Sunday, 5 October 2025

ලෝක ගුරු දිනය 2025


 සෑම වසරකම සමස්ත දිසාපාමොක් පරපුර වන්දනීයත්වයට පත් කිරීම උදෙසා ලෝක ගුරු දිනය ඔක්තෝම්බර් මස 06 වන දින සමරනු ලැබේ. ලෝක ගුරු දිනය ලෝකයට හඳුන්වා දුන් පුද්ගලයා වනුයේ ශ්‍රී ලාංකිකයකු වන එම්.පී.මෙන්ඩිස් මහතා විසිනි.ඒ 1990 අගෝස්තු 06 වැනිදා මධ්‍යම ඇමරිකාවේ කොස්ටාරිකා රාජ්‍යයේ සැන්ජොසේ නගරයේ කොරබිස් හෝටල ශාලාවෙහි පැවැත් වූ ලෝක ගුරු සංගම් සම්මේලනයේදී ය.

විවිධ රටවල මෙම දිනය  සැමරීම් දිනයක් ලෙස විවිධ වුවද  ශ්‍රී ලංකාවේ ඔක්තෝබර් 06 වනදා ලෝක ගුරු දිනය සමරනු ලැබේ. මෙවර ලෝක ගුරු දිනයේ තේමාව වනුයේ ඉගැන්වීම සහයෝගී වෘත්තියක් ලෙස නැවත සකස්කිරීම යන්නයි.

ගරු කිරීමට සුදුසු තැනැත්තා ගුරුවරයා වන අතර සිය ගෞරවාන්විත සේවාව හේතුවෙන් සමාජයේ වන්දනීයත්වයටද පත්වන එකම තැනැත්තාද ගුරුවරයා ද වේ.සෑම ප්‍රශස්ත ගුරුවරයෙකුගේම අරමුණ වන්නේ තමා තරුවක් නම් තම සිසුවා සූර්‍යයා මෙන් බබළනු දැකීමයි. සිගාලෝවාද සූත්‍රයට අනුව ගුරුවරයා සෑම විටම,

ශිෂ්‍යයා මනා හික්මවීමක් තුළ පුහුණු කරයි. මනාකොට ගනු ලැබූවක් සෙයින් ක්‍රමානුකූලව ශිල්ප උගන්වයි.

තමා අසා දැන තිබෙන සියලු ශිල්ප  මැනවින් කියා දෙයි. 

තම මිතුරන් හට ශිෂ්‍යයාව හඳුන්වා දෙයි. සියලු දිශාවන්හි ආරක්ෂාව සපයයි.

එබදු උදාර උතුම් වූ චින්තනයකින් පිරිපුන්ව සිය සේවාව සිදු කරන එකම වෘත්තිකයාද ගුරුවරයා පමණි. 

මෙබඳු උදාර ගතිගුණ ඇති දිසාපාමුක් පරපුර උදෙසා එක් දිනක් පමණක් වෙන් කළ නොහැකිය. වසරෙහි දින 365 පුරාවටම ගුරු බැතියෙන් ඔවුන් පිදීමට කටයුතු කිරීම ඔවුනගෙන් සිප් උගත් අප සැමගේ පරම යුතුකමකි.


එච්.කේ.එස්.නවෝදා හඳරාගම.


මූලාශ්‍ර: මව්බිම පුවත්පත,මහාමේඝ පුවත්පත

No comments:

Post a Comment

  Education is one of the most powerful tools a person can have. It shapes the way we think, helps us understand the world, and gives us the...