සෑම වසරකම ජනවාරි මස හතරවන දින ජාත්‍යන්තර බ්‍රේල් දිනය සමරනු ලැබේ.2018 වර්ෂයේ නොවැම්බර් මාසයේදී මුල් මුල්වරට බ්‍රේල් දිනය ප්‍රකාශයට පත්කොට ඇත. බ්‍රේල් ක්‍රමය සොයාගත් ලුවි බ්‍රේල් ගේ උපන්දිනේ යෙදී තිබෙන හෙයින් ජනවාරි හතර බ්‍රේල් දිනය නමින් නම් කරන ලදී. වර්ෂ 1809 දී උපත ලද ලුවි බ්‍රේල් උපතින්ම දෘශ්‍යාබාධිත පුද්ගලයෙකු නොවේ.නමුත් ඔහුට වයස අවුරුදු තුනේදී පමණ සිදුවූ අනතුරකින් එක් ඇසක් අන්ධභාවයට පත්විය.පසුකාලීනව සිම්පතටික් ඔප්තැල්මියා නම් රෝගී තත්ත්වය හේතුවෙන් ඔහුගේ අනිත් ඇසද අන්ධභාවයට පත්විය. හෙතෙම වයසින් වැඩෙත්ම අන්ධ දරුවන් උදෙසා අධ්‍යාපනය ලබා දෙන පාසලකට ඇතුළත් කරන ලදී.එම පාසලේදී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට පුංචි ලූවී බ්‍රේල් සමත් විය.පසුකාලීනව ඔහු සිදුකළ සොයා ගැනීමක ප්‍රතිඵලයක් වශයෙන් බ්‍රේල් ක්‍රමය නමින් දෘශ්‍යාබාධිතයන්ට ලිවීමට සහ කියවීමට හැකි සංඥා පද්ධතියක් ලෝකයට දායාද විය.
Saturday, 3 January 2026
ජාත්‍යන්තර බ්‍රේල් දිනය- International braille day
දෘශ්‍යාබාධිත පුද්ගලයින් හට පහසුවෙන් ස්පර්ශ කොට හඳුනාගත හැකි ලෙස කඩදාසියකින් ඉහළට සහ පහළට එබී ගිය තිත් පද්ධතියක් ආශ්‍රයෙන් නිර්මාණය වී ඇති අතින් ස්පර්ශ කරමින් ලිවීම සහ කියවීම සිදුකළ හැකි කේත පද්ධතියකි. මෙම ක්‍රමයේදී තම දබර ඇඟිල්ල වමේ සිට දකුණට යවමින් ලිවීම සහ කියවීම සිදුකරනු ලැබේ.බ්‍රේල් ක්‍රමය යනු කේත පද්ධතියකි. ලොව පවත්නා එක් එක් භාෂාවන්හී අකුරු සහ ඉලක්කම් නියෝජනය වන පරිදි බ්‍රේල් ක්‍රමය නිර්මාණය කොට ඇත.මෙම වැදගත් සොයා ගැනීම කළ පුද්ගලයා සිහිපත් කිරීම සඳහා ජාත්‍යන්තර බ්‍රේල් දිනය නමින් දිනයක් හඳුන්වා දී ඇත.
