සෑම වසරකම ජනවාරි මස හතරවන දින ජාත්‍යන්තර බ්‍රේල් දිනය සමරනු ලැබේ.2018 වර්ෂයේ නොවැම්බර් මාසයේදී මුල් මුල්වරට බ්‍රේල් දිනය ප්‍රකාශයට පත්කොට ඇත. බ්‍රේල් ක්‍රමය සොයාගත් ලුවි බ්‍රේල් ගේ උපන්දිනේ යෙදී තිබෙන හෙයින් ජනවාරි හතර බ්‍රේල් දිනය නමින් නම් කරන ලදී. වර්ෂ 1809 දී උපත ලද ලුවි බ්‍රේල් උපතින්ම දෘශ්‍යාබාධිත පුද්ගලයෙකු නොවේ.නමුත් ඔහුට වයස අවුරුදු තුනේදී පමණ සිදුවූ අනතුරකින් එක් ඇසක් අන්ධභාවයට පත්විය.පසුකාලීනව සිම්පතටික් ඔප්තැල්මියා නම් රෝගී තත්ත්වය හේතුවෙන් ඔහුගේ අනිත් ඇසද අන්ධභාවයට පත්විය. හෙතෙම වයසින් වැඩෙත්ම අන්ධ දරුවන් උදෙසා අධ්‍යාපනය ලබා දෙන පාසලකට ඇතුළත් කරන ලදී.එම පාසලේදී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට පුංචි ලූවී බ්‍රේල් සමත් විය.පසුකාලීනව ඔහු සිදුකළ සොයා ගැනීමක ප්‍රතිඵලයක් වශයෙන් බ්‍රේල් ක්‍රමය නමින් දෘශ්‍යාබාධිතයන්ට ලිවීමට සහ කියවීමට හැකි සංඥා පද්ධතියක් ලෝකයට දායාද විය.
Confluence Of The Wisdom
The Confluence Of Wisdom Is Where Ideas Merge, Knowledge Flourishes.
Saturday, 3 January 2026
ජාත්‍යන්තර බ්‍රේල් දිනය- International braille day
Thursday, 1 January 2026
ෆෝබියා/ භීතිකාවක් යනු
ෆෝබියා/ භීතිකාවක් යනු
Saturday, 6 December 2025
PEN 3 ආකෘතිය
සෞඛ්‍ය සන්නිවේදනයේදී භාවිතයට ගැනෙන පෙන් ත්‍රී ආකෘතිය.
සංස්කෘතිය විසින් සෞඛ්‍යට සිදුකරන බලපෑම හඳුනා ගැනීම සඳහා මෙම ආකෘතිය යොදාගත හැකිය.වර්ෂ 1989 දී වෛද්‍ය කොලින්ස් අයිරිහෙන්බුවා (Dr.Collins.O.Airhihenbuwa) විසින් මෙම ආකෘතිය හඳුන්වා දෙන ලදී. මෙය ෞඛ්‍ය සේවකයින් විසින් බහුලව භාවිත කරන ආකෘතියකි. කිසියම් පුද්ගලයෙකුට නීරෝගී සෞඛ්‍ය සම්පන්න අයෙකුට කිරීමට නම් හුදෙක් එම පුද්ගලයා දෙස පමණක්ම බලා එය සිදුකළ නොහැකි බව මෙම ආකෘතිය මගින් පැහැදිලි වේ. පෙන් ත්‍රී ආකෘතියෙහි ප්‍රධාන කොටස් ත්‍රිත්වයකි. එනම්, සංස්කෘතික අනන්‍යතාවය, සබඳතා සහ අපේක්ෂාවන්, සංස්කෘතික සවිබල ගැන්වීම වේ. මෙම අංශ ත්‍රිත්වය යටතෙහි තවත් අංශ කිහිපයක් මෙම ආකෘතියෙහි විස්තර කෙරෙයි.
