Saturday, 7 September 2024

ශ්‍රී ලාංකිය ජනාධිපතිවරණයන්ට තරඟ කළ කාන්තාවෝ - 04 (1982-2024)

අජන්තා පෙරේරා

වර්ෂ 1963 මැයි මස 5 වන දින හෝමාගමදී උපත ලද ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය පවුලෙහි වැඩිමල් දියණිය වූවාය. නවය ශ්‍රේණිය දක්වා විශාඛා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඇයට තානාපතිවරයකු වූ පියාගේ ස්ථාන මාරුවත් සමඟ ඉන්දියාවට යාමට සිදුවිය. පසුව චෙන්නායිහි ගුඩ්ෂෙපර්ඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඇය උසස් අධ්‍යාපන කටයුතු එංගලන්තයෙහි විශ්වවිද්‍යාලයකින් සිදු කරන ලදි. එහිදී ජීව රසායනික විද්‍යාව සහ කායික විද්‍යාව පිළිබඳ උපාධිධාරිනියක ලෙස ලංකාවට පැමිණි අජන්තා පෙරේරා මහත්මිය කැලණිය විශ්වවිද්‍යාලයෙහි සහාය කථිකාචාර්යවරියක් ලෙස සහ කොළඹ විශ්වවිද්‍යාලයෙහි ජීව විද්‍යා අධ්‍යයන අංශයෙහි සහාය කතිකාචාර්යවරියක් ලෙස කටයුතු කරන ලදි. විවාහයෙන් පසු ශිෂ්‍යත්වයක් ලබාගෙන ජර්මනිය බලා පිටත් වූ ඇය පරිසරය පිළිබඳ පශ්චාත් උපාධිය සහ ආචාර්ය උපාධිය සම්පූර්ණ කරනු ලැබුවාය. 1992දී පෙරළා සිය මවුරටට පැමිණි ඇය, ශ්‍රී ලංකාවෙහි කසළ ගැටලුව පිළිබඳව කතිකාවතක් සමාජය තුළ නිර්මාණය කරන්නට සමත් විය. එහිදී Recycle යන ඉංග්‍රීසි යෙදුමෙහි සිංහල යෙදුම වන ප්‍රතිචක්‍රීකරණය යන වචනය සොයාගැනීමේ ගෞරවය හිමිකර ගැනීමට ඇය සමත් විය. මේ අතරතුර කාලයේදී ඇය කොළඹ විශ්වවිද්‍යාලයෙහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස වැඩ කටයුතු කළ අතර, ඇගේ සමාජයීය කටයුතු හේතුවෙන් විවිධ වූ වාරණය කිරීම්වලට ලක් වීමටද ඇයට සිදුවිය. කැළි කසළ ගැටලුව පිළිබඳව ක්‍රියාකාරී සාමාජිකාවක් වූ ඇය නිරන්තරයෙන්ම නගර සභා ප්‍රාදේශීය සභා සමඟ එක්වී කටයුතු කළ තැනැත්තියකි. මෙලෙස දේශපාලනික ධූරාවලියෙහි විවිධ මට්ටම්වල ආයතන සමඟ ගැටුණද පක්ෂ දේශපාලනය කෙරෙහි උනන්දුවක් නොදැක්වූ ඇය දිගින් දිගටම පාරිසරික ක්‍රියාකාරිනියක් ලෙස කටයුතු කළාය. කොළඹ විශ්වවිද්‍යාලයෙහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධුරයෙන් ඉල්ලා අස්වූ ඇය ධීවර අමාත්‍යාංශයෙහි ධීවර නිවාස සකසන ව්‍යාපෘතියෙහි ව්‍යාපෘති අධ්‍යක්ෂ ලෙස තේරී පත්විය. සිය ධුර කාලය තුළ ධීවර නිවාස 23 000ක් පමණ සැකසීමට ඇය කටයුතු කළාය. චම්පික රණවක මහතා පාරිසරික අමාත්‍ය ධුරය දරන කාලයේ දී ඔහුගේ ඉල්ලීමක් මත පාරිසරික අමාත්‍යතුමන්ගේ උපදේශිකාව ලෙස කටයුතු කිරීමටද ඇයට වරම් හිමි විය. මෙලෙස වක්‍රාකාරයෙන් දේශපාලනයත් සමඟ ගැටුණු ඇය, නැවත වසර පහක පමණ කාලයක් විදෙස් විශ්වවිද්‍යාලයක මහාචාර්යවරියක් ලෙස කටයුතු කළාය. 2018 වර්ෂයේදී නිවාඩුවක් ගත කිරීමට ලංකාවට පැමිණි ඇයගේ අවධානය යොමු වූයේ එකල පාර්ලිමේන්තුව තුළ උද්ගතව තිබූ අර්බුදකාරී තත්ත්වයන් පිළිබඳවය. ඒ වන විටත් රටට, ජනතාවට සේවය කිරීමේ තදබල ආශාවක් ඇගේ සිත තුළ මෝදු වෙමින් පැවතුණි. එවැනි කාලවකවානුවකදී ඇගේ දියණිය විසින් සිදු කළ ඉල්ලීමෙහි ප්‍රතිඵලයක් ලෙස අජන්තා පෙරේරා මහත්මිය 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් විය. මේ ආකාරයට ශ්‍රී ලාංකේය සමාජවාදී පක්ෂයෙන් සිය දේශපාලන ජීවිතයට අත්පොත් තැබූ ඇය වසර විස්සකට පසු ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වූ එකම කාන්තා නියෝජනය ලෙස ඉතිහාසගත විය.

නමුත් දිගින් දිගටම ක්‍රියාකාරී දේශපාලනයේ යෙදුණු ඇය වරක් පර්ල් එක්ස්ප්‍රස් නෞකාව ආශ්‍රිතව සිදුවන පාරිසරික විනාශය පිළිබඳව සිය හඬ අවදි කළාය. ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙහි නඩුවක් ගොනු කර ඇය ප්‍රබල දේශපාලනඥයින් සමඟ පවා කරට කර ගැටෙමින් ක්‍රියා කරන ලදි. ඒ සමඟම කරළියට පැමිණි "අරගලය" හමුවේ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වුණු ඇය ස්වාධීන දේශපාලන ජීවිතයකට අවතීර්ණ විය.


ජායාරූප අන්තර්ජාලය ඇසුරිනි.

