Monday, 29 July 2024

කාන්තාවන්ට වැළඳෙන මානසික රෝග



නීරෝගී මනසක් යනු මානවයා සතු උතුම් දායාදයකි
.මනස රෝගී වීමෙහි අවසාන ඵලය මානසික රෝග ලෙස හඳුන්වයි.බොහෝ කායික රෝගී තත්ත්වයන්ට මූලික පදනම සැපයෙන්නේ ද මානසික රෝගී තත්ත්වයන් හේතුවෙනි. වර්තමානයෙහි පවත්නා සමාජ, සංස්කෘතික සහ ආර්ථික බලපෑමත් සමඟ මානසික රෝගාබාධයන් ඇතිවීම සුලබ ය. මානසික රෝගී තත්ත්වයන්හි ගොදුරු බවට පත්වීම ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම පොදු කාරණාවකි.නමුත් පුරුෂ පාර්ශ්වයට සාපේක්ෂව කාන්තාවන් මානසික රෝගී තත්ත්වයන්ට ගොදුරු වීමේ ප්‍රවණතාවය ඉහළය. වර්තමානය වන විට වයස් භේදයකින් තොරව කුඩා දැරිවියන්ගේ සිට වැඩිහිටි කාන්තාවන් දක්වාම විවිධාකාරයෙහි මානසික රෝගයන්ගේ ගොදුරු බවට පත්වී ඇත.තමා කිසියම් මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බව පවා නොදැන ජීවිතයට සමුදුන් කාන්තාවන් ද සිටියි.  තමාගේ මෙන්ම සමීපතමීන්ගේ නිරෝගී පැවැත්ම උදෙසා කාන්තාවන් වැඩි වශයෙන් මුහුණ දෙන්නා වූ මානසික රෝගී තත්ත්වයන් කිහිපයක් පිළිබඳව පහත කරුණු කාරණා ඔබට ඉවහල් වනු ඇත.

 

හිස්ටීරියා/මායා රෝගය.

හිස්ටිරියා යනු අඩු පෞරුෂයක් සහිත පුද්ගලයින්ට වැළදෙන්නා වූ මානසික රෝගයකි. කලු කුමාර දිෂ්ටිය,තනිකම් දෝෂය ලෙස ගැමියන් අතර හිස්ටීරියා රෝගී තත්ත්වය ප්‍රචලිතව පව්තියි. මෙම රෝගී තත්ත්වය කාන්තාවන්ට පමණක් වැළඳෙන රෝගී තත්ත්වයක් ලෙස අතීතයේදී හැඳින්වුවද එය පුරුෂයන්ටද වැළදෙන බව වර්තමානයෙහි සොයා ගෙන ඇත.නමුත් පුරුෂ පාර්ශ්වයට සාපේක්ෂව හිස්ටීරියා රෝගයට  කාන්තාවන් ගොඳුරුවීමේ ප්‍රවණතාවය ඉහළය. හිස්ටිරියා රෝගීන් තම සිතෙහි පවත්නා යම්කිසි ආශාවක් ඉටුකර ගැනීමට විවිධ වූ චර්යාවන් පෙන්නුම් කරයි. බැලූ බැල්මට මෙය ව්‍යාජ රංගනයක් සේ පෙනුනද එය මෙම රෝගී තත්ත්වයෙහි ස්වභාවය වේ. මෙහි රෝගී ලක්ෂණ ලෙස,

අතපය දරදඬු වීම.

හඬ නගා කෑ ගැසීම. ( ඇතැම් විට වෙනත් භාෂාවකින් කෑ ගැසීම සිඳුකරයි.)

මතකය දුර්වල වීම.

වමනය සහ ක්ලාන්ත ගතිය.

මුසා බස් පැවසීම.

ආවේගශීලී වීම.

යථාර්ථයට පටහැනි ක්‍රියාකාරකම් සිදුකිරීම. ආදිය දැක්විය හැකිය. යම් පුද්ගලයෙකු , විශේෂයෙන් කාන්තාවන් මෙවැනි රෝගී ලක්ෂණ පෙන්නුම් කරන විට අප සමාජය පුරුදුව සිටිනුයේ මිථ්‍යා ඇදහිලි විශ්වාස පසුපස හඹා යෑමටය. නමුත් මෙවැනි අවස්ථාවකදී කළ යුතු නිවැරදිම දෙය වනුයේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමය.

 

පෙර/පසු ප්‍රසව විශාදය

දරු උපතින් පසුව මවට ඇතිවන විශාදය තත්ත්වය මේ නමින් හඳුන්වයි. ඇතැම් අවස්ථාවන්හිදී දරු උපතට පෙරද මවට විශාදය තත්ත්වයන් ඇතිවිය හැකිය. මෙය වැදුම් ගෙයි සන්නිය ලෙසද හඳුන්වනු ලැබෙයි. ගර්භනී සමය තුළ සහ දරු උපතකින් පසුව කාන්තාවකගේ ශරීරයෙහි හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනස් වේ.එසේම තමා මෙතෙක් ගත කළ සමාජීය ජීවිතයෙහි විවිධාකාරයේ වෙනස්කම් ඇතිවන අතර ඇතැම් විට ආර්ථික අපහසුතාවයන්ට පවා මුහුණ දීමට සිදුවේ.එවැනි අවස්ථාවන්හිදී කාන්තාවන්ගේ මානසික වශයෙන් සිදුවන්නා වූ වෙනස්කම් හේතුවෙන් පසු ප්‍රසව විශාදය ඇතිවේ. මෙය සුළු විශාද තත්ත්වයේ සිට උග්‍ර විශාදය දක්වාම වර්ධනය විය හැකිය. මෙහිදී,

දරුවා ප්‍රතික්ෂේප කිරීම හෝ  ඝාතනය කිරීමට උත්සාහ කිරීම.