Read more.
https://www.researchgate.net/publication/398314530_Explaition_of_PEN_3_model
Tuesday, 2 December 2025
ධම්මපදයෙන් බිඳක්
Friday, 10 October 2025
අපේ දවස- ඔක්තෝම්බර් 11- ජාත්‍යන්තර ගැහැණු දරුවන්ගේ දිනය.2025
විවාහ නොවූ සියල්ලන්ම ගැහැණු දරුවන් වශයෙන් සැලකේ. ගැහැණු දරුවෙකු කියූ සැණින් අප සිතට නැගෙනුයේ විශාල වගකීමක් උරමත පැටවූවා වැනි හැඟීමකි. මන්දයත් ඇය සියුමැලි මලක් වැනියැයි ලියැවී තිබීමය. ඉතාමත් පහසුවෙන් තලා පෙළා විනාශ කර දැමීමට හැකිවීමය.එබැවින් ගැහැණු දරුවෙකු මෙලොව එළිය දුටු දා සිට දෙමාපියන් සිය දෑස මෙන් ඇයව ආරක්‍ෂා කරනුලබයි. මතු දිනෙක උතුම් වූ මව් පදවිය දරමින් මෙලොව ජීවය පවත්වාගෙන යාමේ මුල් පුරුක වන්නේද ඇයයි. එබැවින් ඇයට ගරු කරනුවස් සෑම වසරකම ඔක්තෝම්බර් මස 11 වන දින ජාත්‍යන්තර ගැහැණු දරුවන්ගේ දිනය සමරනු ලැබේ.මෙවර එහි තේමාව වනුයේ, "The girl I am, the change I lead: Girls on the frontlines of crisis" යන්න වේ.
එම දිනයේදී ලොව පුරා වෙසෙන ගැහැණු දරුවන්ගේ අයිතිවාසිකම්, ඔවුන්ට අත්විඳීමට සිදුවන පීඩාකාරී තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කිරීම, ගැහැණු දරුවන් සවි බලගැන්වීම,ඔවුනගේ ආරක්ෂාව වෙනුවෙන් හඬ නැගීම සිදුවේ. 2011 වසරෙහි නිව්යෝර්ක් නුවර පැවති කාන්තාවන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි පනස් පස් වැනි සභා වාරයේදී සම්මත වූ යෝජනාවකට අනුව සෑම වසරකම ඔක්තෝම්බර් 11 වන දින ජාත්‍යන්තර ගැහැණු ළමයින්ගේ දිනය සමරනු ලැබේ. 2012 වර්ෂයේදී ආරම්භ වූ මෙම සැමරීම අද දක්වාම අඛණ්ඩවම පවත්වාගෙන එනු ලැබේ.
මුල් කාලීනව සමාජයෙහි ගැහැණු දරුවෙකු ඉපදීම පවා සමාජයෙහි ගැහැණු දරුවෙකු ඉපදීම පවා ලෙස සැලකූ අතර උපතේදීම මරා දැමීමට කටයුතු කොට ඇත.ඇගේ නුවණ හැඳිමිටේ බවත් ඇයට උරුම මුළුතැන්ගේ බවත් ස්වාමියාගේ ලිංගික ආශාවන් තෘප්ත කිරීමට ලිංගික භාණ්ඩයක් වශයෙන් ඇය භාවිතා කළයුතු බවත් පැරැන්නන්ගේ මතය.
සමාජය ක්‍රම ක්‍රමයෙන් දියුණු වීමත් සමඟ ගැහැණු දරුවන් වෙනුවෙන් හඬ නැගීම උදෙසා කාන්තා පිරිමි දෙපාර්ශ්වයම විවිධ සංවිධාන පිහිටුවා ගන්නා ලදී. ඒ කෙසේ වුවද, ඔසප් දරිද්‍රතාවය,අන්තර්ජාලය හරහා සිඳුවන තාඩන පීඩන, සුන්නත්කරණය, සති පූජාව, පතිවත සෙවීම, කන්‍යාභාවය සෙවීම, දෑවැදී, බාල වයස්කාර විවාහ,සුන්නත්කරණය ආදී විවිධ හා වූ සමාජ සම්මතයන් ඔස්සේ ද ගැහැණු දරුවන් දැඩි ලෙස පීඩාවට පත්වේ. මෙතරම් දියුණු සමාජයක් තුළ වුවද එවැනි හණමිටි අදහස් හේතුවෙන් හුදෙක් ගැහැණු දරුවන් පමණක් පීඩාවට පත්වීම දැඩි අසාධාරණ තත්ත්වයකි. මේ පිළිබඳව ගෝලීය වශයෙන් සාකච්ඡා කිරීම ඉතාමත් වැදගත් වේ.නමුත් එය එක් දිනකට පමණක් සීමා නොවිය යුතු කාරණාවක් බව පැවසිය යුතුමය.