එච්.කේ.එස්.නවෝදා හඳරාගම 

ශ්‍රී ලාංකිය ජනාධිපතිවරණයන්ට තරඟ කළ කාන්තාවෝ - 03 (1982-2024)


 ශ්‍රීමා දිසානායක

1943 ජනවාරි මස පළවෙනි දින එල්. පියසේන මහත්මා සහ එම මැතිනියට දාව උපත ලැබූ වජිරා ශ්‍රීමතී ලේනව දිසානායක ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපන‍යෙන් පසු පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි කලා යෝග්‍යතා පරීක්ෂණය සමත් වූ අතර, නීති විද්‍යාලයෙහි පළමු වසර දෙවන වසර සහ තෙවන වසර ප්‍රථම පන්තියේ ගෞරව සාමාර්ථයක් සමඟ සමත් විය. නීති විද්‍යාලයෙහි ඉගෙනුම ලබමින් සිටින අතරතුර ගාමිණී දිසානායකයන්ගේ මුණගැසීම ඇගේ ජීවිතයෙහි වැදගත් සිදුවීමක් විය. නීති විද්‍යාලයෙන් ඉවත් වී ගාමිණී දිසානායකයන් සමඟ විවාහ වූ ඇය 1960 අගෝස්තු මස නීතිඥවරයකු ලෙස නිල නොලත් නීතිඥ මණ්ඩලයෙහි සේවයට බැඳුණි. පසුව 1968 දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සහකාර ඇස්තමේන්තු නිලධාරිනියක ලෙස සේවයට බැඳුණාය.

ගාමිණී දිසානායකයන්ගේ පියා වන ඇන්ඩෲ දිසානායකයන්ගේ ආසනය සහ ගම් ප්‍රදේශය වූ නුවරඑළිය මස්කෙළිය ආසනයෙන් සිය සැමියා මැතිවරණයට ඉදිරිපත් වන්නට තීරණය කළ පසු සිය රැකියාවෙන් වැටුප් රහිත ඉල්ලීමක් ශ්‍රීමා දිසානායකයන් විසින් ඉල්ලුම් කළද එය ප්‍රතික්ෂේප විය. පසුව රැකියාවට සමුදුන් ඇය සිය හත්මස් බිලිඳා මව ‍ෙවත භාර දී සැමියාගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කටයුතු කිරීමට නුවරඑළිය බලා පිටත් විය.

එහිදී ගාමිණී දිසානායකයන්ගේ ජයග්‍රහණය උදෙසා නුවරඑළිය කාන්තා සංවිධාන එක්කාසු කරගත් ඇය, ඔහුගේ පසුපස සෙවණැල්ලක් මෙන් රැඳෙමින් කටයුතු කළාය. එවර මැතිවරණයෙන් ගාමිණී දිසානායකයන් ජයග්‍රහණය කළ ආසනය ඡන්ද පෙත්සමක් හේතුවෙන් අහිමි විය. මේ නිසා කෙටි කලකින් පැවැත්වීමට තීරණය කළ අතුරු මැතිවරණය වෙනුවෙන් දිවා රෑ වෙහෙසීමට ඔවුන්ට සිදුවිය. එහිදීද සැමියා පසුපස රැඳෙමින් ඔහුට ශක්තියක් වීමට ඇය සැදී පැහැදී සිටියාය.

1994 ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් ව සිටි ගාමිණී දිසානායකයන්ගේ ඝාතනයත් සමඟ ඉන් පුරප්පාඩු වූ තනතුරට තරග කිරීමට සිදුවූයේ ශ්‍රීමතී දිසානායක මැතිනියට ය. ඇය ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වළකාලීම සඳහා නෛතික ක්‍රියාමාර්ග පවා ගැනීමට යම් යම් පුද්ගලයින් කටයුතු කර තිබිණි. එවකට කොටි මර්දනය කොට ඒකීය සමෘද්ධිමත් දේශයක් උදා කිරීමේ ඒකායන පරමාර්ථයක් ඇය සතුව තිබිණි. නමුත් එම මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණය කිරීමට හැකි වූයේ එක් ආසනයක් පමණි. ඒ බදුල්ල දිස්ත්‍රික්කයට අයත් මහියංගණය ආසනයයි.


ජායාරූප අන්තර්ජාලය ඇසුරිනි.

එච්.කේ.එස්.නවෝදා හඳරාගම 

ශ්‍රී ලාංකිය ජනාධිපතිවරණයන්ට තරඟ කළ කාන්තාවෝ - 02 (1982-2024)


චන්ද්‍රිකා බණ්ඩාරනායක
කුමාරතුංග

1945 ජූනි මස 29 වැනි දින උපත ලද චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සහ සොලමන් ඩයස් බණ්ඩාරනායක මහතාගේ දියණියක වූවාය. කුඩා කල සිටම දේශපාලනික පරිසරයක හැදී වැඩුණු ඇය පරම්පරාවෙන් ලත් දේශපාලනික පන්නරයෙන් දේශපාලන ගමනට ආභාෂය ලැබීය.

සිය මවගේ ඉල්ලීම පරිදි, 1970හි බලයට පත්වූ සමගි පෙරමුණ රජයෙහි කෘෂිකර්ම සංවර්ධන ඉඩම් අමාත්‍ය හෙක්ටර් කොබ්බෑකඩුව මහතා විසින් පත් කරන ලද ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ අධ්‍යක්ෂවරිය ලෙස සේවය කළාය. එය ඇගේ දේශපාලන ජීවිතයෙහි මූලික පියවර ලෙස හැඳින්වීම නිවැරදිය. පසුව 1970 ලෝක ආහාර සංවිධානයෙහි උපදේශකවරියක් ලෙස සේවය කිරීමටද ඇයට වරම් හිමි විය. ජනප්‍රිය නළු විජය කුමාරතුංගයන් සමඟ විවාහ දිවියට එළඹි ඇය, ජනහිතකාමී දේශපාලනයක් උදෙසා සිය සැමියා සමඟ එක්වී බොහෝ සේවාවන් සිදු කළ තැනැත්තියකි. වර්ෂ 1988දී සිදුවූ සිය සැමියාගේ ඝාතනයත් සමඟ දැඩි ලෙස කම්පාවට පත්වූ ඇයගේ දේශපාලන දිවිය සමාප්ත කරනට එම සිදුවීමට නොහැකි විය.

අනතුරුව 1994 වර්ෂයෙහි පැවති මැතිවරණයෙන් බස්නාහිර පළාත් සභාවේ ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරිය වීමේ වරම හිමි කර ගත්තාය. එහිදී බස්නාහිර පළාතෙහි සමාජ, ආර්ථික, දේශපාලනික, නෛතික ආදී සෑම පැතිකඩක්ම සංවර්ධනය කිරීමට ඇගේ ධුර කාලය වැය කෙරිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායිකාව ලෙස 1994 මහ මැතිවරණයට ඉදිරිපත් වූ ඇය ඉන් ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාවේ දෙවෙනි අගමැතිවරිය බවට පත්විය. එම වසරෙහිම නොවැම්බර් මස 12 වැනි දින පැවති ජනාධිපතිවරණයෙන්ද ජය ලැබූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ප්‍රථමවරට විධායක ජනාධිපති ධුරයෙහි දිවුරුම් දුන්නාය.