දරුවා කෙරෙහි තිබෙන්නා වූ අවධානය ගිලිහී යාම.

තමා නරක මවක් යැයි යන හැඟීම ඇතිවීම.

සියදිවි නසා ගැනීමට තැත් කිරීම.

දැඩි තෙහෙට්ටුව.

නිදා ගැනීමේ අපහසුතාවය ඇතිවීම.

දැඩි කෝපය. ආදී රෝග ලක්ෂණයන් පෙන්නුම් කරයි. මෙම විශාද තත්ත්වයන් සෑම කාන්තාවකටම ඇති නොවන අතර ඒ ඒ කාන්තාවගේ පෞරුෂය, හැකියාවන්, දරා ගැනීමේ හැකියාව ආදිය මත එය තීරණය වේ. මෙවැනි මානසික රෝගී තත්ත්වයකට ඔබේ සමීපතමයන් මුහුණ දී සිටී නම් කළ යුත්තේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමය.මන්දයත් මෙම රෝගී තත්වය උග්‍ර වීමෙහි අවසාන ඵලය වන්නේ සියදිවි හානි කර ගැනීමට පෙළඹවීම නිසාවෙනි.

 මීට අමතරව,

දරුවා පිළිබඳව පමණක් නොව මව පිළිබඳව ද සැලකිලිමත් වීම.

මවගේ කටයුතු වලට උපකාර කිරීම.

හොඳ නින්දක් සහ පෝෂදායි ආහාර ලබාදීමට කටයුතු කිරීම.

මවගේ කායික මෙන්ම මානසික සුවතාවය ගැන සැලකිලිමත් වීම.

තම සමාජ, ආර්ථික තත්වයන්ට දැරිය හැකි ප්‍රමාණයට දරුවන් කිරීම. ආදිය මඟින් පූර්ව/ පසු ප්‍රසව විශාද තත්ත්වයන් ඇතිවීම අවම කරගත හැකිය.

 

කාංසාව

දැඩි ආවේග සහිත වීමේ ප්‍රතිඵලයක් ලෙස කාංසාව ඇතිවේ.එකඟ විය නොහැකි හෝ පිළිගත නොහැකි හෝ අප කිරීමට අකමැති දේත් කළ යුතු දේත් අතර ඇති පරස්පර විරෝධීතාව හේතුවෙන් කාංසාව ඇති වේ. ලෝක ජනගහනයෙන් 4%කට පමණ කාංසාව තිබෙන අතර ප්‍රතිශතයක් ලෙස ගත් කළ ඉන් 62%ක් කාන්තාවන්ය. මෙම මානසික රෝගී තත්ත්වය වැළඳුනු කාන්තාවන් කෙරෙන් අධික සබකෝලය, මාරාන්තික අනතුරක් වේ යැයි දක්වන බිය, සාධාරණ හේතුවක් නොමැතිව තමා මරණයට පත්වේ යැයි සිතීම, කැරපොත්තන් ආදී සතුන් කෙරෙහි දක්වන බිය ආදී චර්යාවන් දැකගැනීමට හැකිය. කාංසාවෙහි රෝගී ලක්ෂණ ලෙස,

අතපය වෙවුලීම.

මතක ශක්තියෙහි ගැටලු ඇතිවීම.

අධික විඩාබර බව.

ඒකාග්‍රතාවය බිඳී යාම.

ඇඟ පණ නැතිවීම.

කරකවිල්ල.

අසාමාන්‍ය ආහාර ගැනීමේ පුරුදු.

හුස්ම ගන්නා වේගය වැඩිවීම සහ තදින් හුස්ම ගැනීම.

නොසන්සුන් සහගතභාවය. ආදිය දැක්විය හැකිය. ඇතැම් අවස්ථාවන්හිදී කාංසාවෙහි ධනාත්මක බලපෑම් ද තිබෙන අතර එහි සෘණාත්මක බලපෑමෙන් මිදීමට ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය .

 

මානසික ආතතිය

මානසික ආතතිය යනු උද්වේගකර චිත්තවේගී තත්ත්වයන් හේතුවෙන් මානසිකව ඇතිවන පීඩාකාරී තත්ත්වයකි.මානසික ආතති තත්ත්වයන් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම ඇති වුවද පුරුෂ පාර්ශ්වයට සාපේක්ෂව ස්ත්‍රී පාර්ශ්වයට ඉන් සිදුවන්නා වූ බලපෑම ඉහළය. නිවෙස , රැකියා ස්ථානය සහ සමාජය තුළ හැසිරෙන විට පුරුෂයන්ට සාපේක්ෂව කාන්තාවන්ට බොහෝ පීඩාකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවේ. මානසික ආතතිය කෙරෙහි එහි ප්‍රතිඵලයක් ලෙස මානසික ආතතිය ඇතිවිය හැකිය. සිටින්නා වූ කාන්තාවන් එයට ප්‍රතිචාර දැක්වන්නේ පුරුෂ පාර්ශ්වයට හාත්පසින් වෙනස් ආකාරයෙනි.මෙහිදී කාන්තාවන් උද්වේ ඒක කර නොවන අතර ගැටුම් ඇතිකර ගැනීමට නොයයි.සාකච්ඡා කිරීමෙන් තම ආතතිමය තත්ත්වයන් පහ කරවා ගැනීමට ඔවුන් ප්‍රියතාවයක් දක්වයි. මානසික ආතතියෙහි ලක්ෂණ ලෙස,

හිසකෙස් ගැලවී යාම.

ඔසප් චක්‍රය අක්‍රමවත් වීම.

උදරාබාධ ඇතිවීම.

හිසරදය.

ශරීර වේදනාව.

