වර්ෂ 1918 අගෝස්තු මස 26 වන දින බටහිර වර්ජිනියාවේ වයිට් සල්ෆර් ස්ප්‍රින්ග් හී උපත ලැබූ ක්‍රියෝලා කැත්‍රීන් ජෝන්සන් දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා විය. ඇගේ මව සහ පියා ජොයිලට් රොබර්ට් සහ ජෝෂුවා කෝල්මන් නම්විය.මව ගුරුවරියක වූ අතර පියා දර කපන්නෙක්,ගොවියෙක් අත්කම්කරුවෙක් විය. පුංචි කැත්‍රීරින් කුඩා කල සිටම ඉගෙනීමට දස්කම් දැක්වූ අතර ගණිත විෂයෙහි අති දක්ෂ ශිෂ්‍යාවක් විය. වයස අවුරුදු 14 දී උසස් පාසලෙන් උපාධිය සම්පූර්ණ කොට කළු ජාතිකයින්ට වෙන් වූ විද්‍යාලයක් වන WVSC වෙත ඇතුල් විය. විද්‍යාලයෙන් පිරිනමන්නා වූ සෑම ගණිත පාඨමාලාවක් ම හැදෑරූ ඇය එම සෑම පාඨමාලාවකින්ම කැපී පෙනෙන දස්කම් දැක්වීය. වයස අවුරුදු 18 දී ගණිතය සහ ප්‍රංශ භාෂාව පිළිබඳව උපාධියක් ද ඇය ලබා ගත්තාය. වයස අවුරුදු 18 දී ගණිතාංශයෙන් උපාධියක් ලබාගත් ප්‍රථම කාන්තාව බවට පත්වීමට ඇයට වාසනාව හිමි විය. අවුරුදු 19දී ගණිත ගුරුවරයකු ලෙස සේවය කළ ඇය, වයස අවුරුදු 20දී ආචාර්ය උපාධිය ලබා ගනුයේ එවැනි අඩු වයසකින් ආචාර්යය උපාධිය ලබාගත් ප්‍රථම කාන්තාව බවට පත්වෙමිනි. ඇගේ දක්ෂතාව කොපමණද යත් කිසිවෙකුටත් තේරුම් ගැනීමට නොහැකි වූ අයින්ස්ටයින්ගේ ගණිත ගැටලු පවා ඇය ඉතාමත් පහසුවෙන් විසඳනු ලැබීය.1939 වර්ෂයේදී විවාහ වනවිට ඇය ගුරුවරියක ලෙස සේවය කළාය.නමුත් විවාහයෙන් පසු ගුරු සේවාවෙන් ඉවත් වී ගණිත උපාධි වැඩසටහනට ඇතුළත් විය. පසුව එයින් ඉවත් වී ඇගේ පවුල් ජීවිතය පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට ඇයට සිදුවිය.මේ සියල්ල අවසානයෙහි ගණිතඥයෙකු ලෙස ඇය සිය වෘත්තීය ජීවිතය තෝරාගන්නා ලදී.නමුත් එකල ඇමරිකාවෙහි අප්‍රිකානුවන්ට සහ කාන්තාවන්ට ගණිතඥයෙකු ලෙස කටයුතු කිරීම ඉතාමත් දුෂ්කර කාර්යයක් විය. නමුත් එකල සමාජයෙහි තිබූ සියලු ඒකාකෘතීන් බිඳ දමමින් ඇය සිය අරමුණ කරා ළඟාවිය.ඇයගත් සියළු තීරණ පසුපස ඇගේ මවගේ නොසැලෙන ධෛර්යයද තිබූ බව පැවසිය යුතුමය.
1952 වර්ෂයේදී නාසා ආයතනයට ගණිතඥයන් අවශ්‍ය බවට ඉල්ලුම්පත් කැඳවා තිබිණි.ඇය ඒ සඳහා ඉහලින්ම සුදුසුකම් ලැබීය. මුල් කාලීනව කාන්තා ගණිතඥයින්ගේ සංචිතයේ වැඩකටයුතු කළ ඇය, ගුවන්යානා වලට අදාළ ගණිතමය කාර්යයන්, විශ්ලේෂණයන්, ජ්‍යාමිතිය ආදිය පිළිබඳව ඇගේ දැනුම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරවන ලදී. මෙම ක්ෂේත්‍රය ආශ්‍රිතව තිබූ ස්ත්‍රී පුරුෂ අසමානාතාවය ගැන නොතැකු කැත්‍රීන් සෑම විටම ඇගේ ආත්ම ශක්තිය විශ්වාස කරමින් ඉදිරියටට ගියාය.පසුකාලීනව පුරුෂ පාර්ශවය බහුලව සේවය කරන මාර්ගෝපදේශ සහ පාලක අංශයේ වැඩ කටයුතුවලට සහභාගි වූ ඇයගේ දක්ෂතා එහිදී ද කැපී පෙනිණි.