එවකට රට තුළ උද්ගතව තිබූ ප්‍රබල ගැටලුවක් වන ජනවාර්ගික ගැටලුවට විවිධාකාරයෙන් විසඳුම් සෙවීමට උත්සාහ ගත් ඇය අවසානයෙහි කොටි ත්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක්ව අනූනවයෙන් ජීවිතය ගලවා ගැනීමට සමත් විය. ප්‍රහාරයට ලක් වන විටද ඇය 1999 ජනාධිපතිවරණයට අපේක්ෂිකාවක් ලෙස තරග වදිමින් සිටි අතර, ජනාධිපතිවරණයෙහි ජයග්‍රහණය ද තමා වෙතට හරවා ගැනීමට ඇය සමත් විය.

2001 එක්සත් ජනතා නිදහස් සන්ධානය ලත් පරාජයත් සමඟ ඇය ජනාධිපති ධුරයෙහි සිටින අතරතුරම පාර්ලිමේන්තුවෙහි බලය ලබා ගැනීමට විපක්ෂයට හැකි විය. 2004 අප්‍රේල් මස පැවැති මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ ද උදව් උපකාර සහිතව මහින්ද රාජපක්ෂ අගමැතිතුමා යටතෙහි තම ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට කුමාරතුංග මැතිනියට හැකියාව ලැබිණි. 2005 වර්ෂයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමත් සමඟ කුමාරතුංගවරුන්ගේ පාලනය එලෙස අවසන් විය.

නමුත් දිගින් දිගටම රටෙහි දේශපාලනික සිදුවීම් ආශ්‍රිතව පුවත් මවන්නට සමත් ප්‍රබල දේශපාලනික කාන්තා ප්‍රතිරූපයක් වශයෙන් අදටත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය හැඳින්විය හැකිය.


ජායාරූප අන්තර්ජාලය ඇසුරෙනි.

එච්.කේ.එස්.නවෝදා හඳරාගම

ශ්‍රී ලාංකිය ජනාධිපතිවරණයන්ට තරඟ කළ කාන්තාවෝ-01 (1982-2024)

 සිරිමාවෝ බණ්ඩාරනායක

සිරිමාවෝ රත්වත්තේ, වර්ෂ 1916 අප්‍රේල් මස 17 වන දින මහනුවර බාන්ස් රත්වත්තේ දිසාවට සහ මහවෙලතැන්න වලව්වේ රොසලින් මහවෙලතැන්න කුමාරිහාමිට දාව වැඩිමහල් දියණිය ලෙස උපත ලැබුවාය. බළන්ගොඩ පහළ බාලාංශයෙන් මූලික අධ්‍යාපන ලැබ රත්නපුරයේ ෆර්ගියුසන් උසස් පාසලට ඇතුළත් වී ඉන් අනතුරුව කොළඹ ශාන්ත බි‍්‍රජට් කන්‍යාරාමයෙන් අධ්‍යාපනය ලැබූ ඇය වර්ෂ 1940දී සොලමන් ඩයස් බණ්ඩාරනායක සමඟ යුග දිවියට එළඹියාය. දේශපාලන ජීවිතයට අත්පොත් තැබීමට පෙර සිටම ලංකා මහිලා සංගමයත් සමඟ එක්ව සමාජ සේවා කටයුතු සිදු කළ තැනැත්තියක් ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය හැඳින්වීම නිවැරදිය. දේශපාලනික වශයෙන් කාර්යබහුල ජීවිතයක් ගත කළ ඇගේ සැමියා අග්‍රාමාත්‍ය ධුරයෙහි දිවුරුම් දීමට මත්තෙන් වෙඩි පහරකින් මියයන ලදි. ඔහුගේ අභාවයත් සමඟ අර්බුදයට යමින් තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි නායකත්වය සියතට ගත් ඇය දේශපාලන පක්ෂයක ප්‍රථම නායිකාව වශයෙන් ඉතිහාසගත විය.

1960 මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලත් ජයග්‍රහණයත් සමඟ 1960 ජූලි මස 21 වන දින ලොව ප්‍රථම අගමැතිනිය වීමේ භාග්‍ය හිමි කර ගැනීමට ඇය සමත් විය. එසේ පළමු ධුර කාලය තුළ පොදුරාජ්‍ය මණ්ඩලයීය සම්මේලනයට සහභාගි වීමට වරම් ලත් ඇය පොදුරාජ්‍ය මණ්ඩලයීය සමුළුවකට සහභාගි වූ ප්‍රථම රාජ්‍ය නායිකාව වීමේ අවස්ථාව ද හිමි කර ගත්තාය.

පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය සහ කොමියුනිට්ස් පක්ෂය හා එක්සත් පෙරමුණෙහි නායකත්වය ද සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් හෙබවීය. 1970 මැයි 21 වන දින පැවැති මහ මැතිවරණයෙන් වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට මැතිනියට හැකි විය.

සිය දෙවන ධුර කාලය තුළ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාව ඉදිකිරීම ඇරඹීම, ආර්ථික ස්වාධීනත්වය සහ ආර්ථික වර්ධනය අරමුණු කරගත් පස් අවුරුදු සැලැස්මක් ඉදිරිපත් කිරීම, රාජ්‍ය චිත්‍රපට සංස්ථාව ස්ථාපිත කිරීම ඇතුළු බොහෝ කාර්යයන් ඇය විසින් ඉටු කරන ලදි. 1977දී ලද පරාජයත් සමඟ ප්‍රජා අයිතිය පවා අහිමි වූ ඇය 1994 වර්ෂයේදී සිය දියණිය වන චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ ජයග්‍රහණයත් සමඟ නැවත අග්‍රාමාත්‍ය ධුරයට පත් විය. 2000 වර්ෂයේදී සිය ධුරයෙන් ඉල්ලා අස්වන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 2000 ඔක්තෝබර් මස 10 වැනි දින මෙලොවින් සමුගත්තාය.


ජායාරූප අන්‍තර්ජාලය ඇසුරිනි.

එච්.කේ.එස්.නවෝදා හඳරාගම


Wednesday, 28 August 2024

Unveiling the World's Biodiversity Hotspots

Our planet is a haven of extraordinary biological diversity, where countless species coexist in intricate ecosystems. However, certain regions stand out as biodiversity hotspots, where an exceptional concentration of species, including endemic and endangered ones, reside. These biodiverse hotspots are treasure troves of life and offer a glimpse into the intricacies of nature's marvels. In this article, we embark on a journey to explore some of the world's most remarkable biodiversity hotspots, highlighting their significance and the urgent need for their conservation.