බ්‍රේල් ක්‍රමයෙහි ප්‍රභවය
අතීතයේ සිටම බ්‍රේල් ක්‍රමය ආශ්‍රිත විවිධ අත්හදා බැලීම් සිදුකර ඇත.19 වන සියවසේ මුල් භාගයේදී බ්‍රේල් ක්‍රමයට සමාන කියවීමේ සහ ලිවීමේ ක්‍රමයක් සාර්ථක විය.එම ක්‍රමය ප්‍රයෝජනයට ගනු ලැබූයේ හමුදා සෙබළුන් විසිනි.ප්‍රංශයේ නැපෝලියන් අධිරාජයාට සේවය කරමින් සිටි චාල්ස් බාබියර් නමැත්තා විසින් එම ක්‍රමය සොයා ගන්නා ලදී.එය රාත්‍රී ලිවීමේ ක්‍රමය ලෙස හඳුන්වනු ලැබේ. එම ක්‍රමයේ උපයෝගී කර ගනිමින් රාත්‍රියේදී සෙබළුන්ට සතුරාට නොපෙනෙන ආකාරයට සන්නිවේදනය කිරීමට හැකියාව ලැබිණි.එය තිත් දොළහකින් සමන්විත ක්‍රමයකි.දිනක් පුංචි ලුවි බ්‍රේල් ඉගෙනුම ලබන පාසලට චාල්ස් බාබියර් නම් හමුදාප්‍රධානියා සංචාරයක නිරත වීම උදෙසාා පැමිණියේය.එහිදී හමුදා සෙබළුන් භාවිත කළ තිත් දොළහෙහි ක්‍රමය මෙම පාසලේ දරු දැරියන්ටද හඳුන්වා දීමට හෙතෙම කටයුතු කළේය.එතැන් පටන් දෘශ්‍යාබාධිත ප්‍රජාව ප්‍රජාවගේ ලිවීම සහ කියවීම සඳහා මෙම ක්‍රමය භාවිතයට ගැනිණි.නමුත් පුංචි ලුවි බ්‍රේල් තම දක්ෂතාවයන් උපයෝගී කර ගනිමින් තිත් දොළහ වෙනුවට තිත් හයක ලිවීමේ සහ කියවීමේ ක්‍රමයක් සොයා ගන්නා ලදී.මෙම සොයා ගැනීම සිදුකරන විට පුංචි ලුවි බ්‍රේල්ගේ වයස අවුරුදු පහළොවක් පමණ විය. සංකීර්ණ තිත් දොළහේ ක්‍රමය වෙනුවට වඩාත් සරල සහ පහසු තිත් හයේ ක්‍රමයක් තම ප්‍රජාව වෙත හඳුන්වාදීමට පුංචි ලුවි බ්‍රේල් කටයුතු කරන ලදී.එතැන් පටන් මේ දක්වා විවිධ වූ පරිවර්තනයන්ට ලක් වෙමින්, විවිධ වූ භාෂාවන්ට පරිවර්තනය වෙමින් බ්‍රේල් ක්‍රමය කෘෂ්‍යාබාධිත ප්‍රජාවන්ට සවියක් වෙමින් පවතී.
ජාත්‍යන්තර බ්‍රේල් දිනයෙහි වැදගත්කම.
බ්‍රේල් ක්‍රමයෙහි නිර්මාතෘවරයා වන ලුවි බ්‍රේල්ට ගෞරව කිරීම.
දෘශ්‍යාබාධිත ප්‍රජාවගේ අයිතිවාසිකම් පිළිබඳ කතිකාවතක් සමාජයෙහි ඇති කිරීම.
දෘශ්‍යාබාධිත ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්‍ෂාකිරීම.
දෘශ්‍යාබාධිත ප්‍රජාව මුහුණ දී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සහ ඒවාට පිළිතුරු ලබාදීම.
දෘශ්‍යාබාධිත ප්‍රජාව කෙරෙහි රජයෙහි අවධානය යොමු කිරීමට වඩාත් දිරිමත් කිරීම.
දෘශ්‍යාබාධිත පුද්ගලයින් සඳහා සමාජය තුළින් උසස් තත්ත්වයක් සහ ගෞරවාන්විත භාවයක් නිර්මාණය කිරීම.
එච්.කේ.එස්.නවෝදා.හඳරාගම.
Thursday, 1 January 2026
ෆෝබියා/ භීතිකාවක් යනු
ෆෝබියා/ භීතිකාවක් යනු
යම් අවස්ථාවක් වස්තුවක් සිද්ධියක් හෝ පුද්ගලයෙක් කෙරෙහි ඇතිවන්නා වූ අහේතුක අසාමාන්‍ය අතාර්කික අධික බිය වේ. ෆෝබියා යන වචනය මේක භාෂාවේ Phobic-Phobe යන වචනයන්ගෙන් බිඳී පැමිණෙන්නකි.මෙම රෝගී තත්ත්වය කාංසාව ආශ්‍රිත අක්‍රමිකතා ගණයට අයත් වේ. බාහිරින් බලන පුද්ගලයකුට භීතිකාවන් යනු විකාරරූපී දෙයක් වුවද එමගින් ඉන් පෙලෙන්නන් හට මහත් පීඩාවන් ගෙනදෙයි. කූඹින්ට ඇති බිය නිසාවෙන් පසුගිය දිනෙක ඉන්දියානු කාන්තාවක් සියදිවි නසා ගැනීමේ සිදුවීම එයට හොඳම නිදසුනකි. රැකියාව, පවුල් ජීවිතය, අධ්‍යාපන කටයුතු ඇතුළු සමස්ත සමාජයීය ජීවිතයටම බලපෑම් එල්ල කිරීමට හීතිකා තත්ත්වයන් සමත් වේ.