මේ ආකාරයට විවිධ සමාජ සංස්කෘතික සාධක හේතුවෙන් ගැහැණු දරුවන් තාඩන පීඩනවලට ලක්වීම බටහිර සහ පෙරදිග යන භේදයකින් තොරව ලෝකය පුරාම සිදුවන බව පැහැදිලි වේ. ගැහැණු දරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ කතාබහ කිරීමට විවිධ ක්‍රියාකාරී සංවිධානය සහ පුද්ගලයින් කටයුතු කොට ඇත. නමුත් ගැහැණු දරුවන්ට සිදුවන අකටයුතුකම් හි අඩුවක්නම් දක්නට නොමැත.එබැවින් එක් දිනකට පමණක් සීමා නොවී වසරේ දින 365 පුරාවටම සක්‍රීය ලෙස ක්‍රියාත්මක වන වැඩ පිළිවෙලක් බවට පත් කිරීම අප සියල්ලන්ගේ වගකීමකි.
එච්.කේ.එස්.නවෝදා හඳරාගම
Sunday, 5 October 2025
ලෝක ගුරු දිනය 2025
සෑම වසරකම සමස්ත දිසාපාමොක් පරපුර වන්දනීයත්වයට පත් කිරීම උදෙසා ලෝක ගුරු දිනය ඔක්තෝම්බර් මස 06 වන දින සමරනු ලැබේ. ලෝක ගුරු දිනය ලෝකයට හඳුන්වා දුන් පුද්ගලයා වනුයේ ශ්‍රී ලාංකිකයකු වන එම්.පී.මෙන්ඩිස් මහතා විසිනි.ඒ 1990 අගෝස්තු 06 වැනිදා මධ්‍යම ඇමරිකාවේ කොස්ටාරිකා රාජ්‍යයේ සැන්ජොසේ නගරයේ කොරබිස් හෝටල ශාලාවෙහි පැවැත් වූ ලෝක ගුරු සංගම් සම්මේලනයේදී ය.
විවිධ රටවල මෙම දිනය සැමරීම් දිනයක් ලෙස විවිධ වුවද ශ්‍රී ලංකාවේ ඔක්තෝබර් 06 වනදා ලෝක ගුරු දිනය සමරනු ලැබේ. මෙවර ලෝක ගුරු දිනයේ තේමාව වනුයේ ඉගැන්වීම සහයෝගී වෘත්තියක් ලෙස නැවත සකස්කිරීම යන්නයි.
ගරු කිරීමට සුදුසු තැනැත්තා ගුරුවරයා වන අතර සිය ගෞරවාන්විත සේවාව හේතුවෙන් සමාජයේ වන්දනීයත්වයටද පත්වන එකම තැනැත්තාද ගුරුවරයා ද වේ.සෑම ප්‍රශස්ත ගුරුවරයෙකුගේම අරමුණ වන්නේ තමා තරුවක් නම් තම සිසුවා සූර්‍යයා මෙන් බබළනු දැකීමයි. සිගාලෝවාද සූත්‍රයට අනුව ගුරුවරයා සෑම විටම,
ශිෂ්‍යයා මනා හික්මවීමක් තුළ පුහුණු කරයි. මනාකොට ගනු ලැබූවක් සෙයින් ක්‍රමානුකූලව ශිල්ප උගන්වයි.
තමා අසා දැන තිබෙන සියලු ශිල්ප මැනවින් කියා දෙයි.
තම මිතුරන් හට ශිෂ්‍යයාව හඳුන්වා දෙයි. සියලු දිශාවන්හි ආරක්ෂාව සපයයි.
එබදු උදාර උතුම් වූ චින්තනයකින් පිරිපුන්ව සිය සේවාව සිදු කරන එකම වෘත්තිකයාද ගුරුවරයා පමණි.