The Amazon Rainforest, South America:


The Amazon Rainforest is unparalleled in its biological richness and sheer magnitude. Spanning several countries in South America, this vast ecosystem is home to an estimated 10% of the world's known species, including iconic animals like jaguars, macaws, and pink river dolphins. The region's incredible biodiversity extends to its plant life, with an impressive array of trees, orchids, and medicinal plants. However, deforestation, illegal logging, and habitat fragmentation threaten this fragile ecosystem, emphasizing the critical importance of conservation efforts.


Coral Triangle, Southeast Asia:


The Coral Triangle is a marine biodiversity hotspot encompassing the waters of Indonesia, Malaysia, the Philippines, Papua New Guinea, Timor-Leste, and the Solomon Islands. This region boasts the highest diversity of coral reefs on Earth, supporting over 600 coral species and more than 3,000 fish species. The Coral Triangle's vibrant underwater ecosystems provide livelihoods for millions of people and serve as nurseries for numerous marine species. However, destructive fishing practices, pollution, and climate change jeopardize the resilience and health of these valuable reefs.


Western Ghats, India:


The Western Ghats mountain range in India is a UNESCO World Heritage Site recognized for its exceptional biological diversity. This region is a hotspot of endemism, hosting an incredible variety of plant and animal species found nowhere else on the planet. The Western Ghats are home to charismatic creatures like the Bengal tiger, Indian elephant, and the lion-tailed macaque. However, habitat loss due to agricultural expansion, mining, and urbanization pose significant threats to this fragile ecosystem.


 Cape Floristic Region, South Africa:


The Cape Floristic Region in South Africa is the smallest of the world's six recognized floral kingdoms, yet it holds exceptional botanical diversity. This UNESCO World Heritage Site is home to approximately 9,000 plant species, two-thirds of which are found nowhere else on Earth. Fynbos, a unique type of vegetation dominated by shrubs and heath-like plants, is a defining feature of the region. However, invasive species, urban development, and climate change are endangering this floral haven and its endemic species.

Bodiversity hotspots like the Amazon Rainforest, Coral Triangle, Western Ghats, and Cape Floristic Region represent the pinnacle of nature's ingenuity and serve as irreplaceable reservoirs of life. However, human activities, including habitat destruction, pollution, climate change, and invasive species, threaten their delicate balance. Urgent action is required to conserve these biodiversity hotspots through the establishment of protected areas, sustainable land-use practices, community involvement, and international collaborations.preserving these invaluable ecosystems is not only crucial for safeguarding the diverse species they harbor but also for maintaining the ecological services they provide, such as carbon sequestration, water regulation, and climate regulation. By recognizing the significance of biodiversity hotspots and supporting their conservation, we can ensure the continued existence of these ecological marvels and protect the irreplaceable natural heritage they embody.


References:

1. World Wildlife Fund. (n.d.). Amazon. Retrieved from https://www.worldwildlife.org/places/amazon

2. The Coral Triangle. (n.d.). About the Coral Triangle. Retrieved from https://www.thecoraltriangle.com/about

3. UNESCO World Heritage Centre. (n.d.). Western Ghats. Retrieved from https://whc.unesco.org/en/list/1342

4. UNESCO World Heritage Centre. (n.d.). Cape Floral Region Protected Areas. Retrieved from https://whc.unesco.org/en/list/1007


-H.K.S.Navoda Handaragama-


Thursday, 8 August 2024

Nano Technology



Nanotechnology, a groundbreaking field that deals with the manipulation of matter at the atomic and molecular scale, has emerged as a scientific marvel with immense potential. By harnessing the unique properties of nanoscale materials, researchers and engineers are revolutionizing numerous industries and paving the way for a future filled with unprecedented advancements. This article explores the realm of nanotechnology, highlighting its transformative applications and referring to notable studies and research in the field.

At the heart of nanotechnology lies the ability to engineer and manipulate materials at a scale that was once unimaginable. Richard Feynman, a Nobel laureate in physics, laid the foundation for nanotechnology in his famous 1959 lecture, "There's Plenty of Room at the Bottom," which envisioned the possibility of manipulating individual atoms and molecules. Since then, countless researchers have made remarkable strides in this field, leading to groundbreaking discoveries and innovations.

Nanotechnology is poised to revolutionize the field of medicine, offering unprecedented opportunities for disease diagnosis, treatment, and drug delivery. Researchers at the University of California, San Diego, developed nanoparticles capable of delivering chemotherapy drugs directly to cancer cells while sparing healthy tissues. This targeted drug delivery approach holds immense promise in improving the efficacy and reducing the side effects of cancer treatments.

Additionally, a study published in Nature Nanotechnology demonstrated the use of nanosensors for early disease detection. These sensors, which can detect specific molecules or biomarkers in blood or bodily fluids, have the potential to transform diagnostics, enabling rapid and accurate detection of diseases such as Alzheimer's, diabetes, and infectious diseases.

Nanotechnology has also ushered in a new era of electronics and energy storage. Researchers at Stanford University created a groundbreaking material known as graphene—a single layer of carbon atoms arranged in a hexagonal lattice. Graphene possesses exceptional electrical conductivity, mechanical strength, and flexibility, making it a promising material for ultra-fast transistors, flexible displays, and efficient energy storage devices.

Furthermore, nanoscale engineering has led to the development of solar cells with enhanced efficiency. Researchers at the National Renewable Energy Laboratory (NREL) have successfully used quantum dots—tiny semiconductor particles—to capture and convert sunlight into electricity. This breakthrough paves the way for more cost-effective and efficient solar energy systems, making renewable energy a viable alternative to fossil fuels.

Nanotechnology offers innovative solutions to address pressing environmental challenges. A study conducted at Rice University demonstrated the use of nanomaterials to remove pollutants from water. By utilizing specially designed nanoparticles, researchers were able to selectively capture heavy metal contaminants, providing a more efficient and cost-effective method for water purification.

In the realm of sustainable energy, nanotechnology plays a significant role in developing advanced catalysts for fuel cells and improving energy storage devices. Researchers at the University of California, Berkeley, have made notable strides in designing nanomaterials that increase the efficiency of fuel cells, facilitating cleaner and more sustainable energy conversion.

As with any emerging technology, nanotechnology raises important ethical considerations. Ensuring the responsible development and use of nanomaterials is paramount. Comprehensive risk assessments and safety measures must be implemented to mitigate any potential health or environmental hazards associated with nanoscale materials.

