Thursday, 25 September 2025

ජාත්‍යන්තර සාම දිනය 2025




සාමය යනු යුද බියෙන් තොරවීමය.කිසියම් රටක මතුපිට ගැටුම් නැති වූ පමණින් එය සාමයයි කිව නොහැකිය.සෑම ජාතියක් අතරම මිත්‍රත්වය සහයෝගීතාව සබඳතා පවත්වාගෙන යාම වැදගත් වේ කිසියම් පාර්ශ්ව කිහිපයක් අතර පවතින ගෞරවය යුක්තිය සාධාරණත්වය යන ගුණාංග විදහා පාන සබඳතාවය සාමයයි. (කැලණිය විශ්ව විද්‍යාලයෙහි දර්ශන අධ්‍යනාංශයෙහි ජ්‍යෙෂ්ඨ කථිකාචර්ය ඕෂධී හේරත්). ජාතින් අතර සාමය ඇති කිරීමට වෙන්කළ දිනය සාම දිනය යනුවෙන් සරලව හැඳින්විය හැකිය.වර්ෂ 1982 සිට සෑම සැප්තැම්බර් මසකම 21 වන දිනය ජාත්‍යන්තර සාම දිනය වශයෙන් නම්කර තිබේ. 1981 වර්ෂයේ එක්සත් රාජධානිය සහ කොස්ටරිකා රාජ්‍යය ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙදිනට ජාත්‍යන්තර සාම දිනය සැමරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කරන ලදී.විවිධ වර්ෂයන්හි විවිධ තේමාවන් ඔස්සේ සමරන ලෝක සාම දිනයෙහි 2025 තේමාව වනුයේ "සාමය සඳහා ක්‍රියාමාර්ග: ගෝලීය ඉලක්ක සඳහා අපගේ අභිලාෂයන්"  ("Action for peace.Our ambition for the global goals") යන්න වේ. 

රටක භෞමික අඛණ්ඩතාවය උදෙසා සාමය අත්‍යාවශ්‍ය සාධකයකි. එය රටක සංවර්ධනයටද බලපානු ලැබේ. සාමය නොමැති වූ විට ප්‍රචණ්ඩත්වය ඇතිවේ. අප රට තුළ මෙන්ම ලෝකයෙහිද විවිධ ජාතීන් වාසය කරයි. මෙකී විවිධත්වයේ හේතුවෙන් ඇතැම් අවස්ථාවන්හිදී බෙදීම් ඇතිවේ. අප රටෙහි තිස් වසරක පැවති යුද්ධය, සිංහල මුස්ලිම් කෝලාහලය, පාස්කු ප්‍රහාරය,රුසියානු යුක්‍රේන යුද්ධය, ඊශ්‍රායෙල් පලස්තීන යුද්ධය එකී විවිධත්වය අනුව බෙදී යාමේ ප්‍රතිඵල වේ. මෙම තත්ත්වය හේතුවෙන් සංවර්ධනය වෙමින් පවතින රට වලට සිදුවනුයේ සංවර්ධනය උදෙසා වැය කිරීමට තිබෙන මුදල් යුද්ධයෙන් අවතැන්වූවන් සහ යුද්ධයෙන් හානි සිදුවූ ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමට යෙදවීමය.එය ගෝලීය වශයෙන් ගත් කල සංවර්ධනය අඩාල කිරීමට පොදු හේතුවකි. අනෙත් කාරණාව නම්, ලෝකයෙහි රටවල් කුමන හෝ දාමයකින් බැදී පැවතීම ය. මේ හේතුවෙන් එක් රටක සාමයට බාධා වන කිසියම් හෝ කාරණාවක් සිදු වුවහොත් එය මුළු ලෝකයටම බලපෑමය. ලෝක ආර්ථිකයට, සෞඛ්‍යට, අධ්‍යාපනයට ,දේශපාලනයට ආදී විවිධ අංශයන්ට හානි සිඳුවේ. එබැවින් සමාජය තුළ තනි පුද්ගලයින් වශයෙන් මෙන්ම ලෝකය තුළ තනි රටවල් වශයෙන් සාමය පවත්වාගෙන යාමේ විශාල වගකීමක් අප උරමත පැටවී ඇත.

මිනිසා අතර කුමන ආකාරයෙහි විවිධත්වයක් පැවතිය ද එය පදනම් විරහිත දෙයක් බව තර්කයකින් තොරව දැක්විය හැකිය.එයට හොඳම උදාහරණය ආගමික විවිධත්වය වේ.
වරක් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පැවසූයේ සාමය යනු වටිනා ත්‍යාගයක් වන අතර එය ප්‍රවර්ධනය කර ආරක්ෂා කළ යුතු යුතුය යන්නය.එසේම වරක් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් වසර හතරකට පසු රෝහිනී නදියෙහි ජලය බෙදා ගැනීමට නොහැකිව යුද වැදීමට ගිය ශාක්‍ය කෝලිය දෙපිරිස සමගි කිරීමට ගොස් මෙසේ දේශනා කොට තිබිණ තිබිණි මිනිස් ජීවිත සමග සසඳන විට වටිනාකමින් අඩු ජලය නිසා සටන් වැද මිනිස් ජීවිත විනාශ කරන්නේ කුමකටද වැරදි වැටහීම් නිසා මිනිසුන් යුද්ධ කරනවා. ඒ නිසා හිරිහැර සිදුකර ගන්නවා. මේ ගැන සාවදානම සිතා බලා තීරණයක් ගත යුතුයි." එසේම ඉස්ලාම් ආගමෙහි මුහම්මත් තුමාණන් සහ අල් කුරාණයෙහි දැක්වෙන්නේද සමගියෙන් සහ සාමෙන් ජීවත් වීමට සෑම මිනිසකු සතුවම වගකීමක් තිබෙන බවය. සමස්තයක් වශයෙන් ගත් කළ සියලුම ආගම්වල පවසා ඇත්තේ ප්‍රචණ්ඩත්වයෙන් තොර සාමකාමී ස්වභාවය උතුම් බවය.කුමන ආකාරයේ විවිධතා මතුවුවද ඒ සියල්ල මිනිසා විසින් නිර්මාණය කරගන්නා ලද පුහු, පදනම්හි විරහිත විවිධත්වයන් බව පැහැදිලි වේ.එබැවින්සා මය මුල් කර ගනිමින් ගැටුම්වලින් තොර සදාචාර සම්පන්න සමාජයක් ලොවපුරා බිහි කර ගැනීම ඉතාමත් වැදගත් වේ.
තනි පුද්ගලයෙකු වශයෙන් ගත් කළ කල්හකාරී බව ප්‍රචණ්ඩත්වය මුළුමනින් ඉවත දමා ජාතිවාදය නොතකමින් එකම ලොවක් ලෙස ඉදිරියට යාමට අපි අදිටන් කර ගත යුතුවේ.


එච්.කේ.එස්.නවෝදා හඳරාගම

No comments:

Post a Comment

සඳ ගමනේ සැඟවුණු සඳ-ක්‍රියෝලා කැත්‍රීන් ජෝන්සන්

වර්ෂ 1918 අගෝස්තු මස 26 වන දින බටහිර වර්ජිනියාවේ වයිට් සල්ෆර් ස්ප්‍රින්ග් හී උපත ලැබූ ක්‍රියෝලා කැත්‍රීන් ජෝන්සන් දරුවන් සිව් දෙනෙකුගෙන් යුත...