ඊනීඩ් මේරි බ්ලයිටන් යනු ලොව මෙතෙක් බිහි වූ ලේඛිකාවන් අතරින් ඉතාමත් සාර්ථක ලේඛිකාවක් ලෙස සැලකේ.විශේෂයෙන්ම ළමා සාහිත්‍යය ග්‍රන්ථ නිර්මාණයේදී ඊනිඩ් බ්ලයිටන්ගේ ග්‍රන්ථ ඉතාමත් ජනප්‍රිය වේ.ඊනිඩ් මේරි බ්ලයිටන්, 1897 අගෝස්තු 11 වෙනිදා එංගලන්තයේ ලන්ඩන් නුවර නැඟෙනහිර ඩල්විච් ප්‍රදේශයේ උපත ලැබුවාය. දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහල් දරුවා ඇය විය.ඇගේ පියා තෝමස් කෙරි බ්ලයිටන් නම් වූ අතර මව තෙරේසා මේරි නම් විය.ගහකොළ සතා සිවුපාවන් ඇසුරේ ගැවසුණු ඊනීඩ් මේරි බ්ලයිටන් කුඩා කල සිටම ස්වභාව ධර්මයට ඉතාමත් ඇලුම් කළ දැරියකි.එම පුරුදු සිය පියාගෙන් ඇයට දායාද වූවක් යැයි සැලකේ.
ඊනීඩ් බ්ලයිඩ් අධ්‍යාපනය ලබන්නේ බෙකන් හම්හි ශාන්ත ක්‍රිස්ටෝප පාසලෙනි. ඒ 1907 ස්සිට 1915 දක්වා කාලයේදීය.පාසල් කාලයේදී ටෙනිස් කණ්ඩායමේ නායිකාව වශයෙන් කටයුතු කිරීමටද ඇයට භාග්‍ය උදාවිය.වර්ෂ 1911 දී ආතර් මී ගේ ළමා කවි තරගයට ඇතුළත් වූ පුංචි බ්ලයිට්න්ගේ කවි මුද්‍රණය කිරීමට අවස්ථාවක් උදා විය. කෙසේ නමුත් ඇගේ ලිවීමේ හැකියාව පිළිබඳව ඇගේ මව සිටියේ අකමැත්තෙනි.මේ හේතුවෙන් ඇගේ කුඩා කල මිතුරිය වන මේරි පෝටර්ගේ නැන්දනිය බ්ලයිට්න්ගේ ලිවීමේ කටයුතු වලට උපකාර කළාය.එසේම පුංචි බ්ලයිට් හට යානෝ වාදනය ඉගැන්වීමට ඉගැන්වීමට ද පියා කටයුතු කළාය.අවසන සංගීතය සහ ලේඛනය යන අංශ දෙකෙන් එක් අංශයක් තෝරා ගැනීමට ඇයට සිදුවිය.මෙහිදී ඇය ලේඛණය තෝරා ගත්තාය.එතැන් පටන් ඇගේ ජීවිත ගමන මල් යහනාවක් නොවීය. මන්දයත් ඇගේ අත්පිටපත් බොහෝ අවස්ථාවන්හිදී ප්‍රකාශකයින් විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි. නමුත් සිය උත්සාහය අත්නොහැරී බ්ලයිටන්ගේ කවි කිහිපයක් වර්ෂ 1916 දී ප්‍රථම වරට සඟරාවක පළ කර ගැනීමට හැකි විය. මේ අතර වර්ෂ 1918දී සිය ගුරු පුහුණුව සම්පූර්ණකර ඊනීඩ් හට රූපත්වීමක්ද හිමිවිය. පසුව 1920 කාලයේදී චෙසිංන්ටන් වෙත ගිය ඇය නිදහස් කාලයේදී ලිවීමේ කටයුතු සිදු කළාය. 1921 දී On the popular fallacy that to the pure all things are pore නම් රචනයෙන් ඇය ජයග්‍රහණයක් ලැබුවාය.
වර්ෂ 1922දී ඇයගේ ප්‍රථම ග්‍රන්ථය චයිල්ඩ් විස්පර්ස් නමින් එළිදැක්වූවාය.එය පිටු විසි හතරකින් සමන්විත විය. එතැන් පටන් ක්‍රම ක්‍රමයෙන් ඇය සිය සාර්ථකත්වයෙහි ගමන ඇරඹුවාය. එතැන් පටන් Noddy,Secrect seven,Malory towers, St,clare's, Tha naughties girl ආදී ලොව පතල ග්‍රන්ථ රාශියක් ඇගේ පන් හිඳෙන් ලොවට දායාදවිය. මෙලෙස වසර ගණනාවක් ලෝක සාහිත්‍ය පෝෂණය කරනු වස් සිය ජීවිතය කැප කළ ඒ මහා කතුවරිය වර්ෂ 1968 නොවැම්බර් මස 28 වන දින මෙලොවින් සමු ගත්තාය.
ඇය මෙලොවින් නික්ම ගොස් වසර ගණනාවක් ගත වුවද තවමත් ඇයගේ ග්‍රන්ථයන්ට පවතිනුයේ ඉහළ ඉල්ලුමකි. මේ වන විට ඇගේ ග්‍රන්ථ පිටපත් මිලියන 600 කට වඩා අලෙවි වී තිබෙන අතර භාෂා අනූවකට පමණ පරිවර්තනය වී ඇත.ඇගේ ග්‍රන්ථයන්හි වස්තු විෂය වනුයේ අධ්‍යාපනය අභිරහස් මනක් කල්පිත දෑ ආදිය වේ.ඉතාමත් පුළුල් පරාසයක විහිදුණු මාතෘකා යටතේ ග්‍රන්ථකරණයෙහි නියැලීමට බ්ලයිටන්ගේ හපන්කම් දැක්වූවාය.මේ වනවිට ඇයගේ ග්‍රන්ථානුසාරයෙන්ම රූපවාහිනි කතා මාලා පවා නිර්මාණය වී ඇත. මෙලෙස පරම්පරා ගණනාවක් දැනුමින් විනෝදයෙන් ත්‍රාසයෙන් පුරවාලු ඊනිඩ් බ්ලයිටන්ගේ උපන්දිනයට (අගෝස්තු 11).මගේ සුබ පැතුම්.
එච්.කේ.එස්.නවෝදා හඳරාගම
No comments:
Post a Comment