නොරිස්සුම් සහගත ස්වභාවය.ආදිය හැඳින්විය හැකිය.මානසික ආතතියෙන් පීඩා විඳින්නා වූ පුද්ගලයෙකු වෛද්‍ය ප්‍රතිකාර ගැනීම උචිත වන අතර මීට අමතරව,

සෞඛ්‍ය සම්පන්න ආහාර ලබා ගැනීම.

සුවදායී නින්දක් ලබා ගැනීම.

ව්‍යායාම කිරීම.

සැහැල්ලු මානසික තත්ත්වයක් ගොඩනංවා ගැනීම.

විනෝදාංශයක යෙදීම.

සාකච්ඡා කිරීම.

ආදරය දැක්වීම.ආදිය මඟින් ආතතිමය තත්ත්වයන් මඟ හරවා ගත හැකිය.

 

විශාදය

පැහැදිලි කාරණාවක් නොමැතිව කිසියම් පුද්ගලයෙකු කණගාටුදායක සිතුවිලි වලින් වෙලී සිටීම හෝ බලාපොරොත්තු රහිත බවක් ඇතිවීම  විශාදය ලෙස හඳුන්වයි.විශාදය රෝගී තත්ත්වය ද ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ඕනෑම අයෙකුට වැළඳිය හැකි වුවද සාපේක්ෂව ඉන් පීඩා විඳින කාන්තාවන්ගේ ප්‍රතිශතය ඉහළ අගයක් ගනියි.විශාදය යනු සුළු කොට සැලකිය හැකි මානසික රෝගී තත්ත්වයක් නොවන බවට ඕනෑ තරම් නිදසුන් සමාජයෙන් අසන්නට දකින්නට ලැබෙයි. සබඳතා බිඳවැටීම, රැකියාවේ ගැටලු, ඇබ්බැහිවීම්, සමාජීය , සංස්කෘතික වශයෙන් එල්ලවන්නා වූ විවිධ පීඩාකාරී තත්ත්වයන් , ආර්ථික ගැටලු ආදිය විශාදය රෝගී තත්ත්වයට මග පාදනු ලැබේ.විශාදයෙහි රෝගී ලක්ෂණ ලෙස,

සති දෙකක් හෝ ඊට වඩා වැඩි කාලයක් පවත්නා අධික දුක.

අධික කේන්තිය.

හුදෙකලාව කාලය ගත කිරීම.

ආශ්‍රිත ගැටලු.

ආත්ම විශ්වාසය හීන වීම.

සියදිවි නසා ගැනීමේ සිතුවිලි පහළවීම.

නින්ද ආශ්‍රිත ගැටලු.

අසුභවාදී සිතුවිලි පහළවීම.

ආහාර අරුචිය.

හිසකෙස් නොපිරීම.

නින්ද ආශ්‍රිත ගැටළු.

බලා ගත්තත් බලාගෙන සිටීම.

තද හිසේ කැක්කුම.

ඇසිපිය හෙලන වාර ගණන අඩුවීම. ආදිය වේ. විශාදයෙහි උග්‍රතම අවස්ථාවේදී රෝගියා සියදිවි නසා ගැනීමට පෙළඹෙන අතර කඩිනමින් ප්‍රතිකාර වෙත යොමු කිරීමෙන් සාමාන්‍ය තත්ත්වයට පත් කර ගත හැකිය.

ඉහත රෝග ලක්ෂණ ඔබ සතුව පවතීනම් ගත යුතු සුදුසුම ක්‍රියාමාර්ගය වන්නේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමය. එහිදී වෛද්‍යවරයා විසින් නියම කරන ආකාරයට තම කායික, මානසික චර්යා රටාවන් හැඩගස්වා ගනිමින් කලට වේලාවට නිසි මාත්‍රාවෙන් ඖෂධ ලබා ගැනීම සිදුකළ යුතුය. නමුත් හුදෙක් වෛද්‍ය ප්‍රතිකාරයන්ගෙන් පමණක් මානසික රෝග වැළඳීමෙන් ආරක්ෂා වීම හෝ මානසික රෝගී තත්ත්වයන්ගෙන් මිදීමට අපහසුය. ඒ සඳහා පහත ක්‍රියාමාර්ගයන් පිළිබඳව ඔබට සැලකිලිමත් විය හැකිය.

සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම.

අතිශය කාර්යයබහුල ජීවිත ගත කරන්නා වූ ඔබට නිසි වෙලාවට, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීම මගහැරී යන අතර එය මානසික රෝගයන්ට අත වැනීමකි. බොහෝවිට කාන්තාවන් නිවසෙහි සියලු වැඩ කටයුතු අවසන් කොට, සියලු දෙනා ආහාර ලබා ගැනීමෙන් පසුව කුමන හෝ ආහාරයක් ලබා ගැනීමට පුරුදු වී සිටියි. එසේත් නොමැති නම් කාර්යබහුල ජීවන රටාවත් සමඟ ක්ෂණික ආහාර ලබා ගැනීමට පෙළඹෙයි. මේ හේතුවෙන් ශරීර ශක්තිය ඌණවීම, චිත්ත ඒකාග්‍රතාවය බිඳී යාම, ප්‍රබෝධමත් බවින් තොරවීම, චින්තන හැකියාව අඩුවීම ආදිය සිදුවිය හැක. එය විවිධ මානසික රෝගාබාධයන්ට අත වැනීමකි. මෙම තත්ත්වයන් මඟ හරවා ගැනීමට,

නිසි වේලාවට ප්‍රමාණවත් පරිදි ආහාර ලබා ගැනීම.

සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් පවත්වා ගැනීම.

ක්ෂණික ආහාර ලබා ගැනීමෙන් වැළකීම.

පිරිසිදු එළවලු, පලතුරු, පලා වර්ග ආදිය ආහාරයට ගැනීම.

