවද,  ඔසප් දරිද්‍රතාවය,අන්තර්ජාලය හරහා සිඳුවන තාඩන පීඩන, සුන්නත්කරණය, සති පූජාව, පතිවත සෙවීම, කන්‍යාභාවය සෙවීම, දෑවැදී, බාල වයස්කාර විවාහ,සුන්නත්කරණය ආදී විවිධ හා වූ සමාජ සම්මතයන් ඔස්සේ ද ගැහැණු දරුවන් දැඩි ලෙස පීඩාවට පත්වේ. මෙතරම් දියුණු සමාජයක් තුළ වුවද එවැනි හණමිටි අදහස් හේතුවෙන් හුදෙක් ගැහැණු දරුවන් පමණක් පීඩාවට පත්වීම දැඩි අසාධාරණ තත්ත්වයකි. මේ පිළිබඳව ගෝලීය වශයෙන් සාකච්ඡා කිරීම ඉතාමත් වැදගත් වේ.නමුත් එය එක් දිනකට පමණක් සීමා නොවිය යුතු කාරණාවක් බව පැවසිය යුතුමය.

 මේ  ආකාරයට විවිධ සමාජ සංස්කෘතික සාධක හේතුවෙන් ගැහැණු දරුවන් තාඩන පීඩනවලට ලක්වීම බටහිර සහ පෙරදිග යන භේදයකින් තොරව ලෝකය පුරාම සිදුවන බව පැහැදිලි වේ. ගැහැණු දරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ කතාබහ කිරීමට විවිධ ක්‍රියාකාරී සංවිධානය සහ පුද්ගලයින් කටයුතු කොට ඇත. නමුත් ගැහැණු දරුවන්ට සිදුවන අකටයුතුකම් හි අඩුවක්නම් දක්නට නොමැත.එබැවින් එක් දිනකට පමණක් සීමා නොවී වසරේ දින 365 පුරාවටම සක්‍රීය ලෙස ක්‍රියාත්මක වන වැඩ පිළිවෙලක් බවට පත් කිරීම අප සියල්ලන්ගේ වගකීමකි.


එච්.කේ.එස්.නවෝදා හඳරාගම

Stop World War

  Throughout history, wars have shaped the destiny of nations, but they have also brought unimaginable suffering to humanity. From the devas...