භීතිකා ඇතිවීමට බලපාන සාධක
ප්‍රධාන වශයෙන් භීතිකා ඇතිවීමට ජානමය සාධක සහ ජීවිත අත්දැකීම්, මොළයේ ක්‍රියාකාරීත්වය, තොරතුරු වල බලපෑම ආදිය හේතු වේ.
රෝග ලක්ෂණ
මෙම රෝගී තත්ත්වයෙහි රෝග ලක්ෂණ වශයෙන් ඔක්කාරය, උමතු හැඟීම, අධික ලෙස දහඩිය දැමීම, උදරයේ වේදනාව, ශරීරය සහ කටහඬ වෙව්ලීම, ස්වසන අපහසුතා,වේගවත් හෘද ස්පන්දනය, මගහැර යාම ආදිය දැක්විය හැකිය. මීට අමතරව බිය උපදවන දේ පිළිබඳව නිතර නිතර මෙනෙහි කිරීම, අදාළ වස්තුව,සිදුවීම හෝ පුද්ගලයා හේතුවෙන් තමා මිය යනු ඇතැයි බියෙන් පසුවීම, තම පාලනය තමාගෙන් ගිලිහී යාම, අදාළ භීතිකාවට හේතුවන වස්තුව හෝ ස්ථානය මගහැරීමට උත්සාහ දැරීම ආදිය ද භීතිකාවන්හි රෝග ලක්ෂණ ලෙස දැක්විය හැකිය.
ප්‍රධාන ෆෝබීයා/භීතිකා වර්ග.
ෆෝබියා වර්ගීකරණය යටතට ගැනෙන විවිධ වර්ගීකරණයන් ලෝකයෙහිවතී පවතියි. ඒ අතුරින් එක් වර්ගීකරණයක් පහත දැක්වේ.
1. Agraphobia සෙනඟ පිරුණු ස්ථානයන්හී ගැවසීමට ඇති බිය. මෙහිදී තමන් පෙළෙන ෆෝබියා තත්ත්වයන්ට උදව් ලබා ගැනීමට අපහසු ස්ථානයන්හි ගැවසීමට රෝගියා බියෙන් පසුවේ.
2.Social phobia සමාජමය හෝ පොදු තත්ත්වයන්ට ඇති බිය.මෙවැනි ෆෝබියාවන්හිදී සමාජයෙහි ගැරහීමට අවමානයට ප්‍රතික්ෂේප වීමට ලක්වෙතැයි රෝගියා බියෙන් පසුවේ. නිදසුනක් වශයෙන් විශාල පිරිසක් ගැවසෙන ස්ථානවලට යාමට ඇති භීතිකාව දැක්විය හැකිය.
3. Specific phobia විශේෂිත වූ තත්ත්වයකට හෝ සිදුවීමකට දක්වන බිය.සතුන්,ස්වභාවික පරිසරය, රුධිරය, තුවාල, ගුවන් යානාවන්හි ගමන් කිරීම වැනි විශේෂිත තත්ත්වයන් කෙරෙහි ඇතිවන භීතිකාවන් මේ යටතට ගැනෙයි.
ඉහත භීතිකාවන් වර්ග යටතට ගැනෙන භීතිකාවන් රාශියකි.
1. Trypanophobia ඉඳිකටු වැනි වූ උපකරණයන්ට ඇති බිය මේ නමින් හැඳින්වේ.තියුණු උලක් සහිත උපකරණයන්ගෙන් තමන්ට හානි වේ යැයි මෙම භීතිකාව සහිත පුද්ගලයින් නිරන්තර බියෙන් පසුවෙති. වේදනාවට අධික සංවේදී වීම, කුඩා කාලයෙහි අමිහිරි අත්දැකීම් වලට මුහුණ දීම ආදිය Trypanophobia තත්වයට හේතු විය හැකිය. ඉදිකටු,සිරින්ජර වැනි ඇනෙන සුළු උපකරණ සහිත පරිසරයන්හි රැකියාවෙහි යෙදීම ජීවත්වීම මෙවැනි පුද්ගලයින්ට දැඩි පීඩාවක් ගෙන දෙන්නකි.