සැමන් මාළු, සාඩින් මාළු, ටූනා මාළු වැනි ඔමේගා 3 අඩංගු ආහාර ලබා ගැනීම. (තීරණ ගැනීමේ හැකියාව වර්ධනය වීම.මතක ශක්තිය වර්ධනය වීම.)

කෝපි පානය කිරීම. (මොලය අවදිව තබා ගැනීමට උපකාරී වීම.)

චොක්ලට් ආහාරයට ගැනීම. (චොක්ලට් වල අඩංගු ෆ්ලෙමනොයිඩ් සහ කැෆේන් ප්‍රබෝධමත්භාවය ක්‍රියාශීලී භාවය ඇති කිරීමට උපකාරී වේ. නමුත් ප්‍රමාණය ඉක්මවා භාවිතා කිරීම තුළ වෙනත් රෝගී තත්ත්වයන් ඇති වියහැක.)

හොඳින් ජලය පානය කිරීම. ආදිය සිදුකළ හැකිය.

 

ව්‍යායාම සිදු කිරීම.

පුද්ගල ශරීරයෙහි ක්‍රියාශීලීභාවය තුළ කායික මෙන්ම මානසික ලෙඩ රෝග අවම කරගත හැකිය. මෙහිදී මොලය වෙත ලේ ගමනාගමනය ක්‍රමවත් වන අතර මනාව ඔක්සිජන් සැපයීමෙන් මොළයෙහි සෛල ක්‍රියාකාරීවේ. සතියට දින කිහිපයක් හෝ ව්‍යායාම කිරීමෙන් ශරීරයට පමණක් නොව මනසටද ප්‍රබෝධමත්භාවයක් ගෙන දෙන අතර ඒකාකාරී ජීවන රටාවෙන් මිදී මනස සැහැල්ලු කර ගැනීමට හැකියාවක් ලැබේ. ඒ තුළින් සිතීමෙහි හැකියාවද වර්ධනය වේ. මීට අමතරව යෝග ව්‍යායාම වල නිරත වීමද මානසික රෝගයන්ගෙන් මිදීමට උපකාරී වේ. ව්‍යායාම සිදු කරන විට තම කායික රෝගී තත්ත්වයන් පිළිබඳව සහ වයස පිළිබඳව සැලකිලිමත් වෙමින්  සිදුකළ යුතුය.

 

ආගමික කටයුතුවල නිරත වීම.

නීරෝගී බව උතුම්ම ලාභය ලෙස බුදු දහමේ සඳහන්වේ. බුද්ධ දේශනාවෙහි පමණක් නොව ඕනෑම ආගමක් තුළ කායික සහ මානසික සෞඛ්‍ය උසස් කොට සලකනු ලැබේ. භාවනා කිරීම, යාඥා කිරීම, ගීතිකා ගායනා කිරීම ආදී විවිධ ආගමික වතාවත් වල නිරත වීමෙන් චිත්ත ඒකාග්‍රතාවය ඇතිවන අතර මනස සන්සුන් වේ. ඕනෑම ආගමික ඉගැන්වීමක් තුළ නොකළ යුතු යැයි සඳහන් කරන චර්යා රටාවන්ගෙන් වැළකී කටයුතු කිරීම තුළ මානසික නිදහස ළඟා කරගත හැකිය. එතුළින් මානසික සුවපත් භාවය උදාවේ.

 

විනෝදාංශයක යෙදීම.

ගෙවතු අලංකරණය, මැහුම් ගෙතුම් සිදු කිරීම, අත්කම් නිර්මාණ සිදුකිරීම, නර්තනයෙහි යෙදීම, ආහාරපාන සැකසීම, සංචාරයෙහි යෙදීම, ඡායාරූපකරණය ආදී නොයෙකුත් විනෝදාංශයන් ඔබේ මානසික පීඩාකාරී තත්ත්වයන් අවම කිරීමට යොදා ගත හැකිය.මීට අමතරව සංගීතය සතුව මානසික රෝග සුව කිරීමේ ප්‍රබල ශක්තියක් පවතීයි. ඒ බව  මනෝවිද්‍යාඥ සහ සංගීතාචාර්ය ඇල් ෆරාබ් සහ රොබට් හෝර්ටන්ගේ පැහැදිලි කිරීම් තුළින් මනාව සනාත වේ. වයස් භේදයකින් තොරව මෙලෙස විනෝදාංශයක් ජීවිතයට සමීප කරගැනීමෙන් පීඩාකාරී ජීවන තත්ත්වයන් මගහරවා ගත හැකිය. එසේම මානසික ඒකාග්‍රතාවය වර්ධනය කර ගැනීම, චිත්ත වේගපාලනය කර ගැනීම ආදියෙහිලා විනෝදාංශයක යෙදීම ඉතාමත් වැදගත් වේ .

 

යහපත් සමාජ සම්බන්ධතා ගොඩනංවා ගැනීම.

යහපත් සමාජ සම්බන්ධතා ගොඩනංවා ගැනීම තුළ ඕනෑම පුද්ගලයෙකුගේ මනසට ධනාත්මක ආකල්ප ඇතුල් වේ. විවිධ මානසික ගැටලුකාරී තත්ත්වයන්ගෙන් පීඩා විඳිමින් හුදෙකලාව වාසය කරන පුද්ගලයෙකු හට යහපත් සමාජ සම්බන්ධතා ඔස්සේ ඒ තත්ත්වයෙන් විදිය හැකිය.මෙහිදී

මිතුරු මිතුරියන් සමග එක්වී චාරිකා යාම.

අන්‍යයන්ට උපකාර කිරීම.

එකිනෙකාගේ ගැටලු හුවමාරු කර ගැනීම සහ විසඳුම් ලබාදීම.