International organizations, such as the National Nanotechnology Initiative (NNI) in the United States, actively promote the responsible development and implementation of nanotechnology. These initiatives emphasize the importance of transparent research practices, ethical considerations, and collaborative efforts to foster safe and sustainable nanotechnology advancements.

Nanotechnology represents a remarkable frontier in science and technology, offering transformative potential across various industries. With ongoing research and advancements, nanotechnology continues to unlock possibilities that were once confined to the realm of science fiction. By responsibly harnessing the power of the minuscule, researchers and innovators are shaping a future where medical treatments are personalized, electronics are smaller and more powerful, and sustainable solutions tackle pressing environmental challenges. It is through interdisciplinary collaboration and ethical considerations that we can fully harness the extraordinary potential of nanotechnology and drive humanity toward a brighter and more prosperous future.


-H.K.S.Navoda Handaragama-


Monday, 29 July 2024

කාන්තාවන්ට වැළඳෙන මානසික රෝග



නීරෝගී මනසක් යනු මානවයා සතු උතුම් දායාදයකි
.මනස රෝගී වීමෙහි අවසාන ඵලය මානසික රෝග ලෙස හඳුන්වයි.බොහෝ කායික රෝගී තත්ත්වයන්ට මූලික පදනම සැපයෙන්නේ ද මානසික රෝගී තත්ත්වයන් හේතුවෙනි. වර්තමානයෙහි පවත්නා සමාජ, සංස්කෘතික සහ ආර්ථික බලපෑමත් සමඟ මානසික රෝගාබාධයන් ඇතිවීම සුලබ ය. මානසික රෝගී තත්ත්වයන්හි ගොදුරු බවට පත්වීම ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම පොදු කාරණාවකි.නමුත් පුරුෂ පාර්ශ්වයට සාපේක්ෂව කාන්තාවන් මානසික රෝගී තත්ත්වයන්ට ගොදුරු වීමේ ප්‍රවණතාවය ඉහළය. වර්තමානය වන විට වයස් භේදයකින් තොරව කුඩා දැරිවියන්ගේ සිට වැඩිහිටි කාන්තාවන් දක්වාම විවිධාකාරයෙහි මානසික රෝගයන්ගේ ගොදුරු බවට පත්වී ඇත.තමා කිසියම් මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බව පවා නොදැන ජීවිතයට සමුදුන් කාන්තාවන් ද සිටියි.  තමාගේ මෙන්ම සමීපතමීන්ගේ නිරෝගී පැවැත්ම උදෙසා කාන්තාවන් වැඩි වශයෙන් මුහුණ දෙන්නා වූ මානසික රෝගී තත්ත්වයන් කිහිපයක් පිළිබඳව පහත කරුණු කාරණා ඔබට ඉවහල් වනු ඇත.

 

හිස්ටීරියා/මායා රෝගය.

හිස්ටිරියා යනු අඩු පෞරුෂයක් සහිත පුද්ගලයින්ට වැළදෙන්නා වූ මානසික රෝගයකි. කලු කුමාර දිෂ්ටිය,තනිකම් දෝෂය ලෙස ගැමියන් අතර හිස්ටීරියා රෝගී තත්ත්වය ප්‍රචලිතව පව්තියි. මෙම රෝගී තත්ත්වය කාන්තාවන්ට පමණක් වැළඳෙන රෝගී තත්ත්වයක් ලෙස අතීතයේදී හැඳින්වුවද එය පුරුෂයන්ටද වැළදෙන බව වර්තමානයෙහි සොයා ගෙන ඇත.නමුත් පුරුෂ පාර්ශ්වයට සාපේක්ෂව හිස්ටීරියා රෝගයට  කාන්තාවන් ගොඳුරුවීමේ ප්‍රවණතාවය ඉහළය. හිස්ටිරියා රෝගීන් තම සිතෙහි පවත්නා යම්කිසි ආශාවක් ඉටුකර ගැනීමට විවිධ වූ චර්යාවන් පෙන්නුම් කරයි. බැලූ බැල්මට මෙය ව්‍යාජ රංගනයක් සේ පෙනුනද එය මෙම රෝගී තත්ත්වයෙහි ස්වභාවය වේ. මෙහි රෝගී ලක්ෂණ ලෙස,

අතපය දරදඬු වීම.

හඬ නගා කෑ ගැසීම. ( ඇතැම් විට වෙනත් භාෂාවකින් කෑ ගැසීම සිඳුකරයි.)

මතකය දුර්වල වීම.

වමනය සහ ක්ලාන්ත ගතිය.

මුසා බස් පැවසීම.

ආවේගශීලී වීම.

යථාර්ථයට පටහැනි ක්‍රියාකාරකම් සිදුකිරීම. ආදිය දැක්විය හැකිය. යම් පුද්ගලයෙකු , විශේෂයෙන් කාන්තාවන් මෙවැනි රෝගී ලක්ෂණ පෙන්නුම් කරන විට අප සමාජය පුරුදුව සිටිනුයේ මිථ්‍යා ඇදහිලි විශ්වාස පසුපස හඹා යෑමටය. නමුත් මෙවැනි අවස්ථාවකදී කළ යුතු නිවැරදිම දෙය වනුයේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමය.

 

පෙර/පසු ප්‍රසව විශාදය

දරු උපතින් පසුව මවට ඇතිවන විශාදය තත්ත්වය මේ නමින් හඳුන්වයි. ඇතැම් අවස්ථාවන්හිදී දරු උපතට පෙරද මවට විශාදය තත්ත්වයන් ඇතිවිය හැකිය. මෙය වැදුම් ගෙයි සන්නිය ලෙසද හඳුන්වනු ලැබෙයි. ගර්භනී සමය තුළ සහ දරු උපතකින් පසුව කාන්තාවකගේ ශරීරයෙහි හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනස් වේ.එසේම තමා මෙතෙක් ගත කළ සමාජීය ජීවිතයෙහි විවිධාකාරයේ වෙනස්කම් ඇතිවන අතර ඇතැම් විට ආර්ථික අපහසුතාවයන්ට පවා මුහුණ දීමට සිදුවේ.එවැනි අවස්ථාවන්හිදී කාන්තාවන්ගේ මානසික වශයෙන් සිදුවන්නා වූ වෙනස්කම් හේතුවෙන් පසු ප්‍රසව විශාදය ඇතිවේ. මෙය සුළු විශාද තත්ත්වයේ සිට උග්‍ර විශාදය දක්වාම වර්ධනය විය හැකිය. මෙහිදී,

දරුවා ප්‍රතික්ෂේප කිරීම හෝ  ඝාතනය කිරීමට උත්සාහ කිරීම.

