Tuesday, 30 September 2025

මාර්ග අනතුරු




 

            අනතුරු වළකමු - ජීවිත සුරකිමු


මේ දිනවල සුලභව කතිකාවතට ලක්වන්නා වූ මාතෘකාවක් වශයෙන් මාර්ග අනතුරු හැඳින්විය හැකිය.ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මාර්ග ආරක්‍ෂාව ගෝලීය මට්ටමේ ගැටලුවක් බවට පත්වී ඇත. ශ්‍රී ලංකා පොලිසියට අනුව දිනකට ශ්‍රී ලංකාව තුළ මාර්ග අනතුරු 64 ක් පමණ සිදුවේ. එසේම ශ්‍රී ලංකාවෙහි රිය අනතුරු හේතුවෙන් සෑම පැය හතරකට වරක්ම ජීවිතයක් අහිමි වේ.  රිය අනතුරු හේතුවෙන් වසරකට ජීවිත විශාල ප්‍රමාණයක් අහිමිවන බව සමීක්ෂණයන්ගෙන් තහවුරු වී ඇත.ඒ බව මෑතකදී අසන්නට දකින්නට ලැබුණු  සිදුවීම් වලින්ද පැහැදිලි වේ. කොතෙක් මාර්ග අනතුරු සිදු වුවද ඒවා පාලනය කිරීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් නොමැතිවීම දුර්වලතාවයකි.එබැවින් මාර්ග අනතුරු වැළැක්වීමට පහත ක්‍රියාමාර්ග ගත හැකිය.

ධාවනයට එක් වන්නා වූ රථ වාහන තරමට මාර්ග පුළුල් කිරීම, ප්‍රමිතියකින් යුතු මාර්ග ඉදි කිරීම, මාර්ගවලට ඔරොත්තු දෙන්නා වූ වාහන ධාවනය කිරීම, විනයානුකූල රථ වාහන ධාවනයක් රියදුරන්ට හඳුන්වාදීම, මහා මාර්ග නීති දැඩි කිරීම, රථ වාහන අනතුරු ආශ්‍රිත අධ්‍යානයන් සිදුකොට වාර්තා ඉදිරිපත් කිරීම, මහා මාර්ග නඩත්තුව පිළිබඳව අවධානය යොමු කිරීම ඒ අතරින් ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයකි.

රජය පමණක් නොව පදිකයින් සහ රියදුරන් වන අපත් මේ පිළිබඳව අවධානය යොමු කොට මාර්ග අනතුරු අවම කර ගැනීමට කටයුතු කළ යුතුය.


එච්.කේ.එස්.නවෝදා හඳරාගම

No comments:

Post a Comment

Stop World War

  Throughout history, wars have shaped the destiny of nations, but they have also brought unimaginable suffering to humanity. From the devas...