විනෝදාත්මක ක්‍රියාකාරකම් හී නිරතවීම . ආදිය යහපත් සමාජ සම්බන්ධතා ඔස්සේ ලැබෙන්නා වූ ප්‍රතිලාභයන් වන අතර එමඟින් මානසික රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන්නා වූ පුද්ගලයින් හට යම් සහනයක් ලබා ගැනීමට අවස්ථාව උදාවේ.

 

මත්ද්‍රව්‍ය, දුම්වැටි, මත්පැන් ආදියෙන් වැලකීම.

මත්පැන්, මත්ද්‍රව්‍ය ආදිය කායික වශයෙන් පමණක් නොව මානසික වශයෙන් ද මානවයාට දැඩි බැලපෑම් එල්ල කරයි. ජීවිතයෙහි මුහුණ දීමට සිදුවන්නාවූ විවිධාකාරයේ ගැටලුකාරී, පීඩාකාරී තත්ත්වයන්ට මුහුණ දීම උදෙසා ඇතැම් පුද්ගලයින් මත්ද්‍රව්‍ය, මත්පැන්, දුම් වැටි  ආදිය භාවිතා කරයි.නමුත් ඉන් ලැබෙන්නා වූ ක්ෂණික තෘප්තිය අභිබවා යමින් සිදුවන්නා වූ හානිය අති මහත් ය. එපමණක් නොව මතක ශක්තිය හීන වීම, තීරණ ගැනීමේ හැකියාව අවම වීම, නින්දට බාධා ඇතිවීම, ඉච්ඡාභංගත්වය,  චිත්ත ඒකාග්‍රතාවය නොමැති වීම ආදී මානසික රෝගයන්හී රෝග ලක්ෂණ ඇති වේ. එබැවින් එවැනි හානිදායී ඇබ්බැහිවීම් වලින් තොරව කටයුතු කිරීමෙන් නීරෝගී මනසක හිමිකර ගැනීමට ඔබට හැකියාව ඇත.

ඖෂධීය ප්‍රතිකාරයන්ගෙන් පමණක් සුවය බලාපොරොත්තු නොවී ධනාත්මක, සෞඛ්‍යවත් චර්යා රටා ජීවිතයට එකතු කරගැනීමෙන් කාන්තා ඔබට මානසික සුවතාවයෙන් යුතුව වාසය කළ හැකිය.

 

(ජායාරූප අන්තර්ජාලය ඇසුරෙනි.)


එච්.කේ.එස්.නවෝදා හඳරාගම


Friday, 12 July 2024

A Roar of Pride: National Animals in Countries Across the Globe

National animals serve as powerful symbols of identity and heritage, representing the essence of a nation's values and natural wonders. From majestic creatures to unique wildlife, these revered animals embody the spirit and cultural significance of their respective countries. In this article, we explore the national animals of 20 countries worldwide, delving into their symbolic importance and providing links for further information.


United States - Bald Eagle

The United States does not have an officially designated national animal.However, the bald eagle is widely regarded as the de facto national animal of the United States.The bald eagle is a majestic bird of prey known for its white head and tail, dark brown body, and impressive wingspan.It symbolizes strength, freedom, and independence and is closely associated with American patriotism.The bald eagle was chosen as a symbol of the nation in 1782 by the Continental Congress.It is featured on the Great Seal of the United States and can be found on numerous national emblems, including coins, flags, and government buildings.The bald eagle's recovery from near extinction in the 20th century is considered a conservation success story.It is protected by the Bald and Golden Eagle Protection Act, which prohibits the harming or disturbance of bald eagles and their nests.Bald eagles can be found throughout the United States, particularly near bodies of water where they hunt for fish and small mammals.The bald eagle's iconic status makes it a beloved and recognizable symbol of American wildlife and natural heritage.


United Kingdom - Lion

The United Kingdom's national animal is the lion.The lion holds significant cultural and historical symbolism in the UK.It is a powerful and majestic animal known for its strength and courage.The lion has been associated with the British monarchy for centuries and is depicted on the royal coat of arms.The use of the lion as a national symbol dates back to the 12th century during the reign of King Henry II.The lion represents the royal heritage and authority of the British monarchy.The lion is also often associated with the concept of "Britishness" and is seen as a symbol of national pride and identity.Numerous statues and sculptures of lions can be found throughout the UK, particularly in London.The British lion is often used in various emblems, logos, and military insignia to represent the country.While lions are not native to the UK, their historical and symbolic significance has firmly established them as the national animal of the United Kingdom.


Canada - Beaver

The national animal of Canada is the beaver.The beaver holds great cultural and historical significance in Canada.It is a large, semiaquatic rodent known for its iconic flat tail, webbed feet, and ability to construct elaborate dams and lodges.The beaver has been associated with Canada since the 17th century when it played a significant role in the fur trade, contributing to the country's economic development.The beaver symbolizes industriousness, determination, and the spirit of resourcefulness.It is often seen as a representation of Canada's wilderness, natural heritage, and environmental conservation efforts.The beaver is featured on the Canadian nickel coin and is incorporated into various official emblems, logos, and symbols, including the coat of arms of Canada.The beaver's adaptability and engineering skills make it an enduring symbol of Canadian identity and resilience.In 1975, the beaver was officially recognized as the national animal of Canada by an act of Parliament.The beaver remains a beloved and recognizable symbol of the country, representing both its historical roots and its ongoing commitment to nature and sustainability.

China - Giant Panda

The national animal of China is the giant panda.The giant panda is widely recognized as a symbol of China's unique wildlife and conservation efforts.It is known for its distinctive black and white markings, round face, and gentle demeanor.The panda holds deep cultural significance in China and is often referred to as a national treasure.The Chinese government has taken significant measures to protect and preserve the giant panda, as it is considered a flagship species for conservation.Giant pandas are native to China and are primarily found in the bamboo forests of Sichuan, Shaanxi, and Gansu provinces.The panda's peaceful and playful nature is often associated with harmony and friendship in Chinese culture.The panda is often used as an ambassador for wildlife conservation and is a popular symbol featured on Chinese cultural artifacts and international diplomacy.China has established numerous panda reserves and research centers to support breeding, research, and public education about the conservation of this beloved species.The panda's iconic status as China's national animal serves as a reminder of the country's commitment to environmental protection and the preservation of its natural heritage.