දරුවා කෙරෙහි තිබෙන්නා වූ අවධානය ගිලිහී යාම.

තමා නරක මවක් යැයි යන හැඟීම ඇතිවීම.

සියදිවි නසා ගැනීමට තැත් කිරීම.

දැඩි තෙහෙට්ටුව.

නිදා ගැනීමේ අපහසුතාවය ඇතිවීම.

දැඩි කෝපය. ආදී රෝග ලක්ෂණයන් පෙන්නුම් කරයි. මෙම විශාද තත්ත්වයන් සෑම කාන්තාවකටම ඇති නොවන අතර ඒ ඒ කාන්තාවගේ පෞරුෂය, හැකියාවන්, දරා ගැනීමේ හැකියාව ආදිය මත එය තීරණය වේ. මෙවැනි මානසික රෝගී තත්ත්වයකට ඔබේ සමීපතමයන් මුහුණ දී සිටී නම් කළ යුත්තේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමය.මන්දයත් මෙම රෝගී තත්වය උග්‍ර වීමෙහි අවසාන ඵලය වන්නේ සියදිවි හානි කර ගැනීමට පෙළඹවීම නිසාවෙනි.

 මීට අමතරව,

දරුවා පිළිබඳව පමණක් නොව මව පිළිබඳව ද සැලකිලිමත් වීම.

මවගේ කටයුතු වලට උපකාර කිරීම.

හොඳ නින්දක් සහ පෝෂදායි ආහාර ලබාදීමට කටයුතු කිරීම.

මවගේ කායික මෙන්ම මානසික සුවතාවය ගැන සැලකිලිමත් වීම.

තම සමාජ, ආර්ථික තත්වයන්ට දැරිය හැකි ප්‍රමාණයට දරුවන් කිරීම. ආදිය මඟින් පූර්ව/ පසු ප්‍රසව විශාද තත්ත්වයන් ඇතිවීම අවම කරගත හැකිය.

 

කාංසාව

දැඩි ආවේග සහිත වීමේ ප්‍රතිඵලයක් ලෙස කාංසාව ඇතිවේ.එකඟ විය නොහැකි හෝ පිළිගත නොහැකි හෝ අප කිරීමට අකමැති දේත් කළ යුතු දේත් අතර ඇති පරස්පර විරෝධීතාව හේතුවෙන් කාංසාව ඇති වේ. ලෝක ජනගහනයෙන් 4%කට පමණ කාංසාව තිබෙන අතර ප්‍රතිශතයක් ලෙස ගත් කළ ඉන් 62%ක් කාන්තාවන්ය. මෙම මානසික රෝගී තත්ත්වය වැළඳුනු කාන්තාවන් කෙරෙන් අධික සබකෝලය, මාරාන්තික අනතුරක් වේ යැයි දක්වන බිය, සාධාරණ හේතුවක් නොමැතිව තමා මරණයට පත්වේ යැයි සිතීම, කැරපොත්තන් ආදී සතුන් කෙරෙහි දක්වන බිය ආදී චර්යාවන් දැකගැනීමට හැකිය. කාංසාවෙහි රෝගී ලක්ෂණ ලෙස,

අතපය වෙවුලීම.

මතක ශක්තියෙහි ගැටලු ඇතිවීම.

අධික විඩාබර බව.

ඒකාග්‍රතාවය බිඳී යාම.

ඇඟ පණ නැතිවීම.

කරකවිල්ල.

අසාමාන්‍ය ආහාර ගැනීමේ පුරුදු.

හුස්ම ගන්නා වේගය වැඩිවීම සහ තදින් හුස්ම ගැනීම.

නොසන්සුන් සහගතභාවය. ආදිය දැක්විය හැකිය. ඇතැම් අවස්ථාවන්හිදී කාංසාවෙහි ධනාත්මක බලපෑම් ද තිබෙන අතර එහි සෘණාත්මක බලපෑමෙන් මිදීමට ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය .

 

මානසික ආතතිය

මානසික ආතතිය යනු උද්වේගකර චිත්තවේගී තත්ත්වයන් හේතුවෙන් මානසිකව ඇතිවන පීඩාකාරී තත්ත්වයකි.මානසික ආතති තත්ත්වයන් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම ඇති වුවද පුරුෂ පාර්ශ්වයට සාපේක්ෂව ස්ත්‍රී පාර්ශ්වයට ඉන් සිදුවන්නා වූ බලපෑම ඉහළය. නිවෙස , රැකියා ස්ථානය සහ සමාජය තුළ හැසිරෙන විට පුරුෂයන්ට සාපේක්ෂව කාන්තාවන්ට බොහෝ පීඩාකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවේ. මානසික ආතතිය කෙරෙහි එහි ප්‍රතිඵලයක් ලෙස මානසික ආතතිය ඇතිවිය හැකිය. සිටින්නා වූ කාන්තාවන් එයට ප්‍රතිචාර දැක්වන්නේ පුරුෂ පාර්ශ්වයට හාත්පසින් වෙනස් ආකාරයෙනි.මෙහිදී කාන්තාවන් උද්වේ ඒක කර නොවන අතර ගැටුම් ඇතිකර ගැනීමට නොයයි.සාකච්ඡා කිරීමෙන් තම ආතතිමය තත්ත්වයන් පහ කරවා ගැනීමට ඔවුන් ප්‍රියතාවයක් දක්වයි. මානසික ආතතියෙහි ලක්ෂණ ලෙස,

හිසකෙස් ගැලවී යාම.

ඔසප් චක්‍රය අක්‍රමවත් වීම.

උදරාබාධ ඇතිවීම.

හිසරදය.

ශරීර වේදනාව.

නොරිස්සුම් සහගත ස්වභාවය.ආදිය හැඳින්විය හැකිය.මානසික ආතතියෙන් පීඩා විඳින්නා වූ පුද්ගලයෙකු වෛද්‍ය ප්‍රතිකාර ගැනීම උචිත වන අතර මීට අමතරව,

සෞඛ්‍ය සම්පන්න ආහාර ලබා ගැනීම.

සුවදායී නින්දක් ලබා ගැනීම.

ව්‍යායාම කිරීම.

සැහැල්ලු මානසික තත්ත්වයක් ගොඩනංවා ගැනීම.

විනෝදාංශයක යෙදීම.

සාකච්ඡා කිරීම.

ආදරය දැක්වීම.ආදිය මඟින් ආතතිමය තත්ත්වයන් මඟ හරවා ගත හැකිය.

