සෑම වසරකම ජනවාරි මස හතරවන දින ජාත්‍යන්තර බ්‍රේල් දිනය සමරනු ලැබේ.2018 වර්ෂයේ නොවැම්බර් මාසයේදී මුල් මුල්වරට බ්‍රේල් දිනය ප්‍රකාශයට පත්කොට ඇත. බ්‍රේල් ක්‍රමය සොයාගත් ලුවි බ්‍රේල් ගේ උපන්දිනේ යෙදී තිබෙන හෙයින් ජනවාරි හතර බ්‍රේල් දිනය නමින් නම් කරන ලදී. වර්ෂ 1809 දී උපත ලද ලුවි බ්‍රේල් උපතින්ම දෘශ්‍යාබාධිත පුද්ගලයෙකු නොවේ.නමුත් ඔහුට වයස අවුරුදු තුනේදී පමණ සිදුවූ අනතුරකින් එක් ඇසක් අන්ධභාවයට පත්විය.පසුකාලීනව සිම්පතටික් ඔප්තැල්මියා නම් රෝගී තත්ත්වය හේතුවෙන් ඔහුගේ අනිත් ඇසද අන්ධභාවයට පත්විය. හෙතෙම වයසින් වැඩෙත්ම අන්ධ දරුවන් උදෙසා අධ්‍යාපනය ලබා දෙන පාසලකට ඇතුළත් කරන ලදී.එම පාසලේදී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට පුංචි ලූවී බ්‍රේල් සමත් විය.පසුකාලීනව ඔහු සිදුකළ සොයා ගැනීමක ප්‍රතිඵලයක් වශයෙන් බ්‍රේල් ක්‍රමය නමින් දෘශ්‍යාබාධිතයන්ට ලිවීමට සහ කියවීමට හැකි සංඥා පද්ධතියක් ලෝකයට දායාද විය.
Saturday, 3 January 2026
ජාත්‍යන්තර බ්‍රේල් දිනය- International braille day
දෘශ්‍යාබාධිත පුද්ගලයින් හට පහසුවෙන් ස්පර්ශ කොට හඳුනාගත හැකි ලෙස කඩදාසියකින් ඉහළට සහ පහළට එබී ගිය තිත් පද්ධතියක් ආශ්‍රයෙන් නිර්මාණය වී ඇති අතින් ස්පර්ශ කරමින් ලිවීම සහ කියවීම සිදුකළ හැකි කේත පද්ධතියකි. මෙම ක්‍රමයේදී තම දබර ඇඟිල්ල වමේ සිට දකුණට යවමින් ලිවීම සහ කියවීම සිදුකරනු ලැබේ.බ්‍රේල් ක්‍රමය යනු කේත පද්ධතියකි. ලොව පවත්නා එක් එක් භාෂාවන්හී අකුරු සහ ඉලක්කම් නියෝජනය වන පරිදි බ්‍රේල් ක්‍රමය නිර්මාණය කොට ඇත.මෙම වැදගත් සොයා ගැනීම කළ පුද්ගලයා සිහිපත් කිරීම සඳහා ජාත්‍යන්තර බ්‍රේල් දිනය නමින් දිනයක් හඳුන්වා දී ඇත.