India - Bengal Tiger

The national animal of India is the Royal Bengal Tiger, also known as Panthera tigris tigris.It is one of the largest tiger subspecies and is known for its majestic appearance and distinctive orange coat with black stripes.The Royal Bengal Tiger is found primarily in the Indian subcontinent, particularly in the Sundarbans mangrove forests of West Bengal and other protected areas across the country.It is a carnivorous predator and a powerful hunter, capable of taking down large prey such as deer, wild boar, and buffalo.The Royal Bengal Tiger plays a crucial role in maintaining the ecological balance of India's forests by controlling herbivore populations.Despite being a national symbol of pride and conservation, the population of Royal Bengal Tigers in India has been under threat due to habitat loss, poaching, and illegal wildlife trade.To protect and conserve this magnificent species, India has established several national parks and wildlife sanctuaries, including the famous Jim Corbett National Park and Bandipur National Park.Efforts such as the Project Tiger, launched in 1973, have been instrumental in increasing the tiger population and protecting their habitats.The Royal Bengal Tiger holds cultural significance in India, often depicted in traditional art, literature, and folklore as a symbol of strength, power, and beauty.India celebrates National Wildlife Week from October 2nd to 8th each year, during which awareness programs and initiatives are held to promote the conservation of the Royal Bengal Tiger and other endangered species.


-H.K.S.Navoda Handaragama-




Saturday, 6 July 2024

Let's Stop punishing children

 










වේවැල් කෝටු නාරං සියඹලා                            අතූ

කිතුල් පොල් ඉරටු වැල් කසඹිලියා               අතූ

මෙහැම ඉපල් මගේ දෑතට      නොපෑයුතූ

ආදරයෙන් තේරුම්  කර දීම                               යුතූ


”‍හැඳි නොගා හදන හොද්දත් ගුටි නොගහා හදන දරුවනුත් එකසේම ගුණාත්මක නොවන බවට ”‍ පැරැණි ජන ව්‍යවහාරයේ කියමනක් ඇත. එකී මුල් බැසගත් කියමන යළි යළිත් සනාථ කරනු වස් දඬුවම යන සංකල්පය  තත්කාලීන සමාජයේ  නැතිවම බැරි දෙයක් බවට  පත්වී හමාරය.නමුදු  හොඳින්  සොයා බලනවිට ප්‍රත්‍යක්ෂ වන කාරණාව නම් එම කියමන  ”‍හැඳි නොගා හදන හොද්දත් නොබලා හදන දරුවනුත් එකසේම ගුණාත්මක නොවන බවට ”‍ නිවැරදි විය යුත බවය. පරම්පරාගතව සම්ප්‍රේෂණය වෙමින් පැමිණි ඉහත කියමන  තම පහසුවට විකෘති ලෙස භාවිතා කරමින්  වැරදි මතයක් සමාජ ගත කර ඇති බව ඉන් පැහැදිලි වේ . ඉහත පිරුලෙහි ”‍නොබලා හැදීම”‍ යනු දඬුවම නොවන වඟ  වියත් පාඨක ප්‍රජාවට පුන පුනා කිව යුතු නැත. එහෙයින් සනාථ වන කාරණාව නම් දරුවන්ට දඬුවම අනුචිත බවය. නමුත් යථාර්තය නම් දඬුවම දරුවන්ට අත්‍යවශ්‍යදැයි පැනයක් නැගුවහොත් අදටත් බොහෝ දෙනාගේ පිළිතුර වනුයේ දරුවට දඩුවම අවශ්‍යයි බවය. නමුත්  1992 දී එක්සත් ජාතීන්ගේ ළමා ආරක්ෂක ප්‍රඥප්තියට අත්සන් තැබූ  රටවල් 196 අතරට ශ්‍රී ලංකාව ද අයත් බව ඔවුන් නොදන්නවා විය හැකිය. ඉන් රටවල් 134ක් පාසල තුළ ශාරීරික දණ්ඩනය මුළුමනින්ම පාහේ තහනම් කොට ඇත.එම රටවල් අතරින් රටවල් 54 ක පාසල තුළ පමණක් නොව නිවස තුළ ද සිදු වන සියලු‍ම ආකාරයේ  ආකාරයේ ළමා හිංසනයන්  සහමුලින්ම තහනම් කොට ඇත. එක්සත් ජාතීන්ගේ ළමා ආරක්ෂක පප්‍රඥප්තියට අනුව පහර දීම, පමණක් නොව දණගැස්සීම, තල්ලු‍ කිරීම, සිටුවා තැබීම මෙන්ම වාචික හිංසනය, දරුවන්ට ලැජ්ජාශීලී හැඟීමක් ජනනය වන, ඔවුන්ගේ පෞරුෂය කෙළෙසන ඕනෑම ක්‍රියාවක් හිංසනය යටතට අයත් වේ.එසේ නම් අප දරුවන්ට දඩුවම් ලබා දීමේදී සිදු කරනුයේ ද ඉහත ප්‍රඥප්තිය මඟින්  තහනම් කර වූ දෑය. දඬුවම යන්න තහනම් කළ පමණින් ඉහත රටවල් 134 තුළ  අපරාධ වැඩි වූ බවට සංඛ්‍යාත්මක වාර්තා ලැබී නොමැත..එලෙෂ ලෝකයේ බොහෝ රටවල මේ වන විට දරුවන්ට දඬුවම් කිරීම යන්න එකහෙලාම නීතියෙන්  පවා තහනම් කොට තිබෙන බවත් එම රටවල් හා සංසන්දනය කරන විට  දරුවන්ට දඬුවම් කිරීමෙන් ලාංකේය සමාජය ලක් ප්‍රගතියක් නොමැති බවත් අපහට පැහැදිලි වන කරුණකි. 