 

විශාදය

පැහැදිලි කාරණාවක් නොමැතිව කිසියම් පුද්ගලයෙකු කණගාටුදායක සිතුවිලි වලින් වෙලී සිටීම හෝ බලාපොරොත්තු රහිත බවක් ඇතිවීම  විශාදය ලෙස හඳුන්වයි.විශාදය රෝගී තත්ත්වය ද ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ඕනෑම අයෙකුට වැළඳිය හැකි වුවද සාපේක්ෂව ඉන් පීඩා විඳින කාන්තාවන්ගේ ප්‍රතිශතය ඉහළ අගයක් ගනියි.විශාදය යනු සුළු කොට සැලකිය හැකි මානසික රෝගී තත්ත්වයක් නොවන බවට ඕනෑ තරම් නිදසුන් සමාජයෙන් අසන්නට දකින්නට ලැබෙයි. සබඳතා බිඳවැටීම, රැකියාවේ ගැටලු, ඇබ්බැහිවීම්, සමාජීය , සංස්කෘතික වශයෙන් එල්ලවන්නා වූ විවිධ පීඩාකාරී තත්ත්වයන් , ආර්ථික ගැටලු ආදිය විශාදය රෝගී තත්ත්වයට මග පාදනු ලැබේ.විශාදයෙහි රෝගී ලක්ෂණ ලෙස,

සති දෙකක් හෝ ඊට වඩා වැඩි කාලයක් පවත්නා අධික දුක.

අධික කේන්තිය.

හුදෙකලාව කාලය ගත කිරීම.

ආශ්‍රිත ගැටලු.

ආත්ම විශ්වාසය හීන වීම.

සියදිවි නසා ගැනීමේ සිතුවිලි පහළවීම.

නින්ද ආශ්‍රිත ගැටලු.

අසුභවාදී සිතුවිලි පහළවීම.

ආහාර අරුචිය.

හිසකෙස් නොපිරීම.

නින්ද ආශ්‍රිත ගැටළු.

බලා ගත්තත් බලාගෙන සිටීම.

තද හිසේ කැක්කුම.

ඇසිපිය හෙලන වාර ගණන අඩුවීම. ආදිය වේ. විශාදයෙහි උග්‍රතම අවස්ථාවේදී රෝගියා සියදිවි නසා ගැනීමට පෙළඹෙන අතර කඩිනමින් ප්‍රතිකාර වෙත යොමු කිරීමෙන් සාමාන්‍ය තත්ත්වයට පත් කර ගත හැකිය.

ඉහත රෝග ලක්ෂණ ඔබ සතුව පවතීනම් ගත යුතු සුදුසුම ක්‍රියාමාර්ගය වන්නේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමය. එහිදී වෛද්‍යවරයා විසින් නියම කරන ආකාරයට තම කායික, මානසික චර්යා රටාවන් හැඩගස්වා ගනිමින් කලට වේලාවට නිසි මාත්‍රාවෙන් ඖෂධ ලබා ගැනීම සිදුකළ යුතුය. නමුත් හුදෙක් වෛද්‍ය ප්‍රතිකාරයන්ගෙන් පමණක් මානසික රෝග වැළඳීමෙන් ආරක්ෂා වීම හෝ මානසික රෝගී තත්ත්වයන්ගෙන් මිදීමට අපහසුය. ඒ සඳහා පහත ක්‍රියාමාර්ගයන් පිළිබඳව ඔබට සැලකිලිමත් විය හැකිය.

සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම.

අතිශය කාර්යයබහුල ජීවිත ගත කරන්නා වූ ඔබට නිසි වෙලාවට, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීම මගහැරී යන අතර එය මානසික රෝගයන්ට අත වැනීමකි. බොහෝවිට කාන්තාවන් නිවසෙහි සියලු වැඩ කටයුතු අවසන් කොට, සියලු දෙනා ආහාර ලබා ගැනීමෙන් පසුව කුමන හෝ ආහාරයක් ලබා ගැනීමට පුරුදු වී සිටියි. එසේත් නොමැති නම් කාර්යබහුල ජීවන රටාවත් සමඟ ක්ෂණික ආහාර ලබා ගැනීමට පෙළඹෙයි. මේ හේතුවෙන් ශරීර ශක්තිය ඌණවීම, චිත්ත ඒකාග්‍රතාවය බිඳී යාම, ප්‍රබෝධමත් බවින් තොරවීම, චින්තන හැකියාව අඩුවීම ආදිය සිදුවිය හැක. එය විවිධ මානසික රෝගාබාධයන්ට අත වැනීමකි. මෙම තත්ත්වයන් මඟ හරවා ගැනීමට,

නිසි වේලාවට ප්‍රමාණවත් පරිදි ආහාර ලබා ගැනීම.

සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් පවත්වා ගැනීම.

ක්ෂණික ආහාර ලබා ගැනීමෙන් වැළකීම.

පිරිසිදු එළවලු, පලතුරු, පලා වර්ග ආදිය ආහාරයට ගැනීම.

සැමන් මාළු, සාඩින් මාළු, ටූනා මාළු වැනි ඔමේගා 3 අඩංගු ආහාර ලබා ගැනීම. (තීරණ ගැනීමේ හැකියාව වර්ධනය වීම.මතක ශක්තිය වර්ධනය වීම.)

කෝපි පානය කිරීම. (මොලය අවදිව තබා ගැනීමට උපකාරී වීම.)

චොක්ලට් ආහාරයට ගැනීම. (චොක්ලට් වල අඩංගු ෆ්ලෙමනොයිඩ් සහ කැෆේන් ප්‍රබෝධමත්භාවය ක්‍රියාශීලී භාවය ඇති කිරීමට උපකාරී වේ. නමුත් ප්‍රමාණය ඉක්මවා භාවිතා කිරීම තුළ වෙනත් රෝගී තත්ත්වයන් ඇති වියහැක.)

හොඳින් ජලය පානය කිරීම. ආදිය සිදුකළ හැකිය.

 

ව්‍යායාම සිදු කිරීම.

පුද්ගල ශරීරයෙහි ක්‍රියාශීලීභාවය තුළ කායික මෙන්ම මානසික ලෙඩ රෝග අවම කරගත හැකිය. මෙහිදී මොලය වෙත ලේ ගමනාගමනය ක්‍රමවත් වන අතර මනාව ඔක්සිජන් සැපයීමෙන් මොළයෙහි සෛල ක්‍රියාකාරීවේ. සතියට දින කිහිපයක් හෝ ව්‍යායාම කිරීමෙන් ශරීරයට පමණක් නොව මනසටද ප්‍රබෝධමත්භාවයක් ගෙන දෙන අතර ඒකාකාරී ජීවන රටාවෙන් මිදී මනස සැහැල්ලු කර ගැනීමට හැකියාවක් ලැබේ. ඒ තුළින් සිතීමෙහි හැකියාවද වර්ධනය වේ. මීට අමතරව යෝග ව්‍යායාම වල නිරත වීමද මානසික රෝගයන්ගෙන් මිදීමට උපකාරී වේ. ව්‍යායාම සිදු කරන විට තම කායික රෝගී තත්ත්වයන් පිළිබඳව සහ වයස පිළිබඳව සැලකිලිමත් වෙමින්  සිදුකළ යුතුය.