බ්‍රේල් ක්‍රමයෙහි ප්‍රභවය
අතීතයේ සිටම බ්‍රේල් ක්‍රමය ආශ්‍රිත විවිධ අත්හදා බැලීම් සිදුකර ඇත.19 වන සියවසේ මුල් භාගයේදී බ්‍රේල් ක්‍රමයට සමාන කියවීමේ සහ ලිවීමේ ක්‍රමයක් සාර්ථක විය.එම ක්‍රමය ප්‍රයෝජනයට ගනු ලැබූයේ හමුදා සෙබළුන් විසිනි.ප්‍රංශයේ නැපෝලියන් අධිරාජයාට සේවය කරමින් සිටි චාල්ස් බාබියර් නමැත්තා විසින් එම ක්‍රමය සොයා ගන්නා ලදී.එය රාත්‍රී ලිවීමේ ක්‍රමය ලෙස හඳුන්වනු ලැබේ. එම ක්‍රමයේ උපයෝගී කර ගනිමින් රාත්‍රියේදී සෙබළුන්ට සතුරාට නොපෙනෙන ආකාරයට සන්නිවේදනය කිරීමට හැකියාව ලැබිණි.එය තිත් දොළහකින් සමන්විත ක්‍රමයකි.දිනක් පුංචි ලුවි බ්‍රේල් ඉගෙනුම ලබන පාසලට චාල්ස් බාබියර් නම් හමුදාප්‍රධානියා සංචාරයක නිරත වීම උදෙසාා පැමිණියේය.එහිදී හමුදා සෙබළුන් භාවිත කළ තිත් දොළහෙහි ක්‍රමය මෙම පාසලේ දරු දැරියන්ටද හඳුන්වා දීමට හෙතෙම කටයුතු කළේය.එතැන් පටන් දෘශ්‍යාබාධිත ප්‍රජාව ප්‍රජාවගේ ලිවීම සහ කියවීම සඳහා මෙම ක්‍රමය භාවිතයට ගැනිණි.නමුත් පුංචි ලුවි බ්‍රේල් තම දක්ෂතාවයන් උපයෝගී කර ගනිමින් තිත් දොළහ වෙනුවට තිත් හයක ලිවීමේ සහ කියවීමේ ක්‍රමයක් සොයා ගන්නා ලදී.මෙම සොයා ගැනීම සිදුකරන විට පුංචි ලුවි බ්‍රේල්ගේ වයස අවුරුදු පහළොවක් පමණ විය. සංකීර්ණ තිත් දොළහේ ක්‍රමය වෙනුවට වඩාත් සරල සහ පහසු තිත් හයේ ක්‍රමයක් තම ප්‍රජාව වෙත හඳුන්වාදීමට පුංචි ලුවි බ්‍රේල් කටයුතු කරන ලදී.එතැන් පටන් මේ දක්වා විවිධ වූ පරිවර්තනයන්ට ලක් වෙමින්, විවිධ වූ භාෂාවන්ට පරිවර්තනය වෙමින් බ්‍රේල් ක්‍රමය කෘෂ්‍යාබාධිත ප්‍රජාවන්ට සවියක් වෙමින් පවතී.
ජාත්‍යන්තර බ්‍රේල් දිනයෙහි වැදගත්කම.
බ්‍රේල් ක්‍රමයෙහි නිර්මාතෘවරයා වන ලුවි බ්‍රේල්ට ගෞරව කිරීම.
දෘශ්‍යාබාධිත ප්‍රජාවගේ අයිතිවාසිකම් පිළිබඳ කතිකාවතක් සමාජයෙහි ඇති කිරීම.
දෘශ්‍යාබාධිත ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්‍ෂාකිරීම.
දෘශ්‍යාබාධිත ප්‍රජාව මුහුණ දී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සහ ඒවාට පිළිතුරු ලබාදීම.
දෘශ්‍යාබාධිත ප්‍රජාව කෙරෙහි රජයෙහි අවධානය යොමු කිරීමට වඩාත් දිරිමත් කිරීම.
දෘශ්‍යාබාධිත පුද්ගලයින් සඳහා සමාජය තුළින් උසස් තත්ත්වයක් සහ ගෞරවාන්විත භාවයක් නිර්මාණය කිරීම.
එච්.කේ.එස්.නවෝදා.හඳරාගම.
Subscribe to:
Post Comments (Atom)
මාධ්‍ය සාක්ෂරතාවය
වර්තමාන සමාජය තුළ අපගේ ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් බවට මාධ්‍ය පත්ව ඇත. රූපවාහිනිය, ගුවන්විදුලිය, පුවත්පත්, අන්තර්ජාලය, ෆේස්බුක්, වට්ස්ඇප්, යූට...
-
The Bermuda Triangle The Bermuda Triangle, also known as the Devil's Triangle, is an area in the western part of the North Atlantic Ocea...
-
Artificial Intelligence (AI) has become one of the most remarkable and influential technologies of the 21st century, revolutionizing va...
-
Nestled in the lush green landscapes of Sri Lanka, the Sinharaja Rainforest stands as a testament to the island's rich natural heritage....

No comments:
Post a Comment