මෑතක දී වාර්තා වූ සමහර සිදුවීම් දෙස බලන විට අමානුෂික දඩුවම් හේතුවෙන්  පුංචි දරුවන් පීඩාවට පත්වූ අවස්ථා බොහෝමයක් මෙන්ම දඩුවම් කිරීම හේතුවෙන් දරුවන්ගේ  ජීවිතය පවා අහිමි වී පසුතැවීමට ලක් වූ වැඩිහිටියන් පිලිබද පුවත් ද අප හට අසන්නට දකින්නට ලැබුණි.අප දරුවන්ව සමාන කරනුයේ මල් කැකුළු වලට ය.මතු දිනෙක විකසිතව ලෝකය සුන්දර කිරීමට, සුවඳවත් කිරීමට සිටින්නාවු අනාගත පරපුර වන්නේ දරුවන්ය. යම් හෙයකින් පූදින්නටත් පෙර මල් කැකුළක් තළා පෙළා දැමුවහොත් එයට විකසිත වීමට හැකියාවක් නැත.එතැන් පටන් නිර්මාණය වන්නේ අසුන්දර ලෝකයකි. දඩුවම හේතුවෙන් දරුවාට සිදුවන බලපෑම සහ ඒ හේතුවෙන් අනාගතයට සිදුවන බලපෑම ද ඒ හා සමාන ය.එබැවින් දඩුවම යන වචනය පවා දරුවාගේ සවන වැකීම පවා අයෝග්‍ය වන පුංචි මනසට පීඩාවක් ගෙන දෙන ඉතාමත් රළු වචනයක් බව සඳහන් කළ යුතුය.

අප දරුවන්ට දඬුවම් කිරීමෙන්   බලාපොරොත්තු වන්නේ, වැරඳි නිවැරදි කිරීම හෝ  යහමගට පත් කිරීම ය. දරුවන් යහමගට පත් කිරීම යනු හික්මවීම පමණක් නොවන අතර දරුවකුගේ චර්යාව හික්මවීමක් සහිතව ගොඩනැංවීමට නම් දරුවාට මනා පෞරුෂයක් ද තිබිය යුතුය.නමුත් දඬුවම හේතුවෙන් සිදුවන්නේ වේගවත් සංවර්ධන අවධියක පසුවන දරුවාගේ කායික මානසික පෞරුෂය දුර්වල වීමය. දරුවන් යහමගට ගැනීමට යැයි සිතමින් ඔවුනගේ පෞරුෂ වර්ධනයට බාධා එල්ල කරන්නේ නම් වැඩිහිටියන් ගුරුවරුන් දඬුවම මගින් බලාපොරොත්තු වන්නාවූ කාර්යය ඉටු නොවේ. මන්දයත්   දඬුවම් දීමෙන් සිදු වන්නේ දරුවන් දඬුවමට බියෙන් තමන්ගේ වැරදි චර්යාව මතුපිටින් වැඩ පවත්වාගෙන සිටීමයි. නමුත් ඔවුන් සිදුකළ වැරැද්දෙහි බරපතළකම ඔවුන්ට වැටහෙන්නේ  නැත. වැරැද්දට පොලඹවන  ආකල්පය දරුවන් තුළ  ඒ ආකාරයෙන්ම පවතී.එයට හේතුව වන්නේ  දරුවෙකුට තමා කරන ක්‍රියාවක වැරදි නිවැරදිභාවය කිසිවිටකත් තනිව තෝරා බේරා ගැනීමට නොහැකි නිසාවෙනි. 

දරුවන් උපතින් වැරදි චර්යාවන්ට හුරුවන්නේ නැත.ඔහු හෝ ඇය හැදී වැඩෙන සමාජයේ අසන්නට දකින්නට ලැබෙන අත්දැකීම් ඔස්සේ සමාජානුයෝජනය වීම දරුවාගේ පුරුද්දකි. එසේ නම් දරුවන් අත්දැකීම් ලබා ගන්නේ කාගෙන්ද ? දෙමව්පිය වැඩිහිටි ගුරු දෙගුරුන් ගෙන් නොවේද? දරුවන්  හික්මවීම සඳහා දඬුවම උචිත නම් දරුවන් එම අත්දැකීම් ලබා ගත් සමාජ වටපිටාවේ පුද්ගලයින්ට මුලින්ම දඬුවම් කළ යුතු නොවේ ද?. සමාජය පවසන තරමටම දඬුවම සාර්ථක නම් ඔබ දරුවා හට  කුඩා කළ සිට මේ දක්වා ලබාදුන් නේකවිධ දඬුවම් හා සංසන්දනය කර බලන විට ඔහු හෝ ඇය මේ වන විට කිසිදු වැරැද්දක් නොකරන, හොඳ නරක තෝරා බේරා කටයුතු කරන දරුවෙක් වී සිටිය යුතු නෙවේද? අප සැබවින්ම දරුවෙකුගේ වැරදි චර්යාවක් දෙස බලන විට පෙනී යන්නේ එය වැරදි චර්යාවක් නොව දරුවාට වැරදුණු චර්යාවක් බවයි.මන්දයත් දරුවා යනු මෙලොවට අලු‍ත් ජීවියෙකි.ඔවුන් තම ජීවත්වන සමාජයෙන් ඕනෑම ආකාරයෙහි ආකාරයේ අත්දැකීමක් උකහා ගනියි. එහි හරි වැරදි භාවය හොඳ නරක නොදන්නා දරුවා එය එදිනෙදා ජීවිතයේදී භාවිතා කරයි. එනම් එම අවස්ථාවේදී තමන් කළ යුත්තේ කුමක්ද හැසිරිය යුත්තේ කුමන ආකාරයකටද  යන්න තෝරා බේරා ගැනීමට දරුවාට නොහැකි  වීම හේතුවෙන් දරුවා ගත් තීරණයක සෘණාත්මක පැතිකඩකි. මේ හේතුවෙන් සෑම විටම  විටම දරුවකු වැරැද්දක් කළ විට එය වැරදි චර්යාවක් නොව දරුවාට වැරදුණු චර්යාවක් ලෙස සිතා බලා තීරණ ගැනීම දෙමාපිය වැඩිහිටි ගුරුවරුන්ගේ වගකීමක් වේ. ඔබ අප සැම විටම ප්‍රිය වන්නේ ඕනෑම කර්තව්‍යයක් ධනාත්මක ආකාරයෙන් අවසන් වීමට ය . එසේනම් දරුවෙකුගෙ වැරදි චර්යාවෙහි අවසාන ඵලය දඬුවම වැනි ඍනාත්මක දෙයක් වීම පිළිබඳව අප දෙවල් දෙවරක් සිතා බැලිය යුතුය.

