Tuesday, 2 December 2025

ධම්මපදයෙන් බිඳක්

 


මෙසිරිලක නිතිපතා ධර්මය ශ්‍රවණය කරන්නා වූ උපාසක උපාසිකාවන් වාසය කරති.කෙතරම් දහම් කරුණු ශ්‍රවණය කළද තම ජීවිතයේ අකුසලයෙන් මුදවා කුසලයෙහි යෙදවීමට එම දහම් අකුසලයෙන් මුදවා කුසලයෙහි යෙදවීමට එම දහම් කරුණු ප්‍රයෝජනයට නොගන්නේනම් ඉන් පලක් නොමැත. එබැවින් ජීවිතයේ මුහුණ දීමට සිදුවන ඕනෑම අවස්ථාවකට මුහුණ දීම සඳහා අප බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්ම කරුණු උපයෝගී කර ගැනීම ඉතාමත් වැදගත් වේ. එබඳු ධර්ම කරුණු ඇතුළත් ග්‍රන්ථයක් වශයෙන් ධම්මපදය හැඳින්විය හැකිය. ධම්මපදය සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායට අයත් වේ. එය බෞද්ධයාගේ අත්පොත වශයෙන් හැඳින්වීම නිවැරදිය.බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අතැඹුලක් සේ එහි දක්වා ඇත.ධම්මපදයෙහි ගාථා 423 ක් ඇති අතර ඒවා තේමා විසි හයක් යටතේ වර්ග වශයෙන් දක්වා ඇත. මෙම ධර්ම කරුණු තුන්කල්හිම ප්‍රයෝජනයට ගත හැකි ඉතාමත් වටිනා අදහස් වලින් අනූන වේ. එබඳු වටිනා අදහස් ඇතුළත් ගාථාවක් වශයෙන් යමක වග්ගයෙහි තුන්වෙනි ගාථාව හැඳින්විය හැකිය.

අක්කොච්ජි මං අවධි මං
අජිනි මං අහාසි මේ
යෙ තං උපනය්හන්ති
වෙරං තෙසූපසම්මති.

"එනම් අසවලා මට බැන්නේය. අසවලා මට පහර දුන්නේය. අසවලා මා පරාජයේ කොට යග්‍රහණය කළේය. අසවලා මා සතු දේ පැහැරගත්තේ යැයි තමන්ට හිරිහැර කළ කිසියම් අයෙකු පිළිබඳව නැවත නැවත සිතේ වෛරය නොබදිත්ද එම පුද්ගලයාගේ වෛරය සංසිදෙයි."
අපට ජීවිතයෙහි විවිධාකාර පුද්ගලයින් මුණගැසෙයි. එම පුද්ගලයින්ගේ ක්‍රියා කලාපයන් හේතුවෙන් අප හට නින්දා, ප්‍රශංසා,  ලාබ, අලාභ, හොඳ, නරක ආදිය සිදුවෙයි. මෙවැනි තත්ත්වයන් හමුවේ ඇතැම් අවස්ථාවන්හිදී  අප ඔවුන් සමඟ ගැටීමට යයි. එවැනි අවස්ථාවන්හිදී ජීවිත දේපල හානි පවා සිදුවේ.එවිට ඇතිවන වෛරී සහගත සිතුවිලි සංසාරය පුරාවටම අප සමග සෙවනැල්ලක් මෙන් ගමන් කරයි. මේ හේතුවෙන් අප මෙන්ම අපගේ ප්‍රියයන්ද දුකට පත්වේ.එයට හොඳම උදාහරණය කාලි යකින්නගේ කතා වස්තුවයි.එබැවින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි තමාට හිංසා පීඩා කළ අය කෙරෙහි පවා වෛරසිත් ඇති කර නොගනිමින් මෛත්‍රී සිත් වඩා වර්ධනය කර ගැනීම නියම බෞද්ධයකුගේ ගුණාංගයක් වේ.

මීළඟට යමක වගෙහි දොළොස් වැනි ගාථාව දෙස අවධානය යොමු කරමු.

සාරංච සාරතෝ කත්වා අසාරංච අසාරතෝ
තේසාරං අධිගච්ඡන්ති 
සම්මා සංකප්ප ගෝචරා

"එනම් සරුදය සරු වශයෙන්ද නිසරු දෙය නිසරු වශයෙන්ද වටහාගන්නා තැනැත්තා ධර්මයක් ලබති." මෙම ගාථාවට අනුව අපට එදිනෙදා ජීවිතයේදී හොඳ නරක යන දෙඅංශයටම මුහුණ දීමට සිදුවේ. එහිදී හංසයා දියෙන් කිරි වෙන් කර ගන්නා මෙන් හොඳ දෑ පමණක් අප ජීවිතයට ඒකරාශී කර ගැනීමට කටයුතු කළ යුතුය.කොතෙක් ලාභ ප්‍රයෝජන ලැබුණද නිසරු දෙය නිසරු ලෙස වටහාගත යුතුය.නිදසුනක් වශයෙන් ඔබේ සමීප මිත්‍රයෙකු කූට ක්‍රමයකින් විශාල මුදල් සම්භාරයක් උපයනවා යැයි සිතන්න. එලෙස මුදල් ඉපයීමට ඔබටද ඔහු බලපෑම් කරනවා යැයි සිතන්න.නමුත් කෙතරම් මුදල් අපහසුතාවයකින් සිටියද ඔබ එම වංචනික ක්‍රමයෙන් මුදල් ඉපයීම ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔබ බුදු මග ගමන් ගමන් ගන්නා බෞද්ධයෙක් වශයෙන් හැඳින්වීය හැකිය.