මෙබඳු උදාර ගතිගුණ ඇති දිසාපාමුක් පරපුර උදෙසා එක් දිනක් පමණක් වෙන් කළ නොහැකිය. වසරෙහි දින 365 පුරාවටම ගුරු බැතියෙන් ඔවුන් පිදීමට කටයුතු කිරීම ඔවුනගෙන් සිප් උගත් අප සැමගේ පරම යුතුකමකි.
එච්.කේ.එස්.නවෝදා හඳරාගම.
මූලාශ්‍ර: මව්බිම පුවත්පත,මහාමේඝ පුවත්පත
Tuesday, 30 September 2025
මාර්ග අනතුරු
අනතුරු වළකමු - ජීවිත සුරකිමු
මේ දිනවල සුලභව කතිකාවතට ලක්වන්නා වූ මාතෘකාවක් වශයෙන් මාර්ග අනතුරු හැඳින්විය හැකිය.ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මාර්ග ආරක්‍ෂාව ගෝලීය මට්ටමේ ගැටලුවක් බවට පත්වී ඇත. ශ්‍රී ලංකා පොලිසියට අනුව දිනකට ශ්‍රී ලංකාව තුළ මාර්ග අනතුරු 64 ක් පමණ සිදුවේ. එසේම ශ්‍රී ලංකාවෙහි රිය අනතුරු හේතුවෙන් සෑම පැය හතරකට වරක්ම ජීවිතයක් අහිමි වේ. රිය අනතුරු හේතුවෙන් වසරකට ජීවිත විශාල ප්‍රමාණයක් අහිමිවන බව සමීක්ෂණයන්ගෙන් තහවුරු වී ඇත.ඒ බව මෑතකදී අසන්නට දකින්නට ලැබුණු සිදුවීම් වලින්ද පැහැදිලි වේ. කොතෙක් මාර්ග අනතුරු සිදු වුවද ඒවා පාලනය කිරීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් නොමැතිවීම දුර්වලතාවයකි.එබැවින් මාර්ග අනතුරු වැළැක්වීමට පහත ක්‍රියාමාර්ග ගත හැකිය.
ධාවනයට එක් වන්නා වූ රථ වාහන තරමට මාර්ග පුළුල් කිරීම, ප්‍රමිතියකින් යුතු මාර්ග ඉදි කිරීම, මාර්ගවලට ඔරොත්තු දෙන්නා වූ වාහන ධාවනය කිරීම, විනයානුකූල රථ වාහන ධාවනයක් රියදුරන්ට හඳුන්වාදීම, මහා මාර්ග නීති දැඩි කිරීම, රථ වාහන අනතුරු ආශ්‍රිත අධ්‍යානයන් සිදුකොට වාර්තා ඉදිරිපත් කිරීම, මහා මාර්ග නඩත්තුව පිළිබඳව අවධානය යොමු කිරීම ඒ අතරින් ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයකි.
රජය පමණක් නොව පදිකයින් සහ රියදුරන් වන අපත් මේ පිළිබඳව අවධානය යොමු කොට මාර්ග අනතුරු අවම කර ගැනීමට කටයුතු කළ යුතුය.
එච්.කේ.එස්.නවෝදා හඳරාගම
ජාත්‍යන්තර බ්‍රේල් දිනය- International braille day
සෑම වසරකම ජනවාරි මස හතරවන දින ජාත්‍යන්තර බ්‍රේල් දිනය සමරනු ලැබේ.2018 වර්ෂයේ නොවැම්බර් මාසයේදී මුල් මුල්වරට බ්‍රේල් දිනය ප්‍රකාශයට පත්කොට ඇත...
-
Think Positive: A Guide to Transforming Your Mindset The power of positive thinking is undeniable. It shapes how we view the world, respo...
-
Today, the way we talk to each other has changed a lot. Emojis, those little pictures we add to texts and posts, have become a big part of h...
-
ලෙප්ටොස්පයිරෝසිස් ( මී උණ) මීට වසර සියයකට පමණ පෙර ජපානයෙහි හා යුරෝපයෙහි විසූ කම්කරුවන් අතර මානව සිඩ්‍රෝමය වේල්ස් නමින් රෝගී ත...
.jpeg)
.jpeg)
.jpeg)