2.Philophobia
ආදරය කිරීමට ඇති භීතිකාව මේ නමින් හැඳින්වේ. සමීප සබඳතා ආරම්භ කිරීමට සහ පවත්වාගෙන යාමට බිය වීම,අහේතුකව වත්මන් සහකරු අහිමිවෙතැයි බිය වීම, සබඳතාවයෙහි අනාරක්ෂිත භාවය පිළිබඳව ඇති වන බිය ආදිය Philophobia තත්ත්වයට අදාල වේ. ළමා කාලයෙහි ආදරය සහ පිළිගැනීම අහිමිවීම, කම්පන සහගත අත්දැකීම්, දික්කසාද වීම, අපයෝජනයන්ට ලක්වීම ආදිය මෙම භීතිකා තත්ත්වයට හේතුවිය හැකිය.
3.Plutophobia
විශාල මුදල් ප්‍රමාණයකට දක්වන භීතිකාව මේ නමින් හැඳින්වේ. විශාල මුදල් ප්‍රමාණයක් එකවර උපයා ගැනීම,ලොතරැයි දිනුමක් ලැබීම,මහා පරිමාණ මුදල් ගනුදෙනු සිදුකිරීම,තමා ධනවත්භාවයට පත්වීම ආදිය විෂයෙහි මෙම රෝගී තත්වය සහිත පුද්ගලයින් අධික බියක් දක්වයි. ඇතැම් අවස්ථාවන්හිදී මුදල් නෝට්ටු කිහිපයක් ළඟ තබා ගැනීමට හෝ කුඩා මුදලක් ඉතිරි කිරීමට හෝ මෙවැනි පුද්ගලයින් බියක් දක්වයි.මොවුහු මුදල් පිළිබඳව සෘණාත්මක හැඟීමකින් පෙලෙති.
4.Eisoptrophobia
කැඩපත් වලට ඇති භීතිකාව මේ නමින් හැඳින්වේ. කැඩපතකින් තම ප්‍රතිබිම්බය මෙන්ම අන්‍යයන්ගේ ප්‍රතිබිම්බයන් දැකීමට එම භීතිකාවෙන් පෙළෙන්නන් බියක් දක්වති.කැඩපතින් අද්භූත දෑ මතු වෙතැයි සිතීම, තමා පිළිබඳව පවත්නා හීනමානය,කැඩපත් පිළිබඳව තිබෙන්නා වූ මිත්‍යා මත පිලිගැනීම ආදිය Eisoptropobia තත්ත්වයට හේතු විය හැකිය.
5.Calisynephobia
ලස්සන, ආකර්ෂණීය කාන්තාවන්ට තිබෙන භීතිකාව මේ නමින් හැඳින්වේ. මෙම භීතිකාවෙන් පෙලෙන්නන් එවැනි කාන්තාවන් දෙස බැලීමට, ඇසුරු කිරීමට, සමීපයෙහි සිටීමටද බියක් දක්වති. මේ හේතුවෙන් ඇතැම් අවස්ථාවන්හිදී ඔවුන් සිහිමුර්ජා තත්ත්වයට ද පත්වේ. Calisynephobiaවෙන් පෙළෙන්නන් නිසි ප්‍රතිකාර නොගතහොත් විවාහ ජීවිතයට ප්‍රවේශ වීමට පවා බලපෑම් එල්ල විය හැකිය.
මීට අමතරව
Arachnophobia මකුළුවන්ට ඇති බිය.
Pogonophobia රැවුලට ඇති බිය.
Hetrophobia විරුද්ධ ලිංගිකයන්ට ඇති බිය.
Ablutophobia සේදීමට හෝ ස්නානයට ඇති බිය.
Agrithmophobia ඉලක්කම් වලට ඇති බිය.
Plutophia විශාල මුදල් ප්‍රමාණයන්ට දක්වන බිය.
Apiphobia මී වැස්සන්ට ඇති බිය.
Xanthophobia කහ වර්ණයට දක්වන බිය.
Gamophibia විවාහයට ඇති බිය.
Acarophibia කැසීමට ඇතිබිය.
Optophobia ඇස් විවර කර සිටීමට දක්වන බිය.
Calisynephobia ආකර්ෂණීය කාන්තාවන්ට දක්වන බිය.
Hathisophobia වාඩිවී සිටීමට දක්වන බිය.
Acerophobia පැඟිරි රසයට ඇති බිය.
Monophobia ස්වයං බිය.
Acousticophobia ශබ්දයට ඇති බිය.