මීළඟට අප්පමාද වග්ගයෙහි හතරවෙනි ගාථාව දෙසට යොමුවෙමු.

උට්ඨානවතෝ සති මතෝ
සුචි කම්මස්ස නිස්සම්මකාරිනො
සඤ්ඤතස්ස ච ධම්මජීවිනෝ අප්පමත්තස්ස යසෝභි වඩ්ඩති

මෙම ගාථාවට අනුව "නැගී සිටීමේ වීර්යයෙන් යුක්ත වූ මනා සිහියෙන් යුක්ත වූ පිරිසිදු ක්‍රියා සහිත විමසා බලා කටයුතු කරන මනා හික්මීමක් සහිත දැහැමින් ජීවත්වන ජීවත්වන අප්‍රමාද වූවන්ගේ යසස වර්ධනය වෙයි" මෙම ගාථාවෙහි අපගේ කීර්තිය වඩා වර්ධනය වන කරුණු හතක් ඇතුළත් වේ.එනම්,
උත්සාහවන්ත භාවය 
මනා සිහියෙන් යුක්ත වීම
 යුක්ත යුක්තවීම 
පිරිසිදු ක්‍රියා ඇති බව විමසිලිමත්ව කටයුතු කිරීම සංවර්ශීලී බව නිවැරදි ජීවිකා වෘත්තියක් ඇති බව
 පමා නොවී කටයුතු කරන බව ආදිය වේ. මෙම ගුණාංගයන්ගෙන් යුක්ත වූ කිසිවිටකත් අකුසල කර්මයන් සිදු කරන්නේේ නැත.හෙතෙම නිවැරදි ආකාරයට ජීවිකාව ගෙන යමින් කටයුතු කිරීමට උත්සාහවන්ත වෙයි. එවැනි පුද්ගලයින් මෙලොව පරලොව යන දෙලොවම සැනසීම ලබයි.


මීළඟට බාල වග්ගයෙහි දෙවැනි ගාථාව වෙත යොමුවෙමු.

චරංචේ  නාධි ගච්චෙයිය සෙයියං සදිස මත්තනො
ඒක චරියං දල්හං කයිරා
නත්ති බාලේ සහායතා


එනම් "ආශ්‍රය කිරීමට  තමන්ට වඩා ක්ෂේත්‍ර වූ හෝ තමාට සමාන වූ හෝ කෙනෙක් නොමැති නම් තනිව වාසය කිරීම සුදුසුයි යන්නයි"  උපතේ සිට මරණය දක්වා ජීවිත කාලය තුළ අපට විවිධ වූ අවධීන් පසු කිරීමට සිදුවේ.එම අවධීන්හිදී විවිධ පුද්ගලයින් අපහට මුණගැසේ.එම පුද්ගලයින් විවිධ වූ චරිත ලක්ෂණයන්ගෙන් ලෝක ස්වභාවයයි.එය වෙනස් කිරීමට අපට නොහැකිය.අපට හමුවන ඇතැම් පුද්ගලයින් අප කුසලයෙහි යෙදවීමට කටයුතු කරන අතර තැන් පුද්ගලයින් අප අකුසලයෙහි යෙදවීමට කටයුතුු කරයි.අප අකුසලයෙහි යෙදවීමට කටයුතු කරන පුද්ගලයින්ගෙන් ඈත්ව තනිව වාසය කිරීම සුදුසු බව මෙම ගාථාවෙන් ගම්‍යවන අර්ථය වේ.


සමස්තයක් වශයෙන් ගත් කල ඉහත ගාථාවන්ගෙන් කියැවෙනුයේ වෛර නොකිරීම,කුසලයෙහි යෙදීම, ධාර්මික පුද්ගලයින් ආශ්‍රය කිරීම,ධාර්මික දිවි පෙවෙතක් ගත කිරීම ආදිය වේ. බෞද්ධයන් වශයෙන් අප ඉහත සඳහා ගුණාංගයන්ගෙන් යුක්ත වීම යනු බුදුන් වහන්සේ දෙසූ මාර්ගයෙහි ගමන් කිරීම හා සමාන වේ.එබැවින් ශ්‍රවණය කොට ඉවත ලෑමට නොව ධම්මපදයෙන් බිඳක් ජීවිතයට ඒකරාශී කර ගැනීමට අප සිත්හි තබා ගතයුතුය.


එච්.කේ.එස්.නවෝදා හඳරාගම

No comments:

Post a Comment

ධම්මපදයෙන් බිඳක්

  මෙසිරිලක නිතිපතා ධර්මය ශ්‍රවණය කරන්නා වූ උපාසක උපාසිකාවන් වාසය කරති.කෙතරම් දහම් කරුණු ශ්‍රවණය කළද තම ජීවිතයේ අකුසලයෙන් මුදවා කුසලයෙහි යෙදව...