කැත්‍රීන් විසින් අභ්‍යවකාශ ගමන් වලට අවශ්‍ය සංකීර්ණ ගණනය කිරීම් පරීක්ෂා කළාය. මේ ආකාරයට බොහෝමයක් අභ්‍යවකාශ යාන ගොඩ බැස්වීම, පියාසර මාර්ග,නැවත ආරක්ෂිතව පැමිණීමේ ගමන් මාර්ගය ගණනය සඳහා ඇගේ දායකත්වය ලබා දෙන ලදී. 1909දී ඇපලෝ 11 ව්‍යාපෘතියේ දී සඳ මතට ගොඩ බැස්වීමෙහි ගණනය කිරීම් සිදුකිරීමට මෙන්ම ගමන් පථය විශ්ලේෂණය කිරීමටද ඇය දැක් වූ සහයෝගය අපමණය. වරක් නීල් ආම්ස්ට්‍රෝන් පවසා සිටියේ කැත්‍රීන් ජෝන්සන් නම් චරිතය නොමැති නම් ඔහුට සඳ මතට යෑමට නොහැකි වන බවය. එය සනාථ වනුයේ කැත්‍රීන් විසින් Orbital mechaninics සහ Astrodynamics සොයාගැනීම හේතුවෙනි. 1961 වර්ෂයේදී අභ්‍යවකාශයට ගිය ප්‍රථම ඇමෙරිකානුවා වන ඇලන් ෂෙපර්ඩ්ගේ අභ්‍යවකාශ පියාසැරිය සඳහා අවශ්‍යය ගමන්පථය ගණනය කළේද ඇය අතිනි.1961 සිඳුකළ බුධ ග්‍රහයාගේ මෙහෙයුම් ව්‍යාපෘතිය දියත්කිරීමේ කවුළුව සඳහා අවශ්‍ය ගණනය කිරීම්ද සිඳුවූයේ මෙම අතිදක්ෂ කාන්තාව අතිනි.
The space shuttle,Sattelite plans for a future human mission to mars වැනි ව්‍යාපෘති සඳහාද ඇයගේ දායකත්වය ලබාා දුන්නාය. ගඟනගාමීන්ට අභ්‍යවකාශයෙහි නිශ්චිත ස්ථානය සොයා ගැනීමට පහසු වන පරිදි තනි තරු නිරීක්‍ෂණය කරන පද්ධතියක් කැත්‍රීන් විසින් නිර්මාණය කරන ලදී.
එසේම පර්යේෂණ පත්‍රිකා 26කට අධික සංඛ්‍යාවක සමකතෘ ලෙස කටයුතු කළ ඇය අභ්‍යවකාශ විද්‍යාව සහ පරිගණකය පිළිබඳව පුරෝගාමී චරිතයක් විය.වර්ෂ 1958 සිට 1986හි විශ්‍රාම යන තෙක් අභ්‍යවකාශ තාක්ෂණවේදයකු ලෙස කටයුතු කරන ලදී.1971, 1980, 1984, 1985, 1988 යන වර්ෂයන් හීදී ලැන්ග්ලි පර්යේෂණ මධ්‍යස්ථානයේ විශේෂ සම්මානයක් හිමිකරගත්තාය. 1977 වර්ෂයේදී නාසා ආයතනය මඟින් දුන් ගෞරව සම්මානයකින්ද ඇය පිදුම් ලැබුවාය. 2006 වර්ෂයේ Honory doctor of science ගෞරව නාමයද 2015 වර්ෂයේදී ඇමෙරිකානුවෙක් හට හිමිවන්නා වූ ඉහළම ඇගයීම වන ජනාධිපති නිදහස් පදක්කමද 2016 වර්ෂයේදී Arthur B.C. Walker II සම්මානයද ඇතුළු සම්මාන ගණනාවකින් ඇය පිදුම් ලැබුවාය. ඇයට සිදුකරන ගෞරවයක් වශයෙන් නාසා ආයතනයෙහි ප්‍රධාන ගොඩනැගිලි ද්විත්වයක් ද 2016 වර්ෂයේ ලැන්ග්ලි පර්යේෂණ මධ්‍යස්ථානයෙහි නව ගොඩනැගිල්ලක්ද ඈ නමින් නම්කරන ලදී.
මේ ආකාරයට බලන කළ "සෑම සාර්ථක පිරිමියෙකු පසුපසම කාන්තවක් සිටී." යන කියමන සනාථ කරමින් ආම්ස්ට්‍රෝන්ගේ සඳ ගමන පසුපස සිටි අදෘශ්‍යමාන හස්තය කැතරීන් ජොන්සන් ලෙස හැඳින්විය හැකිය.
කළු සුදු භේදයෙන් ඇමරිකාව දෙකඩවී තිබූ කාල වකවානුවක කළු ජාතික කාන්තාවක් හට මේසා විශාල සොයා ගැනීම් සිදුකළ ඇගේ නාමය ඉතිහාසයෙහි රන් අකුරින් ලියැවී හමාරය.
එච්.කේ.එස්.නවෝදා හඳරාගම.
No comments:
Post a Comment