Nomophobia ජංගම දුරකථනය අහිමි වීමේ බිය.
Coimetrophobia සුසාන භූමිවලට ඇතිි බිය.
Hemophobia රුධිරයට ඇති බිය.
Geliphobia සිනාසීමට ඇති බිය.
Aurophobia රන් වලට ඇති බිය.
Heliphobia හිරු එළියට ඇති බිය.
Decidophobia තීරණ ගැනීමට ඇති බිය.
Electrophobia විදුලියට ඇති බිය.
Achluophobia අඳුරට ඇති බිය.
Eisoptrophibia කැඩපතට ඇති බිය.
Zeusophobia දෙවිවරුන්ට ඇති බිය.
Sociophobia සෙවනැලි වලට ඇති බිය.
Pysophobia ගින්දරට ඇති බිය.
Automatonophobia ඉටි රූප, පිළිම වලට ඇති බිය.
Hydrophobia ජලයට ඇති බිය. ආදියද භීතිකාවන් වශයෙන් දැක්විය හැකිය.
භීතිකා තත්ත්වයන් මඟහරවා ගන්නා ආකාර.
මෙහිදී වශයෙන් ප්‍රතිකාර සඳහා යොමු වීම ඉතාමත් වැදගත් වේ.
නිරාවරණ චිකිත්සාව (Exposure therapy)
මෙම ප්‍රතිකාර ක්‍රමයේදී ක්‍රමානුකූලව අදාළ වස්තුව, පුද්ගලයා හෝ සිදුවීමට රෝගියා නිරාවරණය කරනු ලබයි. මුල් අදියරයන්හිදී අදාල භීතිකාවට සම්බන්ධ ව්‍යාජ රූපයන් ආදියට රෝගියා නිරාවණය කරයි.පසුව එම භීතිකාවට සම්බන්ධ සැබෑ තත්ත්වයන්ට රෝගියා නිරාවරණය කරනු ලබයි.
සංජානන චිකිත්සාව (Cognitive behavioral therapy)
මෙහිදී ඇතිවී තිබෙන භීතිකා තත්වයන් සමනය කිරීමට රෝගීන්ගේ සිතුවිලි,හැගීම් සහ ප්‍රතිචාර නැවත සැකසීමක් සිදුකරයි.මෙම ප්‍රතිකාර ක්‍රමයේදී සෘණාත්මක සහ නොවැදගත් සිතුවිලි හඳුනා ගැනීමක් සිදුවේ.
මීට අමතරව එක් එක් භීතිකා තත්ත්වයන් සහ මට්ටම් අනුව ඖෂධ නියම කිරීමද සිදුවේ.
භීතිකාවන් යනු සරලව තැකිය හැකි රෝගී තත්ත්වයක් නොවන බව සහ සැගවීමට හෝ ලැජ්ජාවීමට හේතුවක් නොවන බව සමාජය මෙන්ම රෝගියා ද තරයෙහි සිත්හි තබාගත යුතුය. තම ආදරණීයයන් කිසියම් භීතිකාවකින් පෙලෙන්නේ නම් වහාම ප්‍රතිකාර සඳහා යොමු කරවීමෙන් ඔහුගේ හෝ ඇයගේ ජීවිතය සුරක්ෂිත කර ගැනීමට හැකියාව ලැබේ.
එච්.කේ.එස් නවෝදා හඳරාගම
Subscribe to:
Comments (Atom)
ජාත්‍යන්තර බ්‍රේල් දිනය- International braille day
සෑම වසරකම ජනවාරි මස හතරවන දින ජාත්‍යන්තර බ්‍රේල් දිනය සමරනු ලැබේ.2018 වර්ෂයේ නොවැම්බර් මාසයේදී මුල් මුල්වරට බ්‍රේල් දිනය ප්‍රකාශයට පත්කොට ඇත...
-
Think Positive: A Guide to Transforming Your Mindset The power of positive thinking is undeniable. It shapes how we view the world, respo...
-
Today, the way we talk to each other has changed a lot. Emojis, those little pictures we add to texts and posts, have become a big part of h...
-
ලෙප්ටොස්පයිරෝසිස් ( මී උණ) මීට වසර සියයකට පමණ පෙර ජපානයෙහි හා යුරෝපයෙහි විසූ කම්කරුවන් අතර මානව සිඩ්‍රෝමය වේල්ස් නමින් රෝගී ත...