Saturday 7 September 2024

ශ්‍රී ලාංකිය ජනාධිපතිවරණයන්ට තරඟ කළ කාන්තාවෝ - 03 (1982-2024)


 ශ්‍රීමා දිසානායක

1943 ජනවාරි මස පළවෙනි දින එල්. පියසේන මහත්මා සහ එම මැතිනියට දාව උපත ලැබූ වජිරා ශ්‍රීමතී ලේනව දිසානායක ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපන‍යෙන් පසු පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි කලා යෝග්‍යතා පරීක්ෂණය සමත් වූ අතර, නීති විද්‍යාලයෙහි පළමු වසර දෙවන වසර සහ තෙවන වසර ප්‍රථම පන්තියේ ගෞරව සාමාර්ථයක් සමඟ සමත් විය. නීති විද්‍යාලයෙහි ඉගෙනුම ලබමින් සිටින අතරතුර ගාමිණී දිසානායකයන්ගේ මුණගැසීම ඇගේ ජීවිතයෙහි වැදගත් සිදුවීමක් විය. නීති විද්‍යාලයෙන් ඉවත් වී ගාමිණී දිසානායකයන් සමඟ විවාහ වූ ඇය 1960 අගෝස්තු මස නීතිඥවරයකු ලෙස නිල නොලත් නීතිඥ මණ්ඩලයෙහි සේවයට බැඳුණි. පසුව 1968 දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සහකාර ඇස්තමේන්තු නිලධාරිනියක ලෙස සේවයට බැඳුණාය.

ගාමිණී දිසානායකයන්ගේ පියා වන ඇන්ඩෲ දිසානායකයන්ගේ ආසනය සහ ගම් ප්‍රදේශය වූ නුවරඑළිය මස්කෙළිය ආසනයෙන් සිය සැමියා මැතිවරණයට ඉදිරිපත් වන්නට තීරණය කළ පසු සිය රැකියාවෙන් වැටුප් රහිත ඉල්ලීමක් ශ්‍රීමා දිසානායකයන් විසින් ඉල්ලුම් කළද එය ප්‍රතික්ෂේප විය. පසුව රැකියාවට සමුදුන් ඇය සිය හත්මස් බිලිඳා මව ‍ෙවත භාර දී සැමියාගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කටයුතු කිරීමට නුවරඑළිය බලා පිටත් විය.

එහිදී ගාමිණී දිසානායකයන්ගේ ජයග්‍රහණය උදෙසා නුවරඑළිය කාන්තා සංවිධාන එක්කාසු කරගත් ඇය, ඔහුගේ පසුපස සෙවණැල්ලක් මෙන් රැඳෙමින් කටයුතු කළාය. එවර මැතිවරණයෙන් ගාමිණී දිසානායකයන් ජයග්‍රහණය කළ ආසනය ඡන්ද පෙත්සමක් හේතුවෙන් අහිමි විය. මේ නිසා කෙටි කලකින් පැවැත්වීමට තීරණය කළ අතුරු මැතිවරණය වෙනුවෙන් දිවා රෑ වෙහෙසීමට ඔවුන්ට සිදුවිය. එහිදීද සැමියා පසුපස රැඳෙමින් ඔහුට ශක්තියක් වීමට ඇය සැදී පැහැදී සිටියාය.

1994 ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් ව සිටි ගාමිණී දිසානායකයන්ගේ ඝාතනයත් සමඟ ඉන් පුරප්පාඩු වූ තනතුරට තරග කිරීමට සිදුවූයේ ශ්‍රීමතී දිසානායක මැතිනියට ය. ඇය ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වළකාලීම සඳහා නෛතික ක්‍රියාමාර්ග පවා ගැනීමට යම් යම් පුද්ගලයින් කටයුතු කර තිබිණි. එවකට කොටි මර්දනය කොට ඒකීය සමෘද්ධිමත් දේශයක් උදා කිරීමේ ඒකායන පරමාර්ථයක් ඇය සතුව තිබිණි. නමුත් එම මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණය කිරීමට හැකි වූයේ එක් ආසනයක් පමණි. ඒ බදුල්ල දිස්ත්‍රික්කයට අයත් මහියංගණය ආසනයයි.


ජායාරූප අන්තර්ජාලය ඇසුරිනි.

එච්.කේ.එස්.නවෝදා හඳරාගම 

No comments:

Post a Comment

ශ්‍රී ලාංකිය ජනාධිපතිවරණයන්ට තරඟ කළ කාන්තාවෝ - 04 (1982-2024)

අජන්තා පෙරේරා වර්ෂ 1963 මැයි මස 5 වන දින හෝමාගමදී උපත ලද ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය පවුලෙහි වැඩිමල් දියණිය වූවාය. නවය ශ්‍රේණිය දක්වා විශාඛ...