 

ආගමික කටයුතුවල නිරත වීම.

නීරෝගී බව උතුම්ම ලාභය ලෙස බුදු දහමේ සඳහන්වේ. බුද්ධ දේශනාවෙහි පමණක් නොව ඕනෑම ආගමක් තුළ කායික සහ මානසික සෞඛ්‍ය උසස් කොට සලකනු ලැබේ. භාවනා කිරීම, යාඥා කිරීම, ගීතිකා ගායනා කිරීම ආදී විවිධ ආගමික වතාවත් වල නිරත වීමෙන් චිත්ත ඒකාග්‍රතාවය ඇතිවන අතර මනස සන්සුන් වේ. ඕනෑම ආගමික ඉගැන්වීමක් තුළ නොකළ යුතු යැයි සඳහන් කරන චර්යා රටාවන්ගෙන් වැළකී කටයුතු කිරීම තුළ මානසික නිදහස ළඟා කරගත හැකිය. එතුළින් මානසික සුවපත් භාවය උදාවේ.

 

විනෝදාංශයක යෙදීම.

ගෙවතු අලංකරණය, මැහුම් ගෙතුම් සිදු කිරීම, අත්කම් නිර්මාණ සිදුකිරීම, නර්තනයෙහි යෙදීම, ආහාරපාන සැකසීම, සංචාරයෙහි යෙදීම, ඡායාරූපකරණය ආදී නොයෙකුත් විනෝදාංශයන් ඔබේ මානසික පීඩාකාරී තත්ත්වයන් අවම කිරීමට යොදා ගත හැකිය.මීට අමතරව සංගීතය සතුව මානසික රෝග සුව කිරීමේ ප්‍රබල ශක්තියක් පවතීයි. ඒ බව  මනෝවිද්‍යාඥ සහ සංගීතාචාර්ය ඇල් ෆරාබ් සහ රොබට් හෝර්ටන්ගේ පැහැදිලි කිරීම් තුළින් මනාව සනාත වේ. වයස් භේදයකින් තොරව මෙලෙස විනෝදාංශයක් ජීවිතයට සමීප කරගැනීමෙන් පීඩාකාරී ජීවන තත්ත්වයන් මගහරවා ගත හැකිය. එසේම මානසික ඒකාග්‍රතාවය වර්ධනය කර ගැනීම, චිත්ත වේගපාලනය කර ගැනීම ආදියෙහිලා විනෝදාංශයක යෙදීම ඉතාමත් වැදගත් වේ .

 

යහපත් සමාජ සම්බන්ධතා ගොඩනංවා ගැනීම.

යහපත් සමාජ සම්බන්ධතා ගොඩනංවා ගැනීම තුළ ඕනෑම පුද්ගලයෙකුගේ මනසට ධනාත්මක ආකල්ප ඇතුල් වේ. විවිධ මානසික ගැටලුකාරී තත්ත්වයන්ගෙන් පීඩා විඳිමින් හුදෙකලාව වාසය කරන පුද්ගලයෙකු හට යහපත් සමාජ සම්බන්ධතා ඔස්සේ ඒ තත්ත්වයෙන් විදිය හැකිය.මෙහිදී

මිතුරු මිතුරියන් සමග එක්වී චාරිකා යාම.

අන්‍යයන්ට උපකාර කිරීම.

එකිනෙකාගේ ගැටලු හුවමාරු කර ගැනීම සහ විසඳුම් ලබාදීම.

විනෝදාත්මක ක්‍රියාකාරකම් හී නිරතවීම . ආදිය යහපත් සමාජ සම්බන්ධතා ඔස්සේ ලැබෙන්නා වූ ප්‍රතිලාභයන් වන අතර එමඟින් මානසික රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන්නා වූ පුද්ගලයින් හට යම් සහනයක් ලබා ගැනීමට අවස්ථාව උදාවේ.

 

මත්ද්‍රව්‍ය, දුම්වැටි, මත්පැන් ආදියෙන් වැලකීම.

මත්පැන්, මත්ද්‍රව්‍ය ආදිය කායික වශයෙන් පමණක් නොව මානසික වශයෙන් ද මානවයාට දැඩි බැලපෑම් එල්ල කරයි. ජීවිතයෙහි මුහුණ දීමට සිදුවන්නාවූ විවිධාකාරයේ ගැටලුකාරී, පීඩාකාරී තත්ත්වයන්ට මුහුණ දීම උදෙසා ඇතැම් පුද්ගලයින් මත්ද්‍රව්‍ය, මත්පැන්, දුම් වැටි  ආදිය භාවිතා කරයි.නමුත් ඉන් ලැබෙන්නා වූ ක්ෂණික තෘප්තිය අභිබවා යමින් සිදුවන්නා වූ හානිය අති මහත් ය. එපමණක් නොව මතක ශක්තිය හීන වීම, තීරණ ගැනීමේ හැකියාව අවම වීම, නින්දට බාධා ඇතිවීම, ඉච්ඡාභංගත්වය,  චිත්ත ඒකාග්‍රතාවය නොමැති වීම ආදී මානසික රෝගයන්හී රෝග ලක්ෂණ ඇති වේ. එබැවින් එවැනි හානිදායී ඇබ්බැහිවීම් වලින් තොරව කටයුතු කිරීමෙන් නීරෝගී මනසක හිමිකර ගැනීමට ඔබට හැකියාව ඇත.

ඖෂධීය ප්‍රතිකාරයන්ගෙන් පමණක් සුවය බලාපොරොත්තු නොවී ධනාත්මක, සෞඛ්‍යවත් චර්යා රටා ජීවිතයට එකතු කරගැනීමෙන් කාන්තා ඔබට මානසික සුවතාවයෙන් යුතුව වාසය කළ හැකිය.

 

(ජායාරූප අන්තර්ජාලය ඇසුරෙනි.)


එච්.කේ.එස්.නවෝදා හඳරාගම


මාධ්‍ය සාක්ෂරතාවය

වර්තමාන සමාජය තුළ අපගේ ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් බවට මාධ්‍ය පත්ව ඇත. රූපවාහිනිය, ගුවන්විදුලිය, පුවත්පත්, අන්තර්ජාලය, ෆේස්බුක්, වට්ස්ඇප්, යූට...