එබැවින් දඬුවම වෙනුවට චර්යා නිවැරදි කිරීම  සුදුසුම ක්‍රමය බව මනෝවිද්‍යා උපදේශකවරුන් පවා පවසා ඇත.චර්යා නිවැරදි කිරීමේ දී සිදු වන්නේ , දරුවක් සිදු කළ වැරැද්ද පිළිබඳව ඔහුට හෝ ඇයට වැටහීමක් ලබා දී වැරදි චර්යාවෙන් දරුවා මුදවා ගනිමින් නිවැරදි චර්යාව කුමක්ද යැයි දරුවාට වටහා දීම ය. දරුවා යනු කුඩා කල සිටම සියල්ල ම වටහා ගැනීමට තරම් මානසික ශක්තියක් හිමි ජීවියෙක් බැවින් එම වටහා දීමේ කාර්යය  වුවද ඉතාමත් බුද්ධිමත් සහ විශ්වාසනීය  ආකාරයෙන් සිදුකළ යුතුය.එලෙස  නිවැරදි කළ හැකි ක්‍රම අතර මතක් කර දීම, අවවාද කිරීම, සමාව අයදීම, තහනම් කිරීමක් පැනවීම, කෝපය නිවෙන තුරු හුදෙකලාව සිටීමට සැලැස්වීම, යම් තැනකට වී හුදෙකලා ව තමා කළ ක්‍රියාව මෙනෙහි කිරීමට සැලැස්වීම, නැවැත එවැන්නක් සිදු නොකිරීමට පොරොන්දු කර ගැනීම, තාවකාලික වරප්‍රසාදයක් අහිමි කිරීම, ආදිය ඇතුලත් වේ. 

ඉතිහාසය පිරික්සා බලන විට දඬුවම යන්න ශ්‍රී ලාංකික සමාජයට අයත් කාරණාවක් නොවන බව සෙල්ලිපිවල සඳහන් වන ආකාරයට පැහැදිලි වේ. එනම්  දෙවන විජයබාහු ,වෝහාරිකතිස්ස වැනි රජවරු පඬිවරුන්ට උපදෙස් ලබා ලබාදී ඇත්තේ රාජකීය දරුවන්ට දඬුවම් ලබා නොදීම උචිත බවටය. එලෙස බලන කල විද්‍යාව තාක්ෂණය ආදී සෑම අංශයකින්ම මෙතරම් දියුනුවට පත් ලෝකයක ජීවත්වන අපගේ චින්තනය කොතරම් ප්‍රාථමික මට්ටමක පවතින්නේ දැයි පැහැදිලි වේ.මෙහිදී අප දතයුතු කාරණාවක් නම් අප බටහිර ආධිපත්‍යයට නතු වී සිටි යුගයෙහි බටහිර ජාතීන් විසින් ශ්‍රී ලාංකිකයින් තලා පෙලා පීඩාවට පත් කිරීමට කස පහර ලබාදීම වේවැල් පහර දණගැස්සීම ආදී දඬුවම් ක්‍රම භාවිතා කොට ඇති බවය. එලෙස වෙනත් සංස්කෘතියක් තුළ තිබූ පීඩාකාරී පිළිවෙතක් ලාංකීය සංස්කෘතිය තුළ රෝපණය කොට ගෙන එයට ජලය පොහොර දැමීම ශ්‍රී ලාංකිකයින් වශයෙන් ලැජ්ජා විය යුතු කාරණාවකි. මන්ද යත් බටහිර ජාතීන් විසින් ශ්‍රී ලාංකිකයන්ගේ ස්වාධීනත්වය කෙළෙසමින් ඔවුනගේ පෞර්ෂත්වය හීන කරවමින් සදාකාලික වහල් ජාතියක් ලෙසට සිංහල ජාතිය තබා ගැනීමට ගත් දඬුවම , අප අපගේ අනාගත පරපුරෙහි විනාශය කරා යෙදවීම නිසාවෙනි. එබැවින් එම සාම්ප්‍රදායික මානසිකත්වයෙන් මිදී නවමු ඇසකින් දරුවන් දෙස බලා පුංචි මල් කැකුළු තලාපෙළා රිදවීමට පෙර දෙවරක් සිතා බැලීම වැඩිහිටි ගුරු දෙගුරුන්ගේ වගකීමකි.

(ජායාරූප අන්තර්ජාලය ඇසුරිනි)


එච් . කේ . එස් නවෝදා හඳරාගම


Born of Emojis

Today, the way we talk to each other has changed a lot. Emojis, those little pictures we add to texts and posts